පසුගිය දිනවල ජෝන් අමරතුංග ඇමතිවරයාගේ බෑණා තම පුද්ගලික වාහන කිහිපයක ක්‍රිස්තියානු කටයුතු අමාත්‍යංශයේ නම ගහගෙන ගිහින් නිදන් හාරා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා, නාරාහේන්පිට අභයාරාමයේදී අද පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේ.
මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ
(ඡායාරූපයේ දැක්වෙන්නේ ගොන් ජොන්ගේ බෑනාය) නිධාන කතාවේ CIA වාර්තාව පහතින් බලන්න
පසුගිය දිනවල ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ නම ගහගත්තු වාහන කිහිපයක ගිහිල්ලා නිදන් හාරලා තියෙනවා. මම දන්නෑ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය අලුතෙන් බෞද්ධ පුරාවිද්‍යාත්මක උරුමයන් ගැන පර්යේෂණයක් කරන්න පටන් අරන්ද කියලා. ඒ වාහනවල පුවරුවේ තියෙන්නේ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය කියලා. වාහනවල අයිතිය තියෙන්නේ විෂයභාර ඇමතිවරයාගේ බෑණාට. ජෝන් අමරතුංගඇමතිවරයාගේ බෑණාට. වාහන සහ වාහනවල හිටපු අය ඇල්ලූවා. ඒත් වාහන අයිතිකාරයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවෙන්නෙ ඇයි? වාහන අයිතිකාරයා තමයි ගෝලයො මේ වැඬේට එවන්නේ. ඇයි ඒ ගැන හොයන්නේ නැත්තේ? අල්ලපු අයත් එළියට දැම්මා. පෙනෙනවාද දැන් නීතිය ක‍්‍රියාත්මක වන හැටි.
අද පුවත්පත්වල වාර්තාකර තිබුණා, පසුගිය වසර 06 තුළ රට පැනපු මිනිමරු පාතාල නායකයන් 06 දෙනෙක් නැවත ලංකාවට ඇවිල්ලා කියලා. මේ ඇවිල්ලා නොවෙයි එයාලව ගෙන්වනවා, මහ ඡන්දෙට තමන්ගේ නරුම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරවා ගන්න. ඒ වගේම බරපතළ අපරාධවලට වගකිව යුතු කොටි සිරකරුවන් 300කට ආසන්න පිරිසක් නිදහස්කර හැරීමට දැන් සූදානම් වෙනවා.
රට යන්නේ කොයි පාරේ
කොහෙටද මේ රට යන්නේ? මේකද මේ රටේ ජනතාව ඉල්ලපු අලූත් රට? අපේ ආණ්ඩුවට ඒ දවස්වල කීවා දැවැන්ත ණය බරකට රට ඇදලා දැම්මා කියලා. අපේ ආණ්ඩුව 2014 වසරටම රුපියල් බිලියන 259.8ක ණය මුදලක් අරන් තිබුණේ. ඒත් මේ ආණ්ඩුව මේ මාස කිහිපයට පමණක් අරන් තියෙනවා රුපියල් බිලියන 378.3ක ණයක්. ණය ගැනීමෙන් මේ ආණ්ඩුව ‘කප් එක’ ගහලා තියෙනවා. මේ ණය කියලා කියන්නේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ගත් ණය නොවෙයි. එදිනෙදා පැවැත්ම සඳහා ගත් ණය. මේ ණය 6.25%ක අධික පොලී අනුපාතිකයකටයි ලබාගෙන ඇත්තේ. යුද්ධයෙන් පසුව අපේ ආණ්ඩුව එවැනි අධික පොලියකට ණය අරගෙන නැහැ. අධික පොලියට ණය අරගෙන ඒකෙන් 2%ක් කොමිස් ගැහුවා කියලා අපේ ආණ්ඩුවට චෝදනා කරපු අය දැන් ඊට වැඩි පොලියට ණය ගන්නවා. එහෙම නම් කොමිස් එක 3% වෙලා ඇති. එහෙම තමයි අපට හිතන්න තියෙන්නේ.
රුපියල් 10,000ක් මූලික වැටුපට එකතුවෙයි, දීමනාත් වැඩි වෙයි. බඩට සැපක් වෙයි කියලා හිතලා රජයේ සේවකයෝ හංසයාට කතිරය ගැහුවා. අන්තිමට බඩට සැපත් නැහැ. හැම පැත්තෙන්ම රට අරාජික වෙනවා හැර වෙන දෙයක් සිදු වෙන්නේ නැහැ.
