Breaking
24 Feb 2025, Mon

සිරා….මේ අහස් යානා හැර වෙනත් අහස් යානා තිබේද?

මේ දිනවල පුවත්පත් වල ප්‍රදාන මාතෘකාවක් ලෙස පලවන්නේ සුළුතර දෙමල හා මුස්ලිම් බහුතරයකුගේ හා බහුතර සිංහල සුළුතරයකගේ චන්දයෙන් බලයට පත් වූ ජනාධිපති සිරිසේන මගී ගුවන් යානාවකින් ඉන්දියාව බලා ගිය ගමන ගැනය. දැන ගත යුතු කාරණය නම් ශ්‍රී ලංකාවට මගී ගුවන් යානා හැර ඇමෙරිකානු, ප්‍රංස, බ්‍රිතාන්‍ය නායකයන්ට වෙන් කර ඇති වාක් මෙන් VIP ගුවන් යානා ඇතිද යන්නය. අප දැනුවත්ව නම් ශ්‍රී ලංකාව සතුව ජාත්‍යන්තර ගුවන් ගත කල හැකි එවැනි යානා නැත. එවැනි යානා ඇති ශ්‍රී ලාංකිකයෙකු හෝ ලංකාවේ නැත. අප දන්නා තරමින් හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විදෙස් සංචාරයනට සහභාගී වූයේද සාමාන්‍ය මගී ගුවන් යානාවකින් මිස වෙන ඉර්ධි ප්‍රාතිහාර්යකින් හෝ දඩුමෝනර යානාවකින් නොවන බවය.

එතුමා ගුවන් යානාව තුල ඇති සාමාන්‍ය හා ව්‍යාපාරික පංති (standarad & Business class ) යන පංති දෙවර්ගයෙන් ව්‍යාපාරික පංතිය තුල ගමන් ගත් බවට නම් කිසිදු විවාදයක් නැත. අද නිපදවෙන සමහර ගුවන් යානා තුල වෙනම VIP Lounge කියා තවත් කොටසක් වෙන් කරයි. ගුවන් යානාවක මේ පංති දෙක තුල ගමන් කර ඇත්තෙකුගෙන් ඒ තුල ඇති පහසුකම් හා වෙනස දැන ගැනීමට ඔබට පුළුවන. එසේ නැතහොත් අද අන්තර්ජාලය තුලින්ද ඔබට මේ පිළිබද දැන ගැනීමට පුළුවන.

ප්‍රබල රාජ්‍ය තන්ත්‍රයන්ට හැර අන් සියලු රටවල රාජ්‍ය නායකයන් ගමන් යන්නේද මෙකි සාමාන්‍ය මගී ගුවන් යානා තුලය. ටෝයියන්ට අද මෙය මාර චූන් කතන්දරයක් වී ඇත. ටෝයියන්ට කඩේ යන සියලු මාධ්‍ය වලටද අද මෙය ටොයි ටොප් නිව්ස් එකක් වී ඇත. අපි ටෝයියන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාව තුල ඇති මගී නොවන ගුවන් යානා අපහට පෙන්වා දෙන ලෙසය.

ෂන්තික ප්‍රනාන්දු
shantika@outloolk

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.