Breaking
23 Feb 2025, Sun

පාර්ලිමේන්තුව විසුරු සැනින් මේ අය අපිව දාලා යනවා -චන්ද්‍රිකා-මෛත්‍රී-චම්පික දෙලොවක් අතර

මහා මැතිවරණයකට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග වැදිම සදහා පක්ෂය තුල කණ්ඩායම් එකතු කිරිමට හැකියාවක් ඇද්ද යන්න සොයා බලන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර තිබේ.හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පාඨ්ලී චම්පික ඇතුලු මෛත්‍රී-චන්ද්‍රිකා ගොබිලන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් පසුව මෙම කණ්ඩායම පත්කල බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

දිනෙන් දින පාර්ලිමෙන්තුව විසුරුවිම කල් දමමින් සිටියද තවත් සතියකට වඩා පාර්ලිමේන්තුව පවත්වා ගෙන යැම කිසිසෙත්ම පහසු කාර්යයක් නොවන බැවින් දැන් තියා කරන්නේ කුමක්ද යන්න තින්දු කලයුතු බව ජනපති මෛත්‍රී අවධාරණය කර තිබේ.
මහින්ද රාජපක්ෂ සන්ධානයට එකතු කර නොගෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරිමට පුද්ගලයන් එකතු කර ගැනිම කිසිසෙත්ම ලෙසි පහසු කාර්‍යයක් නොවන බවත් මේ වනවිට අපි සමග ඉදමින් විවිධ කතා පතුරුවන කණ්ඩායම් පාර්ලිමේන්තුව විසුරුවු වහාම එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ආණ්ඩුව සැදිමට කටයුතු කරන බව එහිදි චන්ද්‍රිකා පෙන්වා දි තිබේ.
“මට ඔනෑ නෑ….එජාප ආණ්ඩුවක් හදන්න…එජාපයට බහුතරය දෙන්න ….මට ඔනෑ වුනේ ජාතික ආණ්ඩුවක් ගහලා රනිල් අගමැති කරන්න ..එච්චරයි….”මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.
මෙහිදි චම්පික රණවක පවසා ඇත්තේ ….. මහින්ද එක්ක මෙතන ඉන්න හැමොම වගේ ඉන්නේ…මැතිවරණයක් කැදවු වහාම ඒ අය මෙතනින් යන එක වලක්වන්න අපිට බෑ…අපි එක්ක මන්ත්‍රිවරු ක්ක් දෙනාද ඉන්නේ…ඔය පළාත් සභාවල මන්ත්‍රිවරුන් කොච්චර හිටියත් වැඩක් නෑ….ඒ අයට ඔනෑ…පක්ෂ දිනවන්න නෙවේ….එයාලට දිනලා පාර්ලිමේන්තුවට යන්න….විතරයි…. කොහොම උනත් අපි කල්පනාවෙන් මේ ගැන කටයුතු කරන්න ඔනෑ…
කෙසේ වෙතත් තිදෙනා අතර සාකච්ඡාව පැය තුනකට වඩා පවත්වා ඇති අතර පලමු වටයේ සාකච්ඡාවෙන් පසුව සියලු දෙනාටම ඉවත්ව යන ලෙසට දැනුම් දි තිබේ.
විශේෂ ලියුම්කරු CD

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.