Breaking
23 Feb 2025, Sun

වෙහෙර ගිල්ල රවිට අග්ගලා ගෙඩිය මොන කජ්ජක්ද?

දවස් 75ක් ගතවන විට මහ බැංකුවේ බැඳුම්කර ‘ගේම.’ එක හරහා  පැයක ගනුදෙනුවකින් රුපියල් කෝටි 300කට වැඩිය කොල්ල කා රටේ ජනතාවට කෝටි 10,000ක් අහිමි කල ටොයියන්ට දැන් වෙහෙර ගිල්ල එකාට අග්ගලා ගෙඩිය මොන කජ්ජක්ද? කියලා හිතනවා විනා වෙන කරන්නට දෙයක් නැත. ඒ නිසාම මේ දිනවල ටොයියන් හැසිරෙනුයේ මඳ කිපුනු අලින් ගානයටය.

ඒ අනුව මහා බැංකුව කාපු එවුන්ට අනිත් බැංකු කියන්නේ ටොයිස් භාණ්ඩයකි.ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස එම බැංකුවේ ජාතික සේවක සංගමයේ සභාපති වන සුරංග නාඋල්ලගේ යන අය මුදල් අමාත්‍යවරයා වන රවී කරුණානායක මහතා විසින් නීති විරෝධී අයුරින් පත් කර තිබේ.

2007 අංක 11 දරණ වාණිජ බැංකු සඳහා වන පනතට විරුද්ධව ඔහු මෙසේ අධ්‍යක්ෂක මණ්ලයට පත් කර ඇති අතර රාජ්‍ය මූල්‍ය ආයතනවල සේවකයකු එහි අධ්‍යක්ෂක මණ්ඩලයට පත් නොකළ යුතු බවට නීතියක්ද ඇති අතර එම නීති උල්ලංඝණය කරමින් විෂයභාර ඇමතිවරයා මෙම පත් කිරීම සිදු කර තිබේ. පත්වීම් ලැබීමෙන් පසුව ඔහු විසින් බැංකුවේ පරිපාලන කටයුතුවලට බලපෑම් සිදුකරමින් සිටින බවද වාර්තවේ.

ඒ පමණක් නොවේ රවී කරුණානායක මහතාට බොහෝ කාලයත් හිතෛෂීව කටයුතු කරන ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වන එස්. රහ්මාන් මහතා ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට අමාත්‍යවරයා විසින් පත්කර තිබේ.ඒ සදහා රහ්මාන්ට තිබුනු ලොකුම සුදුසුකම වි ඇත්තේ පසුගිය වසර 14 ක කාලයක් මුළුල්ලේ රහ්මාන් මහතා රවී කරුණානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කිරිමයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.