Breaking
23 Feb 2025, Sun

සන්නස්ගල ඇඳගෙන නා ජනපති ඇන්දවීම

ඒ ජනාධිපති නැති කළේ වටේ හිටපු වන්දිභට්ඨ නලාකරුවෝය, උන් ජනපති මහරජානෝ කළේය, බුදු හාන්දුරුවන්ගේ පරපුරේ කෙනෙක් කළේය, දුටුගැමුණුගේ නෑයෙක් කළෙය. ජනමූල නායකයෙක් කළේය. ඉන් පසු නළුවෙක් කළේය. අන්තීමට සීතාම්බර සළුවද අන්දවා රජ්ජුරුවෝ හෙලුවෙන් යවා, උන් රජවරු උනේය. රජ්ජුරුවෝ අමු හෙළුවෙන් පිස්සු කෙලියේය.

අපි කෑ ගහලා, ලොක්කා ඔයා ඉන්නේ අමු හෙලිවැල්ලෙන් කිව්වත්, ඒවා එයාට ඇහුනේ නැතිය. සාටකේ කරේ දාගෙන අමු හෙළුවෙන් 18 සන්නිය නැටුවාම. මළ පෙරේතයන්, ගෙවලයන්, කුම්බාඩයන්, මහසෝනුන්, රීරී යකුන් ඉතරක් නොව සක්‍රයාත් දපනේ වැටෙයි කියා හිතුවේය. නලාකරුවෝ රජ්ජුරුවෝ ගොනාට අන්දන විට, සජ්ජුරුවෝ ගොන්නු ඔක්කෝම මී හරක් කලේය. මොළේ කළඳක් හෝ තිබුන පිරිස පොඩ්ඩකින් හෝ වැඩි උන නිසා, යාන්තම් ඒ 18 පාලියෙන් රට ගැල උනේය.

දැන් ජැක්සන් ඇන්තනී වෙනුවට ඇවිල්ලා ඉන්නේ උපුල් ශාන්ත සන්නස්ගලලාය. ජැකා මෙන්ම සන්නාද අප ආදරය කරනා මිනිසුන්ය. සමාජයේ පහළම ස්තරවලින් විත්, රට ජයගත්ත උන්ය. අප උන්ට ආදරේය. උන් පජාත වැඩ කරනා විට අපේ සිත් පෑරෙන්නේය. සන්නාටද සියල්ල කරන්නට බැරිය. “රෑ ඉරපාන” වෙනුවට “සිහින ඇහිදින්න” ආ සන්නා, එතනදි පට්ට ෆේල්ය.

නගන තර්කවලට කන පැලෙන, බොක්කටම වදින සාමාන්‍ය ජනයාට දැනෙන භාශාවෙන් ප්‍රතිතර්කයෙන් ප්‍රශ්ණය කුඩු කර දැමීමේ හුරුබුහුටි කම් ඇතත්, ඔහු සාර්ථක ඉදිරිපත් කරන්නෙක් නොවේ, නිවේදකයෙක්ද නොවේ. එමෙන්ම සන්නාට ෆිල්ම් හැදුවාට රඟපාන්නත් බෑ කියා මාතලන් හිතන්නේය. ඒ නිසා මුලින්ම සන්නලා හැදිලා ඉන්න ඕනය.

ජනාධිපති තුමාගේ පළවෙනි ඉන්ටවීව් එක කරන්නේ එන්නේ සන්නාය. මට පේන්නේ ප්‍රශ්ණ මෙන්ම පිළිතුරුද කලින් සකසා ගත් ඒවා බවය. සාකච්චාව අතර සින්දුද දමා තිබිනි. එමගින් සාකඡ්චාව හෑල්ලුවටම ලක් කල බව මාතලන්ගේ මතයයි. මන්ද මේ ජනාධිපතිගේ පළවෙනි සාකඡ්චාවයි. සාමාන්‍යයෙන් ජනාධිපති එපා වෙන්නේ, අවුරුදු දෙක තුනක් ගියායින් පසුය. අන්න ඒ කාළයේදී නම් සාකඡ්චා මැද්දේ සින්දු බැරි නම් ඇඩ් උනත් දමා ගත්තාට අපට අවුලක් නැතිය. එහෙත් පළවෙනි සාකඡ්චාවට ඒවා අවශ්‍ය නැත.