මේ අවුරුද්දේ ජනවාරි මාසයේ 08 වැනිදා දින 100කින් අලූත් රටක් ලබාගැනිමේ අහිංසක බලාපොරොත්තුව පෙරදැරිකරගෙන හංසයාට කතිරය ගහලා ඒ දින 100 ගෙවිලා ගියාට පස්සෙ මොකක්ද මේ වුණේ? කියලා උඩ බලාගෙන සිටීමට මේ රටේ යම් පිරිසකට අද සිදුව තිබෙනවා.
2005දී මහින්ද රාජපක්‍ෂ මහතා බලයට එන විට මේ රට යුද්ධයෙන් බැට කාලා තිබුණේ. රට බෙදීයාමේ ඉම දක්වා පැමිණ තිබුණා. දුප්පත්කම 16.7% දක්වා ඉහළ ගිහිල්ලා තිබුණා. උද්ධමනය, විරැකියාව ඉතා ඉහළ මට්ටමක තිබුණේ. සෑම සමාජ-ආර්ථික දර්ශකයකම අපි හිටියේ ඉතාම අසීරු අඩියක. නමුත් 2013 වන විට 16.7%කට තිබුණු දුප්පත්කම 6.7% දක්වා පහළට බස්සන්න ඒ ආණ්ඩුවට පුළුවන් වුණා. දළ ජාතික නිෂ්පාදනය මින් පෙර නොතිබූ ඉහළම අගයකට ගෙන ඒමට හැකි වුණා. රටේ මිනිස්සු දැක්කා රට දිනෙන් දින දියුණු වෙනවා. පෑලියගොඩ පරණ හන්දිය දැකපු අයට අලූත් හන්දිය හොයා ගන්න බැරි වුණා. ආර්ථික සංවර්ධනයක් වගේම රටේ ස්ථාවරභාවයත් ඇති වුණා.
වෘත්තීය පුහුණුව, අධ්‍යාපනය, නිවාසකරණය, නගර නවීකරණය, යටිතල පහසුකම් සංවර්ධනය ආදී සෑම පැත්තකම දැවැන්ත වැඩ කොටසකට රට අවතීර්ණ වෙලා තිබුණා. ඒ පිබිදෙමින් යන ගමන දැකපු සමහරුන්ට ඕනෙ වුණා ඊටත් වඩා විශාල වෙනසකට මේ රට යොමු කරන්න. අද දින 100කට පස්සේ ලැබිලා තියෙන්නේ ‘අලූත් රටක්ද? අවුල් රටක්ද?’ දින 100න් අලූත් රටක් වෙනුවට අවුල් රටක් ලැබී තිබෙනවා. දිනෙන් දිනම ඒ අවුල වැඩි වෙනවා මිසක් අඩු වෙන ආකාරයක් නම් දැක ගන්න ලැබෙන්නේ නැහැ.
ලෝකයේ පසුගිය අවුරුදු 06 තුළ වේගයෙන්ම දියුණු වූ නගරය බවට කොළඹ නගරය පත් වුණා. ඒ නිසා රටේ සමහරුන්ට ඕනෙ වුණා ඊටත් වඩා ඉහළ තලයකට ඒ නගරය රැගෙන යන්න පුළුවන් පිරිසකට රට භාර දෙන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? අද කොළඹ මහ නගර සභාව තීරණය කරනවා, පදික වේදිකාවල ආයෙත් පෙට්ටි කඩ පටන් ගන්න. කොළඹ නගරයේ තවම නම් අනිසිි තැන්වල පෝස්ටර් ඇලවී නැහැ. නමුත් තව ටික දිනකින් ඒකත් පටන් ගනිවී. දින 100න් හැදුණු අවුල් රටේ, කොළඹ නගරය දිනා ගත්තු දේත් අහිමි වෙමින් යනවා. අපි දන්නවා අද රටේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු වෙන්නේ නැහැ. ආරක්‍ෂක හමුදා මූලස්ථානය ඉදිකිරීම නතර කිරීම, උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය නතර කිරීම, යම් අධිවේගී මාර්ගයක් නතර කිරීම ආදී දේවල් මේ අය කියන්නේ තමන් කළ මහලොකු හපන්කම් විදියට. දැන් නම් ‘පෝට් සිටි’ ව්‍යාපෘතිය ගඩොල, ගඩොල ගෙනල්ලා ගඩොල්වලට මල් පූජා කරලා අපට සීනි තවරලා ගිල්ලවන්න යන බව පෙනෙනවා. අපේ සංස්කෘතිය තුළ මා දන්නා අන්දමට ගඩොල්වලට මල් පූජා කරලා නම් නැහැ. මල් පූජා කරන්නේ බුදුන්ට, දෙවියන්ට හෝ යම් ආගමික සංකේතයකට. මට තේරෙන්නේ නැහැ, මේ විදියට බෞද්ධ සංස්කෘතියේ තිබෙන වටිනාකම් කෙළෙසන්නේ ඇයි? කියලා.
ආණ්ඩු එනවා, යනවා. ඒත් රටේ දියුණුව සඳහා ගත්තු තීරණ ක‍්‍රියාත්මක විය යුතුයි. තාක්‍ෂණ අධ්‍යාපනය දරුවන්ට දෙන්න අලූත් විෂය මාලාවක් පටන් අරන් ඊට අවශ්‍ය තාක්‍ෂණ විද්‍යාගාර හදමින් තිබුණා. ඒවාට දැන් තාක්‍ෂණ උපකරණ ලබා දෙන්නෙත් නැහැ. ඉදිකිරිම් අවසන් කරන්නෙත් නැහැ. හදපු තාක්‍ෂණ විද්‍යාගාරවල ‘මහින්දෝදය’ කියන නම ගලවන්න නම් උනන්දුව තිබෙනවා. ජනාධිපතිතුමා ගිය ආණ්ඩුවෙන් හදපු තාක්‍ෂණ විද්‍යාගාර ‘මහින්දෝදය’ නම ගලවලා විවෘත කරන හැටි නම් දැක ගන්න පුළුවන්. පසුගිය ආණ්ඩුව අවසන් කළ සංවර්ධන ව්‍යාපෘතිවල නමක් තිබුණොත් ඒක ගලවලා විවෘත කිරීමනම් මේ අය සිදු කරනවා. ඒ අනුව මේ රටේ දියුණුව සඳහා පසුගිය ආණ්ඩුව ගත්තු සෑම පියවරක්ම නතර කොට තිබෙනවා.
රජයේ ආයතනවල අතිකාල කපලා. ඉතිහාසයේ පළමු වතාවට වරායේ ජයබහාලූ පර්යන්තයේ සේවකයන්ගේ අතිකාල දීමනා කපන්න තීරණය කොට තිබෙනවා. කවදාවත් වරායේ අතිකාල කැපුවේ නැහැ. වරාය කියන්නේ පැය 24ම ක‍්‍රියාත්මක වන ආයතනයක්. දැන් එතැනත් අතිකාල කපනවා. නාගරික සංවර්ධන අධිකාරිය, ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැනි තැන්වලත් දැන් අතිකාල කපලා. වැටුපට දීමනාවක් එල්ලලා අතිකාලවලින් ලැබෙන මුදල් කප්පාදු කොට තිබෙනවා.
අනෙක් පැත්තෙන් උතුරේ ඇතිවන අනාරක්‍ෂිත තත්වය පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුයි. ‘කසිප්පුකාරයකු අල්ලාගෙන ආවා’ කියලා පසුගියදා ප‍්‍රදේශවාසීන් පොලීසියකට ගල් ගහලා. මීට පෙරත් උතුරේ පොලිස් නිලධාරීන්ට පහර දුන්නා, ‘පොලීසියට බුද්ධි තොරතුරු දුන්නු දෙමළ ජාතිකයකුට පහර දුන් පුද්ගලයාව අත්අඩංගුවට ගත්තා’ කියලා. එතැනදීත් පොරොව අරගෙන ආවේ පහර දෙන්න. දැන් උතුරේ නීතිය හා විධානය ක‍්‍රියාත්මක නොවන තත්වය ටික ටික වර්ධනය වෙමින් තිබෙනවා.
පසුගිය දිනෙක පොලීසිය භාර ඇමති ජෝන් අමරතුංග මහත්තයාව අල්ලපු පුටුවේ තියාගෙන උතුරේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහත්තයා කියනවා, ‘වහාම උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරන්න. උතුරේ කුඩු ව්‍යාප්ත වෙන්නේ හමුදාව නිසා’ කියලා. කුඩු බෝ වෙන්නේ හමුදාව නිසා නොවෙයි යුද්ධයෙන් පසු ගෙවී ගිය අවුරුදු 05 තුළ කුඩු බෝ වුණේ නැහැ. එදා නාවික හමුදාව හොදට උතුරු මුහුද ආරක්‍ෂා කළා. උතුරු ඉන්දියානු බෝට්ටුවලින් හොර බඩු වගේම දකුණු ඉන්දියානු බෝට්ටුවලින් කුඩු තොග ගෙන එන්න එදා පුළුවන් වුණේ නැහැ. විග්නේෂ්වරන් මහත්තයා අද ඇත්ත කතා කරනවා නම් කියන්න ඕනෙ, ‘නාවික හමුදාවේ ආරක්‍ෂක වැඩපිළිවෙළ දියාරු වීම නිසා දකුණු ඉන්දියාවෙන් එන කුඩු තොග අද උතුර වෙළාගෙන තියෙනවා’ කියලයි. විග්නේෂ්වරන්ලා අද දකුණු ඉන්දියාවෙන් කුඩු එන එක වහනවා. ඒ පරිප්පුවත් හමුදාවට කවන්න හදනවා. උතුරේ මොන දේ වුණත් ඒක හමුදාවට බැර කරලා උතුරෙන් හමුදාව ඉවත් කරවීමේ සැලැස්මයි මේ යන්නේ. මේ ගොල්ලෝ දැනටමත් උතුරෙන් සියලූ හමුදා කඳවුරු ගලවනවා. එහෙම නොකරන්නේ ළගදීම මහ මැතිවරණයක් එන නිසයි. මහ මැතිවරණයෙන් මේ අය වැරදිලාවත් ජයග‍්‍රහණය කළොත් උතුරේ එක හමුදා කඳවුරක්වත් ඉතිරි වෙන්නේ නැහැ. ඒක ඉතා පැහැදිලියි.
ජාත්‍යන්තර වශයෙන් ආරක්‍ෂාව පිළිබඳ තිබෙන අභියෝගය බලවත් වෙනවා. දෙමළ ඩයස්පෝරාව බලවත් වෙනවා. ඔවුන් කොටි සංවිධානය වෙනුවෙන් ආධාර එකතු කරනවා. ඒත් මේ ආණ්ඩුව උතුරේ ආරක්‍ෂාව දුර්වල කරනවා. අද කොතැනකටද මේ රට ඇදගෙන යන්නේ? 27,000ක් දරුවෝ ජීවිත පුදලයි ආරක්‍ෂිත රටක් හදා ගත්තේ. මේක ලේවලින් ආරක්‍ෂාව තහවුරු කරගත්තු රටක්. එහෙම රටකට, අද දින 100න් අලූත් රටක් හදනවා, කියලා ඇවිල්ලා මොකද කරන්නේ? ගොඩගාගත්තු ආරක්‍ෂාව දියකර හරිනවා. බුද්ධි අංශය අද දියකර හරින්න තීන්දු කරලා ඉවරයි. බුද්ධි අංශයේ හිටපු ප‍්‍රධානියා සහ බුද්ධි අංශ නිලධාරින්ට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) විසින් පරීක්‍ෂණ අරඹා තිබෙනවා. ඒ කියන්නේ නුදුරේදීම මිලේනියම් සිටි පාවාදීමට නොදෙවැනි පාවාදීමක් සිදු වෙනවා. මේක කාගේ උවමනාවක්ද? විදේශ අමාත්‍යවරයා ලංකාවේ තහනම් කරලා තියෙන සංවිධාන, ලන්ඩන්වලට ගිහිල්ලා හමුවන්නේ කවරකටද? මේ රටේ ආරක්‍ෂාව තහවුරු කරන්නද?
මංගල සමරවීර මහතා සමග සතිඅන්ත ජාතික පුවත්පතක් සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගෙන් විමසා තිබුණා, ‘ශ‍්‍රී ලංකාවේ UNDP නියෝජිතයා උතුරු පළාත් සභාව, උතුරු පළාත් ආණ්ඩුව ලෙස හඳුන්වනවා, එය වැරදියි නේද?’ කියලා. විදේශ අමාත්‍යවරයා ඊට පිළිතුරු වශයෙන් කියා තිබෙනවා ‘ආණ්ඩුව කීවාම මොකද, පළාත් සභාව කීවාම මොකද, අපි ඔය වචනවල පැටලෙන්න ඕනෙ නැහැ’ කියලා. එහෙමනම් කියන්න පුළුවන් ගැහැණිය කීවාම මොකද? පිරිමියා කීවාම මොකද, මනුෂ්‍යයෙක්නේ. වචනවල පැටලෙන්න ඕනෙ නැහැ’ කියලා.
