Breaking
23 Feb 2025, Sun

රනිල් එපා කියා සිරිකොතට ගල් ගහද්දි කලිසමේ චූ කර ගෙන පක්ෂ නායක වු රනිල් පස්සා දොරක් ගැන දොඩවයි

රනිල් වික්‍රමසිංහ අද කොහෙදෝ යනගමන් යන්නේ කොහේද මල්ලේ පොල් ජාතියේ කාතාවක් කියා තිබේ.පරාදවු ජනාධිපති මහින්ද රාජපක්ෂ පස්සා දොරින් ගෙනවිත් අගමැති කිරිම සදහා කාටවත් හැකියාවක් නැති බව කියා තිබේ. මහින්ද පස්සා දොරින් අගමැති පුටුවේ තියා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේවත් පුටුවේ ඉදගත් අයෙකු නොවන බව පලමුවෙන්ම පිං අගමැතිට මතක් කර දිය යුතුය.රනිල් වික්‍රමසිංහ කවුරුන්ද යන්න අප අමුතුවෙන් ජනතාවට කියා දියයුතු නැත නමුත් මේ ලියන්නේ රනිල්ට රනිල් කවුරුන්ද යන්න මතක් කර දිමටය.

පක්ෂයේ නායකත්වය ආරක්ෂා කරගැනිම සදහා පක්ෂ ව්‍යවස්ථාව අවස්ථා ගණනාවකදි හොර රහසේ වෙනස් කල,පක්ෂ නායකත්වය බලෙන් ලබාගැනීමට එරෙහිව තමන්ගේ පක්ෂ මධ්‍යස්ථානයට තම පාක්ෂිකයින් විසින් ගල් ගසද්දි කාමර වලට වි හැංගි…කලිසමේම මුත්‍රා කරගත් බව රනිල්ට අමතක නම දැන් මතක් කර ගත යුතුය.

එපමණක් නොවේ රටේ සැම දිස්ත්‍රික්කයකම රනිල් පලයන් යනුවෙන් උද්ඝොෂණ කල බවත් ..අද ලග ඉදගෙන ඉන්න ඇතැම් මන්ත්‍රිවරුන් රනිල්ට බැන්නේ “පොන්නය ඉන්නකම් අපිට දිනන්නට බෑ ” කියාය.මට මතක ඇති ආකාරයට රනිල් පැරදුනු මැතිවරණ ගණන 15ක් පමණ වේ.එම සැම මැතිවරණයකදිම රනිල්ගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය රනිල් මෙන් දියාරු වි ගියා මිස පණ ගසා නැගිට්ට දිනයක් නැත.

පක්ෂයේ හතර පස් දෙනෙකු අල්ලාගෙන මාධ්‍ය මාෆියාව හරහා ඔහුන්ට ගරහමින් යන්තම් බලය අල්ලාගෙන් සිටින රනිල් බලයට කෑදර මෛත්‍රීපාල සිරිසේන වැනි අමනයෙකුහරහා බෙදුම්වාදීන්ගේ ඡන්ද ප්‍රථිපලයෙන් ජනාධිපති පුටුවට මෛත්‍රී දමා පැයක් යන්නට මත්තේන් අගමැති කම හොරා කෑ අයෙකු බව රනිල්ට අමතකද?

අවසාන වශයෙන් රනිල්ට එකක් මතක් කරදිය යුතුය මහින්ද රාජපක්ෂ මේ රටේ අයිතිය හිමි ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වු අයෙකු බවත් හෙට අනිද්දාට මැතිවරණයක් පැවැත්විමෙන් පසුව බෙදුම්වාදීන් නොමැති එජාපයට සිද්ධ වන්නේ හැමදාම වගේ රාජපක්ෂලාට පරදින්නට විම බව මතක තබාගත යුතුය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.