Anonymous Reporter

අල්ලස් කොමිසමේ ප්‍රශ්ණ කරන විඩියෝ අගමැතිගේ ගෙදර- රටකට ගිය කලක්

අද ජනාධිපතිතුමා සාප්පු යනවා, සපත්තු, මේස් ගන්න. ඒවාට වෙලාව තියෙනවා. හැමදාම FCID එකෙන් අගමැතිතුමාට වාර්තාවක් එවනවා. එකේ තියෙනවා ‘හෙට අනිද්දා අත් අඩංගුවට ගන්නේ කවුද?’කියලා. ඒ වගේම අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමිය ප‍්‍රශ්න කරන අයගේ අදාළ විඩියෝව හැමදාම සවසට අගමැතිතුමාට එවනවා. ඒ වාර්තා බලලා, වීඩියෝ බලලා ‘හරි හොඳට ප‍්‍රශ්න කරලා තියෙනවා, අහවලා අසීරුවට පත් වෙලා තියෙනවා’ කියලා අගමැතිතුමා ?ට සනීපෙට නිදා ගන්නවා. උදේට නැගිටලා අයෙත් ‘කාවද හිරේ දාන්නේ?’ කියලා බලනවා. අද මේ රටේ මෙපමණයි සිදු වන්නේ. රටට කිසිදු යහපතක් සිදු වන්නේ නැහැ.

‘හංසයාට’ කතිරය ගැසූ ජනතාවගේ විශ්වාසය අද භංගවී ඇති බවත් තමන් හංසයකු කියා රැවටී ඇත්තේ කොකෙකුට යැයි ඔවුනට අද වැටහී ඇති බවත් ඔවුන්ගේ මතය අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය තුළින් පිළිඹිබු වන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

(08) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘රටේ අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව මේ වන විට විශ්වාසභංගයක් ඉදිරිපත් කොට තිබෙනවා. එම විශ්වාසභංගය මගින් ඉතා පැහැදිළිව පෙන්වා දී තිබෙනවා, වත්මන් අගමැතිවරයාට එම ධුරය දැරීමට නීත්‍යනුකූලව සූදුසුකම් නැහැ කියලා. එම විශ්වාසභංගයට මුහුණ නොදී එහි අත්සන් ගණන් කරමින්, විකාර කතා කියමින් ඔවුන් එය මග හරින්න හදනවා.

ව්‍යවස්ථාදායක සභාවට අනුමැතිය ගන්න විශේෂ දිනයක් යොදා ගෙන පාර්ලිමේන්තුව කැඳවන්න මේ අය කටයුතු කළා. එවැනි සියලූ කටයුතුවලට වඩා ප‍්‍රමුඛස්ථානයක් දිය යුතුයි, අගමැතිවරයකුට එරෙහි විශ්වාසභංගය කියන කටයුත්තට. ‘ඒ නිසා එවැනි විශේෂ දිනයක් හෝ යොදාගෙන රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව බාරදී ඇති විශ්වාසභංගය විවාදයට ගෙන ඡුන්ද විමසීමකට යොමු කරන්න’ කියන අභියෝගය අපි ආණ්ඩුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ කටයුතු ප‍්‍රධාන වශයෙන් තීරණය කරන්නේ ආණ්ඩුවයි. ඒ නිසා ඔවුන් එම අභියෝගය භාරගත යුතුයි.

ඒ වාගේම අපි කථානායකතුමාගෙන් ඉල්ලනවා, ‘විශ්වාසභංගය විවාදයට ගැනීම සඳහා විශේෂ දිනයක් යොදා පාර්ලිමේන්තුව කැඳවන්න, 09 වැනිදායින් එළෙඔන පාර්ලිමේන්තු සතිය තුළ ඊට සුදුසු දිනයක් නියම කරන්න’ කියලා. මෙවැනි විශ්වාසභංග යෝජනාවක් තිබියදී වෙනත් කටයුතු වලට ප‍්‍රමුඛතාව දෙමින් කටයුතු කිරීම පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට පටහැනියි.

අපි මේ විශ්වාසභංගයෙන් පවසා සිටින්නේ මේ ආණ්ඩුව පිළිබඳව අපේ විශ්වාසය භංග වීමක් ගැන නොවෙයි. හංසයාට කතිරය ගහපු ජනතාවගේ විශ්වාසය භංග වීමක් ගැනයි අපි මෙමගින් පවසා ඇත්තේ. හංසයාට කතිරය ගහපු ජනතාවට අද හිතිලා තියෙනවා, ‘අපි හංසයා කියලා, කතිරය ගැහුවා. ඒත් ඒ හංසයා නොවෙයි කොකා’ කියලා ඒ ‘හංසයා’ කියලා. ‘කොකාට’ රැවටුණු ජනතාවගේ මතය තමයි මෙම විශ්වාසභංගය තුළ තිබෙන්නේ.

