Breaking
23 Feb 2025, Sun

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 21 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් කි‍්‍රශාන්ත ද සිල්වා ආරක්ෂක අමාත්‍ය මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කිරිමත් සමග නොසිතු ප්‍රශ්ණ ගණනාවකට ජහපාලකයන් මුහුන දි සිටින බව LNW ආරක්ෂක විශේෂඥ වාර්තාකරු පවසයි. කිසිවෙකුත් බලාපොරොත්තුවෙන් නොසිටි පෞරුෂයක් නැති අයෙකු පත්කර ගැනිම හරහා මෛත්‍රී ජනපති තමන්ගේ නොහැකියාව පෙන්වා තිබෙන බවයි බහුතරයෙකගේ මතය වි ඇත්තේ.

විශේෂයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අණ පරිදි ගෝඨාභය රාජපක්ෂගේ අණපරිදි හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සියල්ල අහිමික  අභූත චෝදන නැගිමේ ප්‍රධානියා වන්නේ ක‍්‍රිෂාන්ත ද සිල්වාය.හමුදාපති මේජර් ජෙනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන අතර  ඉංජිනේරු බලකායට අනුයුක්ත හමුදා නිලධාරියෙකි.

 මිට අමතරව ජහපාලක හමුදාපති ක‍්‍රිෂාන්ත ද සිල්වාගේ පැටිකිරිය ගැන ලංකා ඊ නිවුස් විශේෂ ආරක්ෂක වාර්තා කරුවෙකුගේ වාර්තාව පහත දැක්වේ.

1- ක්‍රිෂාන්ත සිල්වා ජ්‍යෙෂ්ඨත්වයෙන් හරි වුවද ජ්‍යෙෂ්ඨයන් සෑම දෙනාම රටක හමුදාපතිවරුන් කරන්නේ නැත. ඊට තවත් කාරණා ගණනාවක් බලපායි. ප්‍රධාන වශයෙන්ම සේනාංකයකට අණ දුන්නේ නැති අයෙකුට රටක හමුදාපති ධූරයක් දෙන්නේ නැත. ක්‍රිෂාන්ත සිල්වා ජීවිතේ කවදාකවත් බල සේනාවකට (බ්‍රිගේඩයක්) මිස සේනාංකයකට (ඩිවිෂනයක්) අණ දී නැත. ඊට හේතුවූයේද ඔහුගේ වැඩ බැරි කම මිස වෙනත් දෙයක් නෙවේ.

ජය සිකුරු මෙහෙයුමේදී මොහු අණ දුන් බ්‍රිගේඩයට එල්ටීටීඊය මදියි නොකියන්නට බැට දී ඒ සතුව තිබූ කාල තුවක්කු වැනි බර අවි ඇතුළු විශාල අවි ආයුධ තොගයක් යටත් කර ගත්තේය. විශාල ප්‍රමාණයක් රණ විරුවෝ ක්‍රිෂාන්ත සිල්වාගේ වැරදි අණ සහ මෝඩ යුද උපක්‍රම නිසා ජීවිත පරිත්‍යාග කළහ. මේ සම්බන්ධයෙන් යුදාධිකරණ පරීක්ෂණයක් පැවැත්වීය. එහිදී අනාවරණය වුනේ ක්‍රිෂාන්ත සිල්වා තම භට පිරිස් අතහැර දමා පැන ගිය බවත් එල්ටීටීඊය විසින් අල්ලා ගන්නා ලද තමන් සතු අවි ආයුධ ප්‍රමාණය කොතෙක්ද යන්න ගැන පවා ක්‍රිෂාන්ත සිල්වාට අවබෝධයක් නොතිබූ බවත් ය. ඒ නිසා ඉන් පසුව ඔහුට කෙදිනකවත් යුද පෙරමුණේ සේනාංකයක් තබා බ්‍රිගේඩයක් හෝ අණ දීමට අවකාශ දුන්නේ නැත. ඉහත කී යුදාධිකරණ පරීක්ෂණ වාර්තාව හෙට නව හමුදාපති ලෙස ඔහු විසින්ම සොයා අස්ථංගත නොකළහොත් තවමත් එය යුද හමුදාවේ තිබිය යුතුය. එවන් යුදාධිකරණ වාර්තාවක් තිබෙන අයෙක් රටක යුද හමුදාපති කරන්නේ නම් ඒ රටට දෙයියන්ගේම පිහිටය.

