Breaking
23 Feb 2025, Sun

එජාප පීඩනය උග්‍ර අතට -රනිල් එලවා එජාප නායකත්වය කරු ජයසූරියට දීමට සූදානමක්!

නොසිතු ලෙස මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරිමත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉතා සුක්ෂම ලෙස මැතිවරණ වයාපාරය මෙහෙය විමත්, රටේ ජනතාවගෙන් සියයට 60කටත් වඩා මහින්ද රාජපක්ෂ මහතාව රටේ ජනතාව පිළිගන්නා බව තමන්ගේම බුද්ධි අංශ අනාවරණය කිරිමත් සමග 2010 වසරේදී ඇනගත් ආකාරයටම යලිත් එක්සත් ජාතික පක්ෂ හොම්බෙන් යන්නට ඇනගෙන ඇති බව දැන ගත් එජාප ප්‍රභලයන් දැඩි මානසික පීඩනයට ලක්ව සිටින අතර සුපුරුදු පක්ෂ නායකත්වය වෙනස් කිරිමේ කුමන්ත්‍රණය මේ වනවිට ආරම්භ කර තිබේ.

30 වතාවක් එක්සත් ජාතික පක්ෂය පරාජය කරා මෙහෙයවූ රනිල් වික්‍රමසිංහට ඉදිරි මහ මැතිවරණයේදීත් එජාපය ජයග්‍රහණය කරවීමට නොහැකි බව එජාපයේ බහුතරයක් පාක්ෂිකයින්ගේ අදහස වී තිබේ.ඊට හේතු වී ඇත්තේ, රනිල් වික්‍රමසිංහට සිංහල බෞද්ධ ජනතාවගෙන් බහුතරයක් අකමැති වීම, පසුගිය දින 100 වැඩපිළිවෙළ අසාර්ථක බවත් එහි වගකීම රනිල් වික්‍රමසිංහ දැරිය යුතු බවටත් පාක්ෂිකයින් කල්පනා කිරීම සහ එජාපයේ එක්තරා පැළැන්තියක් පමණක් රනිල් වික්‍රමසිංහ විසින් පෝෂණය කර අනෙක් අයව නොසලකා හැරීමයි.

ඒ අනුව එජාපයේ රනිල්ට එරෙහි බහුතරයක් සාමාජිකයින්ව සිරිකොතට කැඳවා කරු ජයසූරිය ව එජාප නායකත්වයට පත් කරවීමටත්, එජාපයට තරුණයින්ව ආකර්ශනය කරගැනීම සඳහා හරීන් ප්‍රනාන්දු ට එජාප නියෝජ්‍ය නායක කම ලබා දීමටත් සැලසුම් සකස් වී ඇත.ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස ව ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා කරවීම සහ ඉන් පසුව ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුව ජනාධිපති අපේක්ෂකයා කිරීම මෙම සැලසුමේ මුඛ්‍ය පරමාර්ථයයි.

එජාපයේ මෙම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට මූලිකත්වය ගන්නා 11 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම මෙලෙසයි.

1. සුජීව සේනසිංහ
2. සජිත් ප්‍රේමදාස
3. කරු ජයසූරිය
4. බුද්ධික පතිරණ
5. හරීන් ප්‍රනාන්දු
6. තිස්ස අත්තනායක
7. රෝසි සේනානායක
8. මෛත්‍රී ගුණතිලක
9. ශිරාල් ලක්තිලක
10. තලතා අතුකෝරාල
11. රංජිත් මද්දුමබණ්ඩාර

වර්තමානයේ එජාපය රාජ්‍ය බලය ලබාගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ගේ දක්ෂතාවය නිසා නොව පොදු අපේක්ෂක භූමිකාව වටා සියලුම මහින්ද විරෝධීන්ව රැස් කරවීමට හැකි වීමෙනි. නමුත් ඉදිරි මහ මැතිවරණයේ එක් එක් පක්ෂ තනි තනිව සටන් වදින හෙයින් එජාපයට මැතිවරණ ජයග්‍රහණය තීරණාත්මක වී ඇත.මීට පෙරද අවස්ථා කිහිපයකදීම එජාප නායකත්වය වෙනස් කිරීමට උත්සාහ ගත්තද එය අසාර්ථක විය. 

එහි තීරණාත්මක අවස්ථාවක් වූයේ 2011 දෙසැම්බරයේදී පැවැති එජාප නායකත්ව  සටනයි. එහිදී රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්ද 42 ක් ලබා ජයග්‍රහණය කළේය. එවකටද ඔහුගේ ප්‍රතිවාදියා වූ කරු ජයසූරිය ලබා ගත්තේ ඡන්ද 26 ක් පමණි. කරුට එජාප කෘත්‍යාධීකාරී මණ්ඩල සාමාජිකත්වය ද අහිමි විය.

එහිදී නි‍යෝජ්‍ය නායකත්ව සටනේදී එජාපයේ ජනප‍්‍රිය තරුවක් වු දයාසිරි ජයසේකර නැගෙනහිර පළාත් සභාවේ විපක්‍ෂ නායක හා ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වන දයා ගමගේට වඩා ඡුන්ද 20කින් පරාජයට පත් වෙමින් උල්කාපාතයක් සේ කඩා වැටුණේය. ප්‍රතිඵලය වූයේ දයාසිරි ජයසේකර, මහින්ද රාජපක්ෂ මහතා ළඟ නැවතීමයි.රනිල් වික්‍රමසිංහ එක් එක් සභිකයාට එල්ල කළ පීඩනය හේතුවෙන් පක්ෂයේ උන්නතිය වෙනුවට එම පුද්ගලයන්ගේ දේශපාලන ඉදිරි ක්‍රියාමාර්ග තකා ඡන්දය දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එජාපයේ සැබෑ දක්ෂයන් පක්ෂයට අහිමි විය.

ප්‍රතිඵලය වූයේ එජාප කැරළි කණ්ඩායම වරින් වර සිරිකොතට පවා ගල් ගසමින් තම පීඩනය එල්ල කිරීමත්, ඔවුන්ට අවස්ථාවක් එන තුරු කුරුමානම් ඇල්ලීමයි. ඉදිරි මහ මැතිවරණය පොදු අපේක්ෂක සළුවෙන් වසාගැනීමට නොහැකි නිසා එජාපයේ නායකත්වය වෙනස් වීම වැළැක්වීමට නොහැක්කකි.

විශේෂ ස්තූතිය ලංකා කුවික් 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.