Breaking
24 Feb 2025, Mon

පක්ෂය පාවා දුන්නු එකාට මෙකත් කජ්ජක්ද?

මෛත්‍රීපාල සිරිසේන යනු රටේ ජනතාව ගැන හෝ යහපාලනය ගැන හෝ හිතන්නෙකු නොව රැට ආප්ප කා එකක් කියා උදේට තව එකක් කරන එකෙකු බව යලි යලිත් ඔප්පු කර තිබේ.රටේ යහපාලනය වෙනුවෙන් කැපවෙන බව පවසමින් රටේ ජනතාව රැවටු මෛත්‍රී මෙදා පාර ජනතාවගේ බඩටම පහරදි තිබේ.

තමන් යනු පාවා දෙන්නෙකු බවත් රටේ ජනතාවට කියා ඇත්තේ අමුලික බොරු බවත් අඩුම තරමින් දින 100ක් රැක ගැනිමට නොහැකි විම තුල ජනවාරි 8 වැනිදා තමන් ගත් තිරණය සම්පුරණයෙන්ම වැරදි එකක් බව දැන් තහවුරු වි තිබේ.

තමන්ගේ පළමු අමාත්‍ය මණ්ඩලය ලෙස 25ක් පත්කරන බවට ජනතාවට බොරු දෙසා ඇමති මණ්ඩලය 45ක් පත්කර ගත් අතර අද වන විට එම් ගණන 71 එකද ඉක්මවා තිබේ.රනිල් වික්‍රමසිංහගේ සහ චන්ද්‍රිකා කියින ඔනෑම නාඩගමක් නටන්නට තමන් දෙවරක් නොසිතන බව අද යලිත් මෛත්‍රීපාල ඔප්පුකර හමාරය.

මිට දින 5කට පමණ පෙර උතුරේ සංචාරයක නිරත වෙමින් සිටියදි අප විශේෂ වාර්තාකරුවෙකුට ද්‍රවිධ සන්ධානයේ ප්‍රශ්ණ වැලකටම මුහුණ දි සිටින සුමන්තිරන් මුණගැසී තිබේ.එවිට අප වර්තාකරු විමසා ඇත්තේ උතුරට ස්වයං පාලනයක් ලබාදිම ගැන මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඔබ පක්ෂයට ලබාදුන් සහතිකය ගැණ ඔබට විස්වාසයක් පවතිද යන්නයි.එවිට සුමන්තිරන් අප වාර්තාකරුගෙන් විමසා ඇත්තේ ඔබ එසේ සිතන්නේ මන්ද යන්නයි.

සුමන්තිරන් – ඇයි ඔබ එම එකඟතාවය ගැන සැක කරන්නේ….

LNW R – නෑ…කොහොම උනත් එක රට පාවා දෙන තත්ත්වයක් ලෙස රටේ ජනතාව දකින නිසා මෛත්‍රීද එහෙම හිතන්න පුලුවන්…..

සුමන්තිරන් – නෑ…ඔබට වැරදිලා ,….එක එහේම වෙන්නේ නෑ ..අනික අවුරුදු ගාණක් දේශපාලනය කල පක්ෂ එක රැයින් පාවා දුන්න කෙනෙකුට මෙක ලෝකු දෙයක් නෙවේ…

ඔන්න දෙමළ ජනතාව රටේ නායකයා ගැන හිතාගෙන ඉන්නා තරමය.

පහත දැක්වෙන්නේ යහපාලන ඇමති මණ්ඩලයයි…..සැබෑවටම යහපාලනයක් අවශ්‍ය නම් මේ සියලුදෙනාම හදුනා ගැනිම අතිශය වැදගත් වේ.

