Breaking
24 Feb 2025, Mon

Exclusive:යාපන පොලිස් නිළධාරීන්ට මරණ වරෙන්තු- ආරක්ෂක හමුදා බල ඇණි යාපනයට කැදවයි

Exclusive:යාපනය අධිකරණයට ගල් ගැසිම සහ පොලිසියට පහරදිම,නීතියට එරෙහිවකැරලි ගැසිම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 127 දෙනා වහාම නිදහස් කිරිමට කටයුතු කලයුතු බවත් එසේ නොවුන හොත් ප්‍රථිපලය භයානක විය හැකි බව දන්වමින් යාපනය පොලිස් ස්ථානයට සහ ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරින්ට දුරකථන ඔස්සේ තර්ජනයන් එල්ල වෙමින් තිබෙන බව එහි සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

මේ අතර යාපනයට අද සවස වනවිට විශේෂ හමුදාඛණධ 5ක් යොදවා තිබෙන බවත් යාපනය නගරය සහ පොලිසිය,උසාවිය සහ ආර්ථික මර්මස්ථාන රැසකට විශේෂ ආරක්ෂාවක් මේ වනවිට යොදවා තිබෙන බවද වාර්තා වේ.

අද උසාවියට පහරදිමට පැමිණි කණ්ඩායම් අතරින් අත් අඩංගුවට ගත් 127 දෙනා අතර පැරණි එල්ටීටීඊ සමාජිකයන් 89 දෙනෙකු සිටින බවත් වාර්තා වේ.සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට යතුරු පැදි 60ක් ,පාපැදි 43ක් සහ ත්‍රිරෝද රථ 05ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.