Breaking
23 Feb 2025, Sun

උතුර දෙන බව රනිල්- මෛත්‍රී පොරොන්දු වුනා -මෙන්න යමපාලනයේ බෙදුම්වාදී හොර ගිවිසුම්

ශ‍්‍රි ලංකාවේ උතුරේ දෙමළ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන  ජනාධිපති කරවීම සඳහා ජන්දය ලබා දුන්නේ බලය බෙදා හැරීමට ලද පොරොන්දු මත යයි තමිල්නාඩු හිටපු ඇමති කරුණානිධි පවසා තිබේ.ඒ අනුව පිංගුත්තර ජනපතිවරයාත් ,පිං අගමැතිවරයාත් පත්වුයේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් ඉටුකිරිමට නොව බෙදුම්වාදීන්ගේ ඔනෑ එපාකම් වෙනුවෙන් බව දැන් පැහැදිලිය.

උතුරු පළාතේ රඳවා සිටින හමුදාව ඉවත් කිරීම වෙනුවෙන්ද දෙමළ ජනතාව මෙම ජන්දය භාවිතා කළ බවද ඉන්දීය මාධ්‍ය අමතමින් පවසා ඇති හිටපු මහ ඇමතිවරයා නව පාලකයන් කඩිනමින් එම කටයුතු සිදු කල යුතු යයිද සඳහන්  කර ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේ කොටි ත්‍රස්තවාදීන් සහ් රනිල්-මෛත්‍රී ගිවිසුම් ගසා ඇති බවට එජාපයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක  පවා අනාවරණය කළා. නමුත් අවසානයේ කූට ලේඛන සැකසු බව කියමින් තිස්ස අත්තනායකට සිදුවුයේ කුඩුවේ ලගින්නටය.

මේ අතර ශ්‍රී ලංකාව සඳහා වන ජර්මන් මහ කොමසාරිස් Dr.Juergen morhard, ජර්මනියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන Dagmar Woehrl සහ Dr.peter Ramsauer යන කණ්ඩායමක් ඊයෙ(02)  උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් හමුවි සාකච්ඡා කර තිබේන බව වාර්තා වේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.