විදේශ ප‍්‍රතිපත්තියේ සැබෑ වෙනසක්!

අද බලන්න මේ රටට වෙලා තියෙන දේ. මහ ලොකු විදේශ ප‍්‍රතිපත්තියක් ගැන කතා කළා. ‘අපි බලයට ආවාට පස්සේ සියලූ ජාත්‍යන්තර මිතුරන් දිනා ගත්තා’ කියලයි කිව්වේ. එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලේ(UNDP) ශ‍්‍රී ලංකා නියෝජිතයා නිවේදනයක් නිකුත්කර තිබුණා. ඔහු එහි ‘උතුරු පළාත් සභාව’ හදුන්වා තිබුණේ ‘උතුරු පළාත් ආණ්ඩුව’ ලෙසයි. උතුරු පළාත් සභාව මේ අය මීට පෙර එසේ හදුන්වා තිබුණේ නැහැ. බස්නාහිර පළාත් ආණ්ඩුව’ කියලා කිසිවකු කියන්නේ නැහැනේ. එහෙනම් උතුරු පළාත් සභාව හිතාමතාම උතුරු පළාත් ආණ්ඩුව ලෙස හඳුන්වා ඇත්තේ ඇයි? මේක තමයි ආණ්ඩුවේ විදේශ ප‍්‍රතිපත්තියේ හොඳකම.

ඊයේ(07) සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ තිබෙනවා, ‘Mangala to meet GTF reps in UK’ කියලා. මංගල සමරවීර මහතා ගෝලීය දෙමළ සංසදයේ ප‍්‍රධානියා වන එමානුවෙල් පියතුමා හමුවන බවයි එහි සඳහන් වෙන්නේ. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළාම ඒ කොඩිය අතට අරන් දෙමළ ඩයස්පෝරාව මෙහෙයවන්න කටයුතු කළ එක් සංවිධානයක් තමයි ගෝලීය දෙමළ සංසදය කියන්නේ. මම කියන්නේ නැහැ දෙමළ දේශපාලන නායකයන් සමග සාකච්ඡා කිරීම වරදක් කියලා. නමුත් කොටි සංවිධානයේ මතය වෙනුවෙන් තවමත් කෙලින්ම පෙනී සිටින දෙමළ ඩයස්පෝරාවේ අය සමග මෙසේ සාකච්ඡා කිරීමයි වරද මෙවරSunday Times පුවත්පතේ තියෙනවා, ‘එමානුවෙල් පියතුමා පමණක් නොවෙයි, එරික් සෝල්හයිම් ද මේ සාකච්ඡා සඳහා සහභාගී වෙනවා’ කියලා.

මේ උඩට ගන්න හදන න්‍යාය පත‍්‍රය කුමක්ද? ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට ජාත්‍යන්තර බලවේගවලට ඇගිලි ගහන්න ඉඩ සලසා දෙන මෙහෙයුම නේද, නැවත මේ ඇරඹිලා තියෙන්නේ? නැවත ඒ මෙහෙයුම සිංහල, දෙමළ, මුස්ලිම් කිසිවකුට උවමනාද?