එදා උතුරු නැගෙනහිර පළාත් සභාව පිහිටුවපු අවස්ථාවේ එහි මහ ඇමති ධුරය දැරූ වර්ධරාජා පෙරුමාල් මහතා පුවත්පතක දැන්වීමක් දැම්මා ‘ උතුරු පළාත් ආණ්ඩුව’ නමින්. නමුත් එදා රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට සහ රන්ජන් විජේරත්න රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාට කොන්දක් තිබුණා, ‘මේ රටේ තියෙන්නේ එක ආණ්ඩුවයි. අනෙක් ඒවා පළාත් සභා’ කියලා කියන්න. අද මේ අගමැතිවරයාට සහ විදේශ අමාත්‍යවරයාට එහෙම කියන්නවත් කොන්ද පණ නැහැ.
මෙවැනි වචන වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමේදී ඉතා වැදගත් වචන. ‘ආ උතුරු පළාත් ආණ්ඩුවක් තිබිලා තියෙනවා. ඊළගට තියෙන්නේ රාජ්‍යය. ඒක පොඩි වෙනසක්’ කියලා බෙදුම්වාදී බලවේග පසුව කියාවි. මේ විදේශ අමාත්‍යවරයාට ඒවා ගැන ‘වගේ වගක්’ නැහැ. එයා පසුගියදා ජපානයේ ගියා 74ක් සමග. 73ක් පිරිමි, කාන්තාවන් 01යි. හැබැයි හිටපු ජනාධිපතිතුමාට චෝදනා කළා එදා ‘තොග පිටින් විදේශ සංචාරවලට රැගෙන යනවා’ කියලා.
අද දිනාගත්තු ආරක්‍ෂාව බිඳවැටෙනවා. මේ රටේ ගොඩනගාගත්තු ස්ථාවරභාවය බිඳවැටෙනවා. රනිල් වික‍්‍රමසිංහ බලා ඉන්නවා දෙමළ ජාතික සන්ධානය සමග හවුල් ආණ්ඩුවක් හදන්න. එහෙම ආණ්ඩුවක් හදලා මේ වතාවේ කරගන්න බැරි වුණු වැඩ ටික ඒ සැරේ කරගන්නයි එයා කල්පනා කරන්නේ. ‘දින 100න් අලූත් රටක්’ හොයාගෙන ගිහිල්ලා තිබුණු රටත් අවුල් වුණු එක නොවෙයිද මේ සිදුවෙලා තියෙන්නේ. මේ අවුල පවත්නා විට මේ රට වඩා පරාජිත රටක් බවට පත් වෙනවා. ඒක වෙන්න ඉඩ හරිනවාද?
‘මහින්ද තර්ජනයෙන්’ බේරෙන්න රනිල්ට ටිල්වින්ගෙන් උපදෙස්
මේ අවුල් හවුලට තිබෙන එකම තර්ජනය මහින්ද රාජපක්‍ෂ. එක පැත්තකින් තානාපති කාර්යාලවල එක එක පිල්ලි එවලා එතුමාට යෝජනා කරනවා, ‘සම්භාවනීය තනතුරු හදලා දෙන්නම්. බිල් ක්ලින්ටන්ට, ලී ක්වාන් යූට, මහතීර් මොහොමඞ්ට වගේ සම්භාවනීය කැරට් අල හදලා දෙන්නම්’ කියලා. දැන් තවත් පැත්තකින් යුද විරෝධී එන්.ජී. ඕ වලට සල්ලි එවලා. ජුලි මාසයේ ‘මහින්ද එපාෟ’ කියලා ඔවුන් සම්මන්ත‍්‍රණ පටන් ගන්නවා. ඒ වගේම මහින්ද විරෝධී ගීත කියන්න සංගීත කණ්ඩායම් හදනවා.