ඇමති මණ්ඩලය 

රනිල් වික‍්‍රමසිංහ – අගමැති, ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන
ජෝන් අමරතුංග – මහජන සාමය හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු
ජෝෂප් මයිකල් පෙරේරා – ස්වදේශ කටයුතු
ගාමිණී ජයවික‍්‍රම පෙරේරා – ආහාර හා කාර්ය සුරක්‍ෂිතතා
මංගල සමරවීර – විදේශ කටයුතු
කරු ජයසුරිය – බුද්ධ ශාසන
ලක්‍ෂමන් කිරඇල්ල – වැවිලි කර්මාන්ත
රවි කරුණානායක – මුදල්
රවුෆ් හකීම් – නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවාහන
පාඨලී චම්පික රණවක – විදුලිබල හා බලශක්ති
රාජිත සේනාරත්න – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
දුමින්ද දිසානායක – වාරිමාර්ග
කබීර් හෂීම් – මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන
එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන – ඉඩම්
සජිත් පේ‍්‍රමදාස – නිවාස හා සමෘද්ධි
විජේදාස රාජපක්‍ෂ – අධිකරණ
ගයන්ත කරුණාතිලක – ජනමාධ්‍ය
නවීන් දිසානායක – සංචාරක
අර්ජුන රණතුංග – වරාය හා නාවික
රිෂාඞ් බදුර්දීන් – කර්මාන්ත හා වාණිජ
පලනි දිගම්බරන් – වතු යටිතල පහසුකම්
ඞී.එම්. ස්වාමිනාදන් – නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු
අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන
තලතා අතුකෝරල – විදේශ රැකියා
රන්ජිත් මද්දුම බණ්ඩාර – අභ්‍යන්තර ප‍්‍රවාහන
පී. හැරිසන් –  සමාජ සේවා හා සුභසාධන
චන්ද්‍රානි බණ්ඩාර – කාන්තා කටයුතු
ෆීලික්ස් පෙරේරා – විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
සරත් අමුණුගම – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය
මහින්ද අමරවීර – ධීවර අමාත්‍ය
මහින්ද යාපා අබේවර්ධන – පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
රෙජිනෝල්ඩ් කුරේ – සිවිල් ගුවන් සේවා අමාත්‍ය
ඒ.එච්.එම්. ෆවුසි – ආපදා කළමනාකරණ අමාත්‍ය
එස්.බී. නාවින්න  – කම්කරු අමාත්‍ය
එස්.බී.දිසානායක – ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන් – පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා – වාරිමාර්ග අමාත්‍ය
පියසේන ගමගේ – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය

රාජ්‍ය ඇමැතිවරු

පවිත්‍රා වන්නිආරච්චි  – පරිසර
ජීවන් කුමාරතුංග – කම්කරු
මහින්ද සමරසිංහ – මුදල්
සී.බී. රත්නායක – රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතාන්ත්‍රිය පාලනය
ඩිලාන් පෙරේරා – නිවාස හා සමෘද්ධි
නන්දිමිත‍්‍ර ඒකනායක – සංස්කෘතික කලා කටයුතු
රාධක‍්‍රිෂ්නන් –
ෆයිසර් මුස්තාපා –
පාලිත රංගෙ බණ්ඩාර – විදුලිබල හා බලශක්ති
දිලිප් වෙදආරච්චි – ධීවර
රෝසි සේනානායක – ළමා කටයුතු
රජීව විජේසිංහ – උසස් අධ්‍යාපන
රුවන් විජේවර්ධන – ආරක්‍ෂක
කේ. වේලායුදන් – පේෂ කර්මාන්ත
නිරෝෂන් පෙරේරා – තරුණ කටයුතු

නියෝජ්‍ය ඇමතිවරුන්

චම්පික පේ‍්‍රමදාස – කර්මාන්ත හා වාණිජ
හර්ෂද සිල්වා – ප‍්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික
එරාන් වික‍්‍රමරත්න – මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන
සුජීව සේනසිංහ – අධිකරණ
වසන්ත සේනානායක – සංචාරක
විජේකලා මහේෂ්වරන් – කාන්තා කටයුතු
අජිත් පී. පෙරේරා – විදේශ කටයුතු
අනෝමා ගමගේ – වාරිමාර්ග
තිස්ස කරල්ලියද්ද – බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය
දයාශ්‍රීත තිසේරා – ධීවර කටයුතු
රංජිත් සියඹලාපිටිය – ස්වදේශ කටයුතු
ලක්ෂ්මන් සෙනෙවිරත්න – ආපදා කළමනාකරණ
ලක්ෂ්මන් යාපා අබේවර්ධන – සිවිල් ගුවන් සේවා
ලලිත් දිසානායක – වාරිමාර්ග
ජගත් පුෂ්පකුමාර – වැවිලි කර්මාන්ත
ලසන්ත අලගියවන්න – ග්‍රාමීය ආර්ථික කටයුතු
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – උසස් අධ්‍යාපන
ශාන්ත බණ්ඩාර – ජනමාධ්‍ය

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.