2. ශ්‍රී ලංකාව තිස් වසරක යුද්ධයකට මුහුණ දුන් රටකි. මෙම යුද්දය ත්‍රස්ත කොල්ලන් කිහිප දෙනෙකුගෙන් ආරම්භ වී බර අවි සහිත, නාවුක බලයක් සහිත, ගුවන් බලයක් සහිත නොනිල හමුදාවක් බවට පරිවර්තනය වීමට මුල් කාලයේදීම එක් හේතුවක් වූයේ හමුදාපතිලා ලෙස ක්‍රිෂාන්ත සිල්වා වැනි යුද්ද ගැන අවබෝධයක් නැති ඉංජිනේරු බලකා වල පුද්ගලයන් හමුදාපතිවරුන් වීමය. ඩෙනිස් පෙරේරා සහ නලින් සෙනෙවිරත්න හමුදාපතිවරුන් හොඳම උදාහරණයන්ය. නලින් සෙනෙවිරත්නගේ යුගයේදී එල්ටීටීඊය මෝටාර් අවි වලින් පහර දෙද්දී නලින් සෙනෙවිරත්න මෝටාර් අවි ගැන අහලාවත් තිබුනේ නැත. දිවි බේරා ගත් සෙබලුන් ‘රොකට් එකක් වගේ එකක් ඇවිත් පිපිරුනා‘ කියද්දී නලින් සෙනෙවිරත්න කට ඇරගෙන බලා සිටියේ අන්ධභූත ජාතකය අහන් ඉන්නවා සේය. ඊට බලපෑ ප්‍රධාන හේතුව නම් ඉංජිනේරු බලකා වල ‘බාස් උන්නැහේලා‘ යුද්ද ගැන නොදන්නා නිසාය. ලංකාවේ යුද්දය වෙනස් මගක් ගෙන ජයග්‍රහණයකින් අවසන් කළ හැකි වූයේ නලින් සෙනෙවිරත්නගෙන් පසුව ‘බාස් උන්නැහේලා‘ යුද හමුදාපතිවරුන් ලෙස පත් නොකර පාබල හමුදාවන්ගේ ඒකක වලින් හෝ යුද ටැංකි ඒකකයේ නිලධාරීන් හමුදාපති වරුන් ලෙස පත් කිරීම නිසාය.

දැන් මේ මගින් ඉවත් වෙමින් විශාල පා බල හමුදාවක් සිටින, යුද කර ජයගෙන ඇති හමුදාවක, නායකයා ලෙස ඉංජිනේරු බලකායේ ‘බාස් උන්නැහේ‘ කෙනෙක් යලි පත් කර තිබීම ගැන හමුදාව කම්පා වෙති.

3. ක්‍රිෂාන්ත ද සිල්වා වනාහී බලය හැර දා ගිය රාජපක්ෂලා වෙනුවෙන් එකසිය ගණනින් කඩේ ගොස් අවසාන මාසයේදී පමණක් ගෝඨාභයගේ කීම ඇසුවේ නැති අයකි. ඒ නම් අවසාන දින වලදී ඔහු රුසියාවේ නියෝජ්‍ය තානාපති ලෙස කටයුතු කළ අතර රාජපක්ෂගේ ඡන්ද වැඩ සඳහා යලි රට පැමිණෙන්නැයි කී විට ඔහුගේ ඉවට හෝ මෙවර නම් රාජපක්ෂලා පරදින බව වැටහී පැමිණියේ නැත. ඒ නිසා නව ආණ්ඩු ප්‍රධානීන් සිතාගෙන ඉන්නේ ඔහු රාජපක්ෂ සට්ටැඹියෙක් නොවේ යැයි කියා විය යුතුය.