ටිල්වින් සිල්වා මහත්තයා කියනවා ‘මහින්ද තර්ජනයෙන්, බේරෙන්න නම් වහාම කළ යුතු වන්නේ නීතිය කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමයි’ කියලා. ඔන්න ‘විප්ලවවාදී උපදෙස්’ ධනේෂ්වර ආණ්ඩුවට. තම විප්ලවවාදී ව්‍යාපාරය මර්දනය කළ බටලන්ද වදකාගාරය පවත්වාගෙන ගිය ‘මිස්ටර් බටලන්දගේ’ නායකත්වයෙන් යුත් ධනේෂ්වර ආණ්ඩුවට විප්ලවවාදී පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් මේස්ත‍්‍රිගේ ටිල්වින් සිල්වා සහෝදරයා උපදෙස් දෙනවා. ‘මහින්ද තර්ජනයෙන්, ගැලවීමට අන් මගක් නැත. කළ යුතු වන්නේ වහා නීතිය ක‍්‍රියාවට නැංවීමයි’ කියලා. ඒ කියන්නේ FCID එකෙන් බැරිනම් වෙන මොකක් හරි ජල්බරියක් හදලා හරි ඇතුළට දාන්න කියලයි. ඔන්න රතු මල්ලිලාට දැන් වෙලා තියෙන නස්පැත්තිය. ධනේෂ්වර ආණ්ඩුවේ මර්දනකාරී උපදේශකත්වයේ භූමිකාව ඔවුන් අද හිමිකරගෙන තියෙනවා. මම යෝජනා කරනවා, මාධ්‍ය ආයතනවලින් ඔය වැඬේටත් තරගයක් තියලා එතුමන්ලාට ඊට හිමි සම්මානය ලබාදෙන්න කියලා.
ඇමති මණ්ඩලය 25ට සීමා කරනවා කිව්වා. අද ඇමති මණ්ඩලය 82යි. එක ඇමතිවරයකු දින 100ට රට ගිහිල්ලා තියෙනවා 40 වතාවක්, තමන්ගෙ පුතා සමග. වියදම රුපියල් කෝටියට ආසන්නයි. එදා කිව්වේ මොනවාද? අද වෙන්නේ මොනවාද? ඔවුන් කියපු දේ සහ කරන දේ අතර ඇත්තේ ඉතාම පැහැදිළි ලෙස ගැටුමක්. ආප්පය දන්නේ නැහැ, ‘තාච්චියෙ හිටපු විදිය.’ ඒ වගේ මේ ආණ්ඩුව දන්නේ නැහැ වෙලා තියෙන්නේ මොනවාද? කියලා.
මෛත්‍රීට මිලියන 290ක වියදමින් නව මන්දිරයක්
අගමැතිතුමා හොඳට කකුල් දෙක වන වනා ඉන්නවා. ජනාධිපතිතුමා ඉදලා හිටලා සපත්තු ජෝඩුවක් අරගෙන හැඩ බලනවා. ඒ වගේ වැඩ ටිකක් කර ගෙන ඉන්නවා. මේ තරම් හොඳ ජනාධිපති මන්දිරයක් තියෙද්දි සරත් අමුණුගම ඇමතිතුමා හිටපු නිල නිවස සහ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිතුමා හිටපු නිල නිවස යන දෙකම එකට එකතු කරලා මහා මන්දිරයක් හදනවා, මිලියන 290කට වඩා වියදම් කරලා. ඔන්න ජනාධිපතිතුමාගේ අල්පේච්ඡතාවය. මොකටද මේ අලූත් මන්දිරයක් හදන්නේ? විශ‍්‍රාම ගියාම ඒකේම ඉන්න. ජනාධිපති මන්දිරයේ හිටියොත් ඒක දාලා යන්න වෙනවා. ගෙවල් දෙකක් පූට්ටු කරලා භවන වගේ හදාගත්තම ඒකේ සදාකල් ඉන්න පුළුවන්.
අපි කවුරුත් කීවාද එතුමාට රටේ ජනාධිපති මන්දිරයේ නොඉද වෙනම ගෙදරක ඉන්න ඕනෙ කියලා. අපට එහෙම අසනීප නැහැ. ජනාධිපති මන්දිරය හදලා තියෙන්නේ ජනාධිපතිවරයාට ඉන්න. එහෙම නැතිව මීයන්ට, කැරපොත්තන්ට ඉන්න නොවෙයි. මේ සියල්ලෙන් පෙනෙනවා කියපු දේ සහ වෙන දේ අතර තිබෙන සුපැහැදිලි වෙනස. දින 100න් අවුල් රටක් හැදුවා. මේ අවුල දිග්ගැස්සුනොත් මේ රට නැත්තටම නැති වෙනවා. මේ තත්වය අද මුළු රටම තේරුම් අරන් ඉවරයි. අවුරුදු 05කින් ආණ්ඩුවක් ගැන ලැබෙන අවබෝධය මේ ආණ්ඩුව දින 100-150න් අපට ලබාදීලා තිබෙනවා. ඒ නිසා අපි තවදුරටත් වටේ ඇන ඇන ඉන්න අවශ්‍ය නැහැ. ‘මහ මැතිවරණය දෙන්න අපේ විශ්වාසභංග ටික දෙන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා. මේ තත්වයට එරෙහිව පෙළ ගැසෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.