Breaking
5 Feb 2025, Wed

පැඩි ෆීල්ඩ් මාෂල්ලාට කියන්න දෙයක් තිබෙද?

උතුරු පළාත් සභාවේ මන්ත්‍රතවරයකු වන සිවාජිලිංගම් සතියක් පුරා කොටින් සමරන බව පවසා ඇත. ඔහු කියා ඇත්තේ ජ වි පෙරමුණට 1971 දී 1988-90 කාලයේ දී මියගිය අය සැමරීමට හැකි නම් දෙමළ ජාතික සංධානයට හා හිතවතුනට ද මියගිය අය සැමරිය හැකි බව ය. එය මතුපිටින් ගත්කල හොඳ තර්කයකි. අවුරුදු තිහක් පමණ දෙමළ ජාතිවාදය පිළිබඳ ලිපි ලියා ඇති අප මේ කතාවට ද  විටින් විට පිළිතුරු දී ඇත. එහෙත් ඇතැම් වෙබ් අඩවිවල අපේ ලිපිවලට ප්‍රතිචාර දක්වන ඇතැමුන් සිතන්නේ අප මේ ප්‍රශ්න ගැන ඔවුන්ගෙන් දැනගත යුතු බව ය.

ඔවුන්ගෙන් ඇතැමකුට අනුව අප පසුගිය මාස 5ක පමණ කාලයක සිට තමන්ගෙන් යම් යම් දේ ඉගෙන ගෙන ඇත. ඔවුන්ට අනුව විශේ’ෂයෙන් ම ඉන්දියාව ගැන අප දැනගෙන ඇත්තේ ඔවුන්ගෙනි. කාලය සඟරාව 1987 දී ආරම්භ කළේ ම ඉන්දු ලංකා ගිවිසුමට හා ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කළ ප්‍රතිපත්තියට විරුද්ධ ව බව ඔවුන් නොදන්නවා ඇත. කෙසේ වෙතත් අපට යමක් ඉගැන්වීම ගැන ඔවුන්ට පින් සිදුවේවා!

ජ වි පෙරමුණ හා කොටින් අතර වෙනස කුමක් ද? සංවිධාන දෙක ම ත්‍රස්තවාදී වෙයි. දෙගොල්ලෝ ම අහිංසක ජනයා මරා දැමූහ. ඒ අරුතෙන් ගත්කල දෙගොල්ලෝ ම මිනීමරුවෝ වූහ. දෙගොල්ලෝ ම තම ආරක්‍ෂාව සඳහා ජනතාව යොදාගත්හ. මේ එක් සංවිධානයක්වත් අහිංසක මිනිසුන් මරා දැමීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලා නැත. එසේ නම් ඔවුන් අතර ඇති වෙනස කුමක් ද? සංවිධාන දෙක ම විවිධ අවස්ථාවල තහනමට ලක්විය. කොටි සංවිධානය තවමත් තහනම් සංවිධානයකි. කොටින් හා ජ වි පෙරමුණ අතර වෙනස එය යැයි ඇතමකු කීමට ඉඩ ඇත. 

එහෙත් එය එතරම් වෙනසක් ලෙස සැලකිය යුතු නො වේ. කොයි මොහොතක වුව කොටි සංවිධානයේ ද තහනම ඉවත් කිරීමට ඉඩ ඇත. ඒ එකක්වත් වෙනස්කම් නො වේ. එහෙත් ඔවුන් අතර ප්‍රධාන වෙනසක් වෙයි. ඒ ඔවුන්ගේ අරමුණ සම්බන්ධයෙනි. ජ වි පෙ ඊනියා සමාජවාදී රාජ්‍යයක් පිහිටුවීම සඳහා අවි ආයුධ අතට ගත්තේ ය. එය හරි හෝ වැරදි හෝ වේවා ඔවුහු රටේ ස්වෛරීභාවයට නිදහසට අභියෝග නො කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ රාජ්‍ය ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට ය. පුස් කෑ මාක්ස්වාදය අනුව ඔවුන් සටනට අවතීර්ණ වුව ද ඊනියා සමාජවාදී රාජ්‍යයක් මේ කපේ දී ඇති නො වේ. එසේ බැලූ කල අහිංසක ජීවිත දහස් ගණනක් බිලි දීම ගැන ජ වි පෙරමුණ ඊනියා ප්‍රවාදයක නාමයෙන් වුව ද සමාව නොදිය හැකි වරදක් කර ඇත. 

කොටින් ආයුධ අතට ගත්තේත් බටහිරයන්ගේ ම ප්‍රවාද වෙනුවෙනි. ඒ පිටුපස ඉංගිරිසුහු ද මාක්ස්වාදීහු ද පොන්නම්බලම් රාමනාදන් හා අරුණාශලම් යන ඊනියා ජාතික වීරයෝ ද පනහට පනහ ඉල්ලු ජී ජී පොන්නම්බලම් ද සාන්තුවරයකු ලෙස පෙනී සිටි චෙල්වනායගම් ද විජය කුමාරතුංග ද ආදී පිරිසක් සිටියහ. කොටින්ට අවශ්‍ය වූයේ ඉංගිරිසින් වෙනුවෙන් රට දෙකඩ කිරීම ය, රටේ ස්වෛරීභාවය නැති කිරීම ය, ජාතික නිදහස බිල්ලට දීම ය. එහි දී ඔවුන්ට ඉන්දියාවේ ද සහාය ලැබිණි. කොටින් හා ජ වි පෙ අතර ඇති මේ ප්‍රධාන වෙනස සිවාජිලිංගම්ලා අමතක කරනු ඇත. 

මිය ගිය කොටින් වෙනුවෙන් පොදු සැමරුම් උත්සව පැවැත්වීමට කටයුතු කරන සියල්ලෝ රටේ ඒකීය භාවයට විරුද්ධ වෙති, රටේ ස්වෛරීභාවයට විරුද්ධ වෙති, ජාතික නිදහස බිල්ලට දෙති. එවැනි සැමරුම්වලට ඉඩ දෙන ආණ්ඩුවක් ද අවසාන වශයෙන් ගත්කල පෙනී සිටින්නේ රටට විරුද්ධව ය, රට දෙකඩ කිරීමට ය. 

මිය ගිය තම පුතා හෝ සැමියා හෝ වෙනුවෙන් පෞද්ගලික ව කෝවිලකට ගොස් දෙවියන් යැදීමට ඉඩ නොදිය යුතු යැයි අපි නො කියමු. එහෙත් ඒ සියල්ල පෞද්ගලික සැමරුම් පමණක් විය යුතු ය. ඒ කිසි විටෙකත් පොදු සැමරුම් බවට පත් නො විය යුතු ය. කොටින් වෙනුවෙන් පොදු සැමරුම් පැවැත්වීමට ඉඩ දෙන ආණ්ඩුවක් වීරෝදාර රණවිරුවන්ට අවමන් කරයි. පැඩි ෆීල්ඩ් මාෂල්ලා ඒ ගැන කියන්නේ කුමක් ද?

නලින් ද සිල්වා


2015 මැයි 14

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.