අනෙක් පැත්තෙන් සමලිංගික සබඳතා ප‍්‍රවර්ධනය වන ආකාරයේ යෝජනාවකට එක්සත් ජාතින්ගේ සංවිධානය තුළ ශ‍්‍රි ලංකාව අද අත ඔසවනවා. කවර ආණ්ඩුවක් තිබුණත් ඉතිහාසය තුළ ඔවැනි දේවලට කිසිවකු අත ඔසවා නැහැ. දණ්ඩ නීති සංග‍්‍රහය අනුව සමලිංගික සේවනයට අනුබල දීමත් වරදක් කියලයි සලකන්නේ. දැන් හරි නම් දණ්ඩ නීති සංග‍්‍රහයට අනුව විදේශ ඇමතිව අත්අඩංගුවට ගත යුතුයි. පසුගියදා එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන් කි මූන් මහතා යෝජනාවක් ගෙනාවා, ‘එක්සත් ජාතින්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩලවල සිටින විවාහක ජෝඩුවලට තිබෙන වරප‍්‍රසාද සමලිංගික ජෝඩුවලටත් ලබාදිය යුතුයි’ කියලා. එහිදී රුසියාව ඊට විරුද්ධ යෝජනාවක් ගෙනාවා, ‘ඒක එහෙම කිරීම වැරදියි, සමලිංගික ජෝඩු පිළිබඳ තීරණ ගැනීමට ඒ ඒ රටවල සංස්කෘතීන්ට අනුව ඉඩ දෙන්න. මහ ලේකම්වරයා ඒ ගැන තීරණ ගන්න එපා. ඒ ඒ රටවල් දෙනු ලබන තීරණ අනුව අදාළ ප‍්‍රවර්ධනය කරන්න’ කියලා. ඒක ඉතා සාධාරණ යෝජනාවක්. අපි හිතමු අපේ රටේ සමලිංගික ජෝඩුවක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩලයේ ඉන්නවා කියලා. නමුත් අපේ රටේ එවැනි සබඳතා පිළිගන්නේ නැහැ, වගේම එය නීතියෙන් වරදක්. එහෙම තිබියදී බැන් කී මූන් මහතාගේ යෝජනාව අනුව ඔවුන්ට විවාහක ජෝඩුවක වරප‍්‍රසාද ලැබුණා නම් ඒ ජෝඩුව ශ‍්‍රී ලංකාව තුළත් ඒ වරප‍්‍රසාද බලපොරොත්තු වෙනවා. එතැනදි නැති ප‍්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා තමයි රුසියාව පොදුවේ එවැනි සාධාරණ යෝජනාවක් ගෙන ආවේ. ශ‍්‍රි ලංකාව විරුද්ධ වුණේ රුසියාවේ ඒ සාධාරණ යෝජනාවට. ඒකට විරුද්ධ වෙනවා කියන්නේ කුමක්ද? බැන් කී මූන්ගේ යෝජනාව අනුව, ශ‍්‍රි ලංකාවේ සමලිංගික ජෝඩුවක් එහි සේවය කරනවා නම් ඔවුනට විවාහක ජෝඩුවකට හිමි වරප‍්‍රසාද දෙන්න කියන එකයි.

මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ හෝ විදේශ අමාත්‍යාංශයට අයත් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ හෝ සාකච්ඡා කළාද? නැහැ. මේ කොතැනකවත් කතා නොකර තනි තීරණ අරගෙන අද ශ‍්‍රි ලංකාව දකුණු ආසියානු කලාපය තුළ විහිළුවක් බවට පත්කර තිබෙනවා. බැන් කි මූන්ගේ යෝජනාවට දකුණු ආසියානු කලාපයේ රටවල් අතුරින් පක්‍ෂව ඡන්දය දුන්නේ ශ‍්‍රී ලංකාව විතරයි.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහත්තයා කියනවා, ‘අපි එහෙම දෙයක් ප‍්‍රවර්ධනය කරන්න ඡන්දය දුන්නේ නැහැ. බැන් කී මූන්ගේ යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන්නා’ කියලා. ඔහු හරි. අපි කියන්නෙත් ඒක තමයි. ඔන්න අද විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් වී ඇති අන්දම.

අද වී ගොවියා ඉතාමත් අසරණ වී සිටිනවා. අද වී කිලෝව ගන්නේ රුපියල් 25ට රජයේ වී මිලදී ගැනීම සම්පූර්ණ ප්‍රෝඩාවක් වී තිබෙනවා. අද වී තොග ගබඩා තිබෙන පෞද්ගලික අංශයේ මුදලාලිලා කිහිප දෙනෙකුට වී ගොවියා සූරුකෑමට ඉඩ සලසා දී තිබෙනවා. වී කුණුකොල්ලෙට ගන්නවා. අනෙක් පැත්තෙන් හාල් මිල නගිනවා. ගොවියාට හෝ පාරිභෝගිකයාට කිසිදු වාසියක් අත් වෙන්නේ නැහැ. අතර මැද ඉන්නවා ජාවාරම්කාරයෝ දෙතුන් දෙනෙක්. ඒ අය මේ ජාවාරමෙන් හොඳට හම්බ කරනවා. ‘රටේ ආර්ථිකයේ සාධාරණ අවස්ථා හදනවා’ කීවේ මේකටද?

