Breaking
5 Feb 2025, Wed

යහපාලන ජාත්‍යන්තර වහලා රට වහල් දේශයක් කිරිමට පෙර!

දින සියයකට පසුව ජාතිය අමතමින් තමන් තරම් ජාත්‍යන්තරව වහල් සේවයේ යෙදුනු තවත් රාජ්‍ය නායකයෙකු නැති බව පසුගියදා ජාතිය අමතමින් පුල පුලා රටට කී යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන් දින දෙකකට පසුව මාධ්‍යයට බැණ වදිමින් කියා සිටියේ තමන් ජාත්‍යන්තර වහලෙකු නොවන බවත් අගමැතිවරයා නම් කිරිම සදහා තමන්ට ජාත්‍යන්තරව කිසිදු බලපැමක්ද නැති බවයි.

සත්‍ය කුමක්ද කියා ජනතාවට අලුතින් කියාදිය යුතු නැත….මන්ද කතාව අවසාන වන්නටත් පෙර රටේ ජනයා එයට දැක්වු ප්‍රතිචාර මෛත්‍රීද දන්නා බව දැන් නොරහසකි.

පහත දැක්වෙන්නේ ඉරිදා දිවයින පාලිත සේනානායක සමග ආචාර්ය දයාන් ජයතිලක පැවැත්වු සම්මුඛ සාකච්ඡාවක උපුටා ගත් කොටසකි….අවධානයෙන් කියවන්න 

ඇමරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා වන ටොම් මැරිටොස්‌කි ශ්‍රී ලංකාවට පැමිණියේ මීට සති ගණනාවකට උඩදