Breaking
23 Feb 2025, Sun

එජාප මැතිවරණ සටන චකබ්ලාස් වේ-මලික්ට,කරුට සජිත්ගෙන් දොස්මුරේ

එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සටන මෙහෙයැවීමේ බලය එජාප නියෝජ්‍ය නායක සහ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය සහ එජාප සභාපති මලික් සමරවික්‍රම ඇතුලු කණ්ඩායමට ලබාදිම හේතුවේන් පක්ෂය තුල අර්බුදයක් හටගෙන තිබේන බව එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

ඊයේ රාත්‍රීයේ රනිල් හමුවු සජිත් ඇතුලු කණ්ඩායම මලික් සමරවික්‍රම නාමයොජනා කමිටුව සදහා තමන්ගේ කැමැත්ත පරිදි කණ්ඩායම් ඇතුල් කිරිමට කටයුතු කරන බවට චොදනා කර තිබේ.මලික් අවස්ථාවාදියෙකු ලෙස කටයුතු කරන බවත් පක්ෂ නායකත්ව අර්බුදය සමයේ තමන්ට සහ තමන්ගේ කණ්ඩායමේ අනිත් පුද්ගලයන්ට සැලකු ආකාරයද සජිත් මතක් කර තිබේ.සියල්ලටම වඩා මලික් යනු පක්ෂයේ අංක එකේ ඩීල් කාරයෙක් බවත් අන්තිමට ඩීල් කාරයන් පක්ෂය විකුණා අලියා මකා දමනු ඇති බවටද සජිත් චොදනා කර තිබේ.

කරු ජයසුරිය සම්බන්ධයෙන් ද සජිත් පිලේ කණ්ඩායම සිය අප්‍රසාදය පලකර ඇති අතර “පක්ෂ මාරුකරන මිනිසුන්ට පක්ෂ දිනවන්න බෑ..” යනුවෙන් නොක්කාඩු කියා තිබේ. 

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතා පත්කරන්නට ඒ.ජා.ප . නායකයන් එකඟවූ බවට පැතිර යන ආරංචියත් සමඟ සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන කණ්ඩායම කරු ජයසූරිය මහතා  වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නටද කටයුතු කළා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.