අද අඩු කරනවා කියපු භාණ්ඩවල මිලත් ඉහළ ගොස් තිබෙනවා. කොත්තමල්ලි සිට දේශීය කිරිපිට දක්වා අඩු කළ සියල්ලේ මිල නැවත ඉහළ ගොස් තිබෙනවා. උකස් කළ රත්තරන් බඩු පොලී රහිතව ලබා දෙනවා කීවා. එහෙම කරපු එක තැනක් පුළුවන් නම් කියන්න. මේ විදිහේ බොරු හීන, බලාපොරොත්තු ඇති කළාට අද ඒ කිසිවක් කර ගන්න බැරි වෙලා තිබෙනවා.
‘ජනාධිපතිවරයාට සාප්පු යන්න වෙලාව තියෙනවා’

දැන් ‘අපි භූමිතෙල් අඩු කළෙමු’ කියලා කටවුට් ගහනවා. ලැජ්ඡා නැද්ද මේ විදියට කටවුට් ගහන්න? අපේ් ආණ්ඩුව එහෙනම් කී සැරයක් භූමිතෙල් මිල අඩු කළාද? ‘දින 100 විප්ලවය! අපි භූමිතෙල් අඩු කළෙමු ’කියලා මේ කටවුට් විරෝධී උදවිය අද කටවුට් ගහනවා. ‘විකුණා ගන්න, පෙන්වන්න,’ කියලා කරපු කිසිවක් මේ අයට නැහැ.

ඒ නිසා අද ජනාධිපතිතුමා සාප්පු යනවා, සපත්තු, මේස් ගන්න. ඒවාට වෙලාව තියෙනවා. හැමදාම FCID එකෙන් අගමැතිතුමාට වාර්තාවක් එවනවා. එකේ තියෙනවා ‘හෙට අනිද්දා අත් අඩංගුවට ගන්නේ කවුද?’කියලා. ඒ වගේම අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමිය ප‍්‍රශ්න කරන අයගේ අදාළ විඩියෝව හැමදාම සවසට අගමැතිතුමාට එවනවා. ඒ වාර්තා බලලා, වීඩියෝ බලලා ‘හරි හොඳට ප‍්‍රශ්න කරලා තියෙනවා, අහවලා අසීරුවට පත් වෙලා තියෙනවා’ කියලා අගමැතිතුමා ?ට සනීපෙට නිදා ගන්නවා. උදේට නැගිටලා අයෙත් ‘කාවද හිරේ දාන්නේ?’ කියලා බලනවා. අද මේ රටේ මෙපමණයි සිදු වන්නේ. රටට කිසිදු යහපතක් සිදු වන්නේ නැහැ.

ආර්ථික වශයෙන්, සංස්කෘතිකමය වශයෙන් මේ රට අද ඇද වැටී තිබෙන තැන අපට පැහැදිළියි. මේ අය වසර 10ක් බලයේ හිටියොත් තරුණියකට විවාහ වෙන්න තරුණයෙක් නැති තැනකට මේ රට ඇද වැටෙනවා. මේ රට අසංස්කෘතික, විලිලැඡ්ඡා නැති කරපු රටක් බවට පත් කරනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා 1989ට පෙර කටයුතු කරපු ආකාරය අපට මතකයි. ඒ වධකාගාර පවත්වාගෙන ගිය යුගය. ඉන් පසුව 2001-2004 කාලය සටන් විරාම ගිවිසුම ගහලා රටම පාවා දුන්නු යුගය. එතැනදීත් ජනාධිපතිනියගේ බලතල ව්‍යවස්ථා විරෝධීව තමන්ගේ අතට අරගෙනයි ඔහු කටයුතු කළේ. මෙවරත් අගවිනිසුරුවරයා ඉවත් කිරීමට ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළා. මේ වගේ පුද්ගලයකු අතට යළිත් ගෙඩිය පිටින් බලය ගියොත් මේ රටට දෙයියන්ගේම පිහිටයි. ජනාධිපතිවරයා දැන් වගේම රනිල් වික‍්‍රමසිංහ මහතාට කැමති දේ කරන්න දීලා බලා ඉදිවි. එයා කරන්නේ බලා ඉන්න එකනේ. රනිල් වික‍්‍රමසිංහගේ මේ ක‍්‍රියාකලාපයට හොඳ පිළිතුරක් දෙන්න මේ රටේ ජනතාව මහ මැතිවරණය එනතෙක් ඇගිලි ගණිමින් සිටින බව මතක් කර දෙන්න කැමතියි.’’

මෙම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමයේ ලේකම්, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී.වී.ඞී තිලකසිරි යන මත්වරුද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Top