Breaking
5 Feb 2025, Wed

අනීයම් පෙමින් ලංවි ෆොන්සේකා ඝාතනය කරන්නට හැදු තරුණිය

1975 දෙසැමිබර් 25 වන දින දියතලාව කඳවුර තුළ හොදටම බීමත් වූ ලුතිනන් සරත් ෆොන්සේකා කඳවුරෙන් බැහැර යාමට නොහැකි හෙයින්” තම ආශාවන් ඉටුකරගැනීමට කඳවුර තුල පිහිටි” එවකට කර්නල් ගැමුණු කුලතුංග මහතාගේ (පසුව මෙජර් ජෙනරාල්) නිවසට ඇතුල් වී එහි සේවිකාව වන ධනවතී නමි ගැහැණු ළමයා දුෂණය කරන ලදි. ධනවතී විසින් මෙය හෙලිකිරීමෙන් පසුව ලුතිනන් ෆොන්සේකා යුධ අධිකරණය වෙත ගෙන එන ලදි.එහිදි වරද පිළිගත් ඔහුට එම යුධ අධිකරණය මෙහෙය වු කර්නල් සිරිල් රණතුංග විසින් (පසුව ජෙනරාල්) ඔහු වරදකරු කර දඩුවමි නියම කරන ලදි.

මේ  ලියකියවිලි යුධ හමුදා මුලස්ථානයේ සුරක්‍ෂිතව ඇත. සිවිල් නීතිය යටතේ මෙය සිර දඩුවමි ලැබිය යුතු බරපතල වරදක් වුවද හමුදා නිළධාරීන්ගේ නමිබුව ආරක්‍ෂා කිරීම පිණිස වග කිව යුත්තන් විසින් මෙම තරුණියට වු අපරාධය සිවිල් නීතියෙන් වසං කළේය. 

නිසි අයුරින්ම රහස හෙලි නොකලද රටෙ බොහෝ දෙනෙක් දන්නා පරිදි තම හමුදා මුලස්ථානය තුලදීම ගැබිගත් කාන්තාවකගේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයට ගොදුරුවීම සරත් ෆොන්සේකා මහතාගේ සල්ලාල කම නිසා සිදුවුවකි. ඔහුගේ මේ දුර්වලකම දැනගත් කොටි ත‍්‍රස්තවාදීන් මෙි සුරූපි ද‍්‍රවිඩ තරුණිය ඔහු වෙතට ලංකලේ නිතරම ඔහු වෙත කාන්තාවන් සැපයු ඔහුගේ නිල නිවසෙහි සේවය කල මුස්ලිමි ජාතික අරක්කැමියා මගිනි. විශාල මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත සිදුවු මේ හාදකම නිසා ද‍්‍රවිඩ තරුණිය ඇත්ත වශයෙන්ම සරත් ෆොන්සේකා වෙතින් ගැබි ගැනීමෙන් පසුව ඇයට යුධ හමුදා රෝහල වෙත ඒමට අවසර ලබාදී තිබුනේද ඔහුගේ අනුදැනුම ඇතුවය. 

එසේ නොවන්නට යුධ හමුදා මුලස්ථානයේ මේ සිද්ධිය සමිබන්ධව බොහෝ වැරදිකරුවන් සිටිය යුතුය. එහෙත් එක් වරදකරුවෙකු වත් මේතාක් නොමැත්තේ වරදකරු තමාම නිසාය.

LNW විශේෂ වාර්තාකරු ලියයි  

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.