Breaking
23 Feb 2025, Sun

මොකක් හරි පටලවලා අපි කොටුකර ගන්න එක තමයි වික‍්‍රමසිංහගේ ආශාව

තම බිරිඳගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ප‍්‍රශ්නකර සිටියේ තමන් ඇමතිවරයකු වීමට පෙර මිලදී ගත් ඉඩමක් පිළිබඳව බවත් කුමක් හෝ වරදක් පටලවා තමන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

අද(04) දින විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කොල්ලූපිටියේ කාල්විල් පෙදෙසේ පිහිටි මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණි. උදෑසන 9.30ට ප‍්‍රශ්න කිරීම් ඇරඹුණු අතර එය අවසන් වූයේ සවස 3.30ට පමණය. ප‍්‍රශ්න කිරීම් අවසන් කිරීමෙන් පසු මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ශෂී වීරවංශ මහත්මිය සමග පිටව යන මොහොතේ එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

‘‘මම ඇමතිවරයකු ලෙස මුදල් උපයලා දේපළ එක් රැස් කරලා තියෙනවාද, ඉඩම් මිලදී ගෙන තියෙනවාද කියලා බලන්න මගේ බිරිඳට අද මේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබුණා. අදාළ ඉඩම් මම ඇමතිවරයකු වීමට පෙර අරගත්තු ඒවා. මම ඇමතිවරයකු වීමට පෙර ගත්තු එකක් පදනම් කරගෙන අහනවා, ‘ඇමතිවරයකු වෙලා අයථා ධනය උපයලාද මේවා මිලදී ගත්තේ?’ කියලා. මේක තමයි ඇත්ත කතාව.

අද ඕනේ මොකක් හරි පටලවලා කොහොමද අපි කොටු කරන්නේ කියලා බලන්න. ඒක තමයි වික‍්‍රමසිංහ මහත්තයාගේ ආශාව. ඒ ආශාව සන්තර්පණයකර දෙන්න බොහෝ දෙනා උත්සාහ කරනවා. අපි ඒවාට නොබියව මුහුණ දෙනවා. මේ පැමිණිල්ල ගොනුකර ඇත්තේ, ‘දූෂණ මර්දන කමිටුව’ කියලා අගමැතිතුමා පත් කරලා තිබෙන කමිටුවකින්. ඒ කමිටුවේ අනුර දිසානායක මහත්තයාගේ නියෝජිතයකුත් ඉන්නවා.’’
ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා,

‘‘ප‍්‍රශ්නය:- අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේ කටයුතු සිදු වෙනවාද?

පිළිතුර:- අද විශ්වාසභංගය අනිවාර්යෙන්ම භාරදීමට නියමිතව තිබුණා. ඉතාම පැහැදිලිිව අපි අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය භාර දෙනවා පමණක් නොවෙයි, එය ජයග‍්‍රහණය කරන්නත් සූදානමින් සිටිනවා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-06-04

(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = “//connect.facebook.net/en_US/sdk.js#xfbml=1&version=v2.3”; fjs.parentNode.insertBefore(js, fjs);}(document, ‘script’, ‘facebook-jssdk’));


ශෂී වීරවංශ මහත්මිය FCIDයට කැදවයිරනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආශාවට විමල්ගේ පිළිතුර
Posted by Wimal weerawansa on Thursday, June 4, 2015

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.