Breaking
24 Feb 2025, Mon

මහා මැතිවරණ කතා සමග වයඹ අළු යට ගිනි …

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එළඹෙන මහ මැතිවරණයේදී තරඟ කිරීම ප්‍රකාශ  කිරීමත් සමග කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන කැළඹීමක් ඇතිවී තිබේ.  එයින් වැඩිපුරම කලබලයට පත්වී ඇත්තේ  ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස් බී. නාවින්න සහ හිටපු අමාත්‍යවරුන් වන  ජයරත්න හේරත් සහ සාලින්ද දිසානායක යන අයය. ඉදිරි මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වයඹ පළාත් සභාව නියෝජනය කරන දයාසිරි ජයසේකර, ඩී,බි හේරත් ඇතුළු කිහිපදෙනෙක් ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කිරීමට නියමිතය. මෙම කරුණු මුල්කරගනිමින්  ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නාවින්න මහතා ඔවුන්ට එරෙහිව කටයුතු කිරීම නිල නොවන මට්ටමින් ආරම්භ කර තිබේ. එහි පළමු රහස් සාකච්ඡාවක් පසුගියදා සාලින්ද දිසානායකගේ කුරුණෑගල පිහිටි නිවසේ පැවැත්විණි.  රාත්‍රියේ ඉතා රහසිගතව පැවති එම සාකච්ඡාවට එස් බී නාවින්න, ජයරත්න හේරත් පැමිණ තිබේ. එහිදී නාවින්න අමාත්‍යවරයා පවසා ඇත්තේ දයසිරිව අපි පළාත් සභාවට ඇරියේ ඒකෙ වැඩ කරන්න. එයා දැන් ඡන්දේ ඉල්ලන්න යනවා. එහෙම කටයුතු කරන්න බැහැ යනුවෙනි. ඒ විතරක් නෙමෙයි ඩී. බී ත් ඡන්දෙට එන්න යන්නේ එයාට වාරියපොළ හොඳ පදනමක් නෑ. එයා ආවොත් මටත් අවාසියක් වෙනවා .මෙව්වා මෙහෙම වුනොත් ඉදිරියට ගැටළු මතුවෙනවා.මේකට අපි මොකක්හරි කරන්න ඕනේ යනුවෙන් නාවින්න හිටපු අමාත්‍යවරයා පවසා ඇත. ජයරත්න හේරත් සහ සාලින්ද යන දේපල කිසිවක් නොකියා නාවින්නගේ කතාවට සවන්දීගෙන සිට ඇත.

පසුදා එස්. බී නාවින්න අමාත්‍යවරයා ඔහුට හිතවත් පළාත් සභා මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට දුරකතනයෙන් කතාකර ඔහුගේ පෞද්ගලික මතය ප්‍රකාශ කර ඇත. එහිදී මන්ත්‍රීවරුන් විමසා ඇත්තේ සර්, මහ ඇමතිතුමා අපි කියපු වැඩ කරලා දීලා තියනවා, සහයෝගයෙන් වැඩ කරනවා. හැමකෙනෙකුටම සමානව සලකනවා යනුවෙනි.එහිදී නාවින්න අමාත්‍යවරයා පවසා ඇත්තේ, එව්වා හරි . ඔයාලා ඉස්සරහට මම කියන විදියට වැඩකරන්නකෝ යනුවෙනි.

හිටපු අමාත්‍ය අතුල විජේසිංහ මෙම ආරවුල් අස්සේ වයඹ මහ ඇමතිවීමට අවශ්‍ය සැලසුම් සකස්කරමින් සිටි. ඔහු පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම හමුවී ලිපි දෙකකට අත්සන් ගැනීමට උත්සහ කර තිබේ . එහි එක් ලිපියක සඳහන්ව ඇත්තේ වයඹ ප්‍රධාන ඇමති දයාසිරි ජයසේකර මහතා ඉවත්කලයුතුය යන්නය. අනෙක් ලිපියේ සඳහන්ව ඇත්තේ නව මහ ඇමතිවරයා විදියට හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා පත්කළ යුතුය යන්නය. මෙම ලිපි  සඳහා පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ගැනීමට ෆයිල් එකක් කිහිලි ගන්වාගෙන මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට යාම අරඹා ඇත. මේ වන  විට ඔහු මන්ත්‍රීවරුන් 4 දෙනෙකු මුණගැසී ඇත. ඉන් එක් මන්ත්‍රිවරයෙකුවත් එක ලිපියකටවත් අත්සන් කර නොමැත. එම අත්සන් ගැනීමට යාමේදී අතුල විජේසිංහ මන්ත්‍රීවරයා එම මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ දයාසිරි යු. එන්. පී එකට  යන්න යන්නේ එයා . එයා යු.එන්. පී එකත් එක්ක එකතුවෙලා පළාත් සභාව ගෙනියන්න යන්නේ. දයාසිරිට එහෙම වැඩකරන්න දෙන්න බෑ. ඒ නිසා අපි දයසිරිව එලවන්න ඕනේ යනුවෙනි.

මෙම තොරතුරු ආරංචි වීමෙන් පසු දයාසිරි ජයසේකර අමාත්‍යවරයා අතුල විජේසිංහ මන්ත්‍රීවරයාට දුරකතනයෙන් කතාකර තිබේ. එහිදී දයාසිරි අමාත්‍යවරයා පවසා ඇත්තේ මට ආරංචියි ඔයා ෆයිල් වගයක් අරගෙන ගිහින් මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ගන්න යනවා කියලා. මාව මහ ඇමතිකමෙන් අයින් කරන්න කියලා. මම යු.එන්. පී එකට යනවා කියලා තියනවා. එවිට අතුල මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, පිස්සුද මම එහෙම එකක් කීවෙත් නෑ . කරෙත් නෑ. වයඹ පළාත් සභාව සංධාන පළාත් සභාවක්. ඒක හදන්න මූලික වුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ජන මතය තියෙන්නේ සංධානයට. ජන මතයට එරෙහි වෙන්න කාටවත් බෑ. මම වැඩ කරන්නේ ජන මතයත් එක්ක.ඔයාට ප්‍රශ්නයක් තියනවනම් ගෘප් එකට ඇවිල්ලා මන්ත්‍රීවරු ඉස්සරහා කතාකරන්න. එතකොට ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් යැයි ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා තිබේ.

අනේ මචං මට එන්න වෙන්නේ නෑ. මම ලියුම් අත්සන් කලෙත් නෑ. ඔයා කලබල වෙන්න එපා යනුවෙන් එහිදී අතුල මන්ත්‍රීවරයා දයාසිරි ප්‍රධාන අමාත්‍යවරයාට පවසා ඇත.

නෑ නෑ මම කලබල නෑ. හැබැයි කුමන්ත්‍රණ කාරයන්ට කුමන්ත්‍රණ කරලා ජන මතය විනාස කරන්න ඉඩදෙන්න බෑ. මම ඉදිරියේදී පැහැදිළිවම මේ කුමන්ත්‍රණ කරුවෝ කවුද කියලා හෙළි කරනවා. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට කියනවා කවුද ඇත්ත කුමන්ත්‍රණ කාරයෝ කියලා. එතකොට බලාගන්න පුළුවන් දයාසිරිද යු.එන්. පී එකට බලය අරන්දෙන්න කුමන්ත්‍රණ කලේ . එහෙම නැත්නම් අනිත් කට්ටියද කියලා. මම ඒගොල්ලන්ට ඉදිරියේදී හොඳ පාඩමක් කියලා දෙනවා යනුවෙන් එහිදී පවසා ඇත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.