නමුත් ඒ එසේ නොවේ. යුද්ධයේදී යටත් වූ පුද්ගලයන් සහ බාර වූ පුද්ගලයන්ගේ වගකීම දරණ ෆෝවර්ඩ් මේන්ටෙනන්ස් ඒරියා එක බාරව සිටියේ ක්‍රිෂාන්ත ද සිල්වා ය. ඔහුට ආසන්නව ඉහලින් අණ දුන්නේ ජගත් ජයසූරිය විසිනි. ඒ දෙදෙනාම යුද මෙහෙයුම් වලට සම්බන්ධ නැත. කෙළේ පසුපසින් උදව්කරන කණ්ඩායම් බාරව සිටීමය. එහිදී ක්‍රිෂාන්ත ද සිල්වා තමන් වගකීම දැරිය යුතු යටත්වූ සහ බාර වී සිටි දෙමළ ජනතාව ගෝඨාභයගේ සහ ජගත් ජයසූරියගේ අණ මත පැමිණ සිටි ගෝඨාභයගේ මිනීමරු කණ්ඩායම් වලට බාර දුන්නේය. එලෙස රැගෙන ගිය පිරිසෙන් 1500 කට පමණ සිදුවූ දේ අද දක්වා කිසිවෙක් දන්නේ නැත. පසුගියදා ඉසප්‍රියා වැනි යටත් වූ සිවිල් වැසියන් සමූහ වශයෙන් ඝාතනය කර ඇති පින්තූර දෙමළ ඩයස්පෝරාව විසින් ප්‍රචාරය කරන ලද්දේ ඒ එදා ක්‍රිෂාන්ත ද සිල්වා විසින් තම වගකීම් පැහැර හරිමින් ගෝඨාභයගේ ඉල්ලීමට නීති විරෝධී ආකාරයෙන් ක්‍රියා කිරීම හේතුවෙන් ඝාතනය කළ මිනිසුන්ය. ඉන් රටට සිදුවූ කළු පැල්ලම අදත් සෝදා ගත නොහැකිය. යුද පිටියේදී ලක්ෂයක් මිය ගියද එතරම් ප්‍රශ්නයක් නොවූ වද ඊට වඩා මහා විශාල අපරාධයක් වන්නේ යටත් වූ සහ බාර වූ පුද්ගලයන් ඝාතනය කිරීමය.

අද ඔහුට පක්ෂව කතා කරන අය පවසන්නේ ක්‍රිෂාන්ත සිල්වාගේ ෆෝවර්ඩ් මේන්ටෙනන්ස් ඒරියා එකට ආ බාර වූ සහ යටත් වූ දෙමළ ජනතාව කඳවුරු වෙත යැවීමෙන් පසුව ගෝඨාභයගේ පිරිස් විසින් එතැනින් රැගෙන ගොස් ඝාතනය කළ බවයි. එය එසේ සිදුවූවද ඊට වගකිව යුතු වන්නේද ක්‍රිෂාන්ත සිල්වා මිස අන් අයෙක් නොවේ. මන්ද යත් නිසි වාර්තා තබා නොගත් නිසාවෙනි. ප්‍රථම අවස්ථාවේදීම නිසි වාර්තා තබා ගත්තා නම් පසුව කිසිවෙකුට පැහැරගෙන ගොස් මරා දැමිය නොහැකිය.

මේ අනුව ක්‍රිෂාන්ත ද සිල්වා හමුදාපති කිරීමෙන් යහපාලන ආණ්ඩුව වස මඩක් අනාගතයේදී කනවා නිරනුමානය.

4. ගෝඨාභය ක්‍රිෂාන්ත සිල්වා රුසියාවේ නියෝජ්‍ය තානාපති කර යැව්වේද නිකම් නොවේ. ගෝඨාභය පාවෙන අවි ගබඩා පවත්වාගනිමින් ගෙන ගිය හොර අවි ජාවාරමට සහාය ලබා ගැනීමට ය. රුසියාවේ තනාපති වූ රාජපක්ෂ ඥාතී උදයංග වීරතුංග විසින් ගෝඨාභයට අවශ්‍ය අවි මිලදී ගැනීම් රුසියාවේ සිට සිදුකළේය. එහිදී තානාපති වරයා ඍජුව අවි ජාවාරමට මැදිහත් වනවා වෙනුවට ගෝඨාභය විසින් ක්‍රිෂාන්ත සිල්වා ඒ සඳහා යොදවා ගත් බවට මේ වන විට තොරතුරු ලැබෙමින් පවතී.

අද ශ්‍රී ලංකාවේ යුද හමුදාව ගමන් කළ යුතු අරමුණු වලින් ප්‍රධාන කිහිපයකි. එනම් රාජපක්ෂලා විසින් වසර ගණනාවක් පුරා දේශපාලනීකරණය කළ යුද හමුදාව ඉන් මුදවා ගෙන නිර්දේශපාලනීකරණය කිරීමය. දෙවැන්න නම් හමුදාව මරණාධාර සංගමයක් සේ සලකා අතෝරක් නැතිව නීති විරෝධී සහ දූෂණ ක්‍රියා සිදුකළ හමුදා ලොක්කන්ට නීති ප්‍රකාරව දඬුවම් දී සුද්ධ කිරීම ය. අද පත් කළ නව හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගෙන් එවැන්නක් ඉටු වෙතැයි සිතීම විහිළුවකි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.