Breaking
23 Feb 2025, Sun

වර්ධරාජා පෙරුමාල් “දෙමළ ඊලාම්” වෙනුවෙන් සන්නද අරගලයකට සුදානම්

යහපාලන වට්ටි අම්මාගේ පිහිටෙන් යහපාලන පිහිටුවා සති දෙක යන විට යලිත් ශ්‍රි ලංකාවට පැමිණ උතුරේ බෙදුම්වාදය වේගවත් කල වර්ධරාජා පෙරුමාල් ඇතුළු කණ්ඩායම දෙමළ ඊලාම් නමින් නව සංවිධානයක් ආරම්භ කර තිබේ.”ඊළාම වෙනුවෙන් ජිවිත පුදමු” යනුවෙන් එහි සටන් පාඨය නම්කර තිබෙන අතර මේ වනවිට ඒ සදහා සමාජිකයන් බදවා ගැනිම ආරම්භ කර තිබේ.

මෙම සංවිධානයේ කටයුතු සියල්ල  එල්.ටී.ටී.ඊ සංවිධානය නියෝජනය කළ නියෝජිතයින් රැසකගේ දායකත්වය ඇතුව ක්‍රියාත්මක වන අතර එම සංවිධානයේ ඉහල තනතුරු සියල්ල එම සමාජිකයන්ට හිමිව තිබේ.

යහපාලන බුද්ධි අංශ වාර්තා මේ සම්බන්ධයෙන් යහපාලන රජයට දැනුම්දි තිබේන අතර ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය පරිත්‍යාගයන් ලබන දෙමළ ඊලාම් සංවිධානය එම මුදල්වලින් එහි සාමාජිකයන්ට යතුරුපැදිද ලබාදී තිබෙනවා.

වර්ධරාජා පෙරුමාල් ගැන 

පසුගිය 01 වන දින යාපනය විශ්වවිද්‍යාලයේද එම සාමාජිකයන්ගේ ප්‍රදානත්වයෙන් රැස්වීමක් පවත්වා ඇති අතර, ගනේෂිවකුමාර් නමැති නීතිඥවරයා එහි දේශනයක් පවත්වා ඇතැයි සඳහන්.ඔහු කොටි සංවිධානය පැවැති සමයේ එහි සාමාජිකයන්ටද දේශන පැවැත්වූ අයෙකු බවයි බුද්ධි අංශ අනාවරණ කරගෙන ඇත්තේ. වැඩි පිරිසක් එම සංවිධානයට සම්බන්ධ වී ඇත්තේ, යාපනය, කන්කසන්තුරේ, පේදුරු තුඩුව ආදී ප්‍රදේශවලින්.

1983 වසරේදී මඩකලපු සිරගෙදරින් පලාගොස් ඉන්දීය රෝ බුද්ධි සේවයේ සහය මත මෙරටට පැමිණ 1988 දෙසැම්බර් සිට 1990 මාර්තු දක්‌වා උතුරු නැගෙනහිර මහ ඇමැති ලෙස පත්ව උතුරු නැගෙනහිර දෙපළාත ඊළාම් රාජ්‍ය බවට ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සහය ඇතුව පසුගිය 17 වැනිදා නැවතත් උතුරට පැමිණ තිබේ.

ඉන්දියාවේ ඔරිස්‌සා ප්‍රාන්තයේ වාසය කරන වර්ධරාජා පෙරුමාල් වසර 25ට පසු පසුගිය අප්‍රියෙල් 17 යාපනයට පැමිණ මහ ඇමැති විග්නේශ්වරන් සමඟ රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත. ඊ.පී.ඩී.පී. සංවිධානයේ සුන්දරම් හා ශිවන්දිරන්ද එකී සාකච්ඡාවට සහභාගි වූ බව වාර්තා වේ. අනතුරුව නල්ලූර්හි අප්‍රේල් 17 දාම පැවති ජන හමුවකට සහභාගි වූ වර්ධරාජා පෙරුමාල් තමා යළි දේශපාලන කටයුතුවල නිරත වන බව පවසා ඇත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.