Breaking
24 Feb 2025, Mon

මෛත්‍රී අලුත් නාඩගමකට සුදානමක්-ජනතාව අවදියෙන් සිටිය යුතුයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුකම සංධානයේ ජයග්‍රහණය බැවින් ඉදිරියේ දී පක්ෂයේ නායකයන් අතර සුහදතාවය වර්ධනය කර කටයුතු කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අද පැවැති ශ්‍රීලනිප නියෝජිත හමුවේදී තීරණය කර තිබේ.

මිට අමතරව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යලිත් මැතිවරණයකින් ජයග්‍රහණය කිරිමටනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික සාධකයක් වන බව මෙම අවස්ථාව නියෝජනයි කළ කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා එක එල්ලේම පවසා තිබේ.

ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, පළාත් සභා මැති ඇමැතිවරුන් හා අනුබද්ධ සංවිධානවල සහභාගීත්වයෙන් පදනම් ආයතනයේ දී එම විශේෂ හමුව පැවැත්විණි.

මේ අතර එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, කුමාර වෙල්ගම, ටී බී ඒකනායක සහ ඩිලාන් පෙරේරා මහත්වරු පත් කරනු ලැබ සිටි.

මේ අතර රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදුන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන්ගෙන් මෛත්‍රීපාල සිරිසේනට එල්ල වන දැඩි පිඩනය වෙනතකට හැරවිම සදහා චන්ද්‍රිකා-මංගල-රනිල් කුමන්ත්‍රණයේ තවත් එක් පියවරක් ලෙස කල් මැරිම සදහා මෙම කමිටුව පත් කිරිමට මෛත්‍රී කටයුතු කර ඇති බවයි.පසුගියදා මාතර පැවති මහින්ද සුළඟ සුලි සුළගක්ව ආණ්ඩුවට හැමිමත් සමග මෙම නව නාඩගම ආරම්භ කර ඇති බවයි.

මේ නිසා එන මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා  නම් කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ශ‍්‍රීලනිප අයිතියත් රැගෙන තමන් සිවු දෙනාටද ඔහු සමඟ යන්නට සිදුවන බවද මෙම පිරිස අවධාරණය කර ඇත.

අද දිනයේ පවත්වන ලද ශ‍්‍රිලනිප මහජන නියොජිතයන්ගේ හදිසි හමුව සිදුව ඇත්තේ එම සාකච්චාවෙන් අනතුරුවයි. ශ‍්‍රීලනිපය කැඩුණු අවස්ථාවල පක්‍ෂයට සිදු වූ හානිය, එසේ කැඩුණු සියළු අවස්ථාවන්වලදී පක්‍ෂය පරාජයන් ලැබූ ආකාරය, අද පැවති එම සාකච්චාවේදී පෙන්වා දී ඇති ජනාධිපතිවරයා තමන් සමඟ මෙම ගමන යාමට එක්වන ලෙස ශ‍්‍රීලනිප මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව අදහස් පල කරමින් මන්ත‍්‍රී කුමාර වෙල්ගම ‘බොරු කරන්න දෙයක් නෑ. රටම ඉන්නෙ මහින්දත් එක්ක. එතුම අගමැති අපේක්‍ෂකය විදිහට නම් කරල කරනව නම් කරමු. නැතිනම් මේක වෙන්නෙ නෑ’ යනුවෙන් සෘජුව සභාවට පවසා තිබේ.

බන්දුල ගුණවර්ධණ, ධනසිරි අමරතුංග ආදීන්ද ඊට පක්‍ෂව අදහස් පල කර ඇති අතර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර හා ප‍්‍රසන්න සෝලංගආරච්චි අදහස් පල කරන්නට සූදානම් වූ අවස්ථාවේ සභාවෙන් එල්ල වූ දැඩි විරෝධය මත ඔවුන් අදහස් පල කර නැත.

රජිත සේනාරත්න හෝ එස්.බී. දිසානායක වචනයක් හෝ කතා කර නැති අතර අවසානයේ ජනාධිපතිවරයා විසින් පවසා ඇත්තේ තමන්ට නම් ඒ සම්බන්ධයෙන් ගැටළුවක් නැති බවත් ඒ සම්බන්දයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට කමිටුවක් පත් කිරීමටත් ඒ සඳහා සුදුසු නම් යෝජනා කරන ලෙසත් ඉල්ලා ඇත. ඒ අනුව ඉහත පිරිසගෙන් සැදුම්ලත් කමිටුව නම් කර තිබේ. එම කමිටුව මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් පාර්ශවයේ පිරිසගෙන් සමන්විත වීම මෙන්ම මෛත‍්‍රී පිලේ කිසිවෙකු මෙම කමිටුවට විරෝධයක් දක්වා නැතිවා සේම කිසිවෙකු නම් කිරීමටද එතරම් උනන්දුවක් නොදැක්වීමද විශේෂය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.