අනෙක් කරුණ, සමහර ප්‍රශ්ණවලට පැහැදිලි උත්තර ලබා ගැනීමට නොහැකි වීමයි. එමෙන්ම වෙනදා සිංහයෙක් ලෙස ඉන්නා සන්නා වෙනුවට, අපි දැක්කේ, බොහෝම බයාදු ලීලාවෙන් මෛත්‍රිපාලයන් ඉදිරියේ ගිනි කන වැටි සිටිනා, සුවච කීකරු බයාදු පුද්ගලයෙකි. රජා හමුවේ තියා මොකා හමුවේ වත්, කළාකරුවෝ කොන්ද කඩා ගත යුතු නැත. ඒ නිසා අප සන්නාගෙන් ඉල්ලා සිටින්නේ, කරන්න පුළුවන් දෙයක් කරගෙන. තවත් ජැක්සන් ඇන්තනි කෙනෙක්, හඩ්සන් සමරසිංහ, කෙනෙක් වෙන්නේ නැතුව ඉන්න කියලාය.

එමෙන්ම ජනාධිපති තුමාගෙන්ද ඉල්ලීමක් කිරීම්ට ඇත. ඔබ තුමා එම සාකඡ්චාවේ කියු බොහෝ දේ අපි අගය කරන්නෙමු. ඒවා ඒ ලෙසම ක්‍රියාත්මක වනු ඇතයිද අපි බලාපොරොත්තු වෙමු. එමෙන්ම අද රූපවාහිනි චැනල වල මුලින්ම ප්‍රචාරය වන්නේ, ඔබ ගස් ගල් වලට වඳිනා දර්ශණයන්ය. ඔබ මේ රටේ ජනාධිපති කලේ ඔය ගස් ගල් නොවේ. මේ රටේ ජනතාවය. ඒ නිසා ඔබ පුරුද්දක් ලෙස මේවා කරනවා නම්, එය ඔබේ පුද්ගලික කාරනයකි. ඒවා මාධ්‍යවලින් ප්‍රදර්ෂණය කිරීමට අවශ්‍ය වන්නේ නැත. ඔබ ජනපති ලෙස ජනතාව වෙනුවෙන් ඉටුකල කිසිම දෙයක් අද වන තෙක් අප දැක නැත්තෙමු. සමහර විට ඒවා ඔබේ යෝජනා වුවද, එලියට එන්නේ එජාපයේ වැඩ ලෙසිනි.

ජනතාවට සතුටු විය හැකි ආකාරයට, ඔබේ අධීක්ෂණයෙන්, දුෂණ චෝදනා එල්ලවූ, කුඩු චෝදනා එල්ලවු, එක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ හෝ මන්ත්‍රි ධුරය අහෝඅසි කර පෙන් වුවහොත්, ඔබත් වචනයෙන් නොව ක්‍රියාවෙන්ම නිර්භීත පුදගලයකු බවට පිලිගැනීමට හැක. එතෙක් ඔබට විරුද්ධව හඬ නඟනා උන්ගේ කතා සාධාරනයැයි සිතා සැනසෙන්නද?

අවම වශයෙන් දුෂණ චෝදනා එල්ලවී ඇති අල්ලස් හා දුෂණ කොමිසමේ සභාපතියාවත් නියමිත ක්‍රියා මාර්ග අනුගමනය කරමින් එම තනතුරෙන් පහ කොට, සමාජය පිළිගත් නීතී ගරුක පුදගලයකු එම තනතුරට පත් කොට, වහාම එල්ලවූ චෝදනා විභාග කර හෝ පෙන්වන්න.

ලිව්වේ -මාතලන් 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.