Breaking
6 Feb 2025, Thu

බෙදුණු රටක අගමැතිකම් එපා -මහින්ද මෛත්‍රීට කියයි,විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයට අණ දෙන්නේ රනිල්

“පෙඩරල් බෙදුණු රටක අගමැතිකම් කරන්න මම සුදානම් නැ.මට බෙදුණු රටක අගමැතිකම් එපා,,එහෙම ඕනේ උනානම් ජනධිපතිවරණයේදී නැගෙනහිරයි,උතුරයි දීලා චන්ද ටික ගන්න තිබුණා ,එහෙම උනානම් මම තාමත් මේ රටේ ජනධිපති…..ඔබතුමා නෙවෙයි”….ඊයේ මහින්ද රාජපක්ෂ මහතාට ජනපති මෛත්‍රීපාල සිරිසේන හමුවු අවස්ථාවේ අවධාරණය කර සිටි බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා “සර්ට හැරෙන්න වෙන කෙනෙක්ට අගමැති වෙන්න බෑ තනියම මේ රටේ….සර්ට පක්ෂයත් දිනවන්නත් පුලුවන්… ” යනුවෙන් පැවසු අවස්ථාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මේ බව පවසා තිබේ.

1 ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය

2 පළාත් පාලන ආයතන විසුරුවා හැරීම

3 ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ කිරීම

4 අපේක්ෂකයින් සඳහා නාමයෝජනා ලබාදීම

5 විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය දේශපාලනීකරණය වීම 

යන කාරණා සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ අතර විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය  මෙහෙය විමේ බලය සම්පුරණයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ අතට ගෙන කටයුතු කරන බවත් පසුගියදා ජොන්ස්ටන් මන්ත්‍රිවරයා අත් අඩංගුවට ගැනුණේ රනිල්ගේ නියෝගයකට පමණක් බවද එහිදි රාජිත සේනාරත්න සදහන් කර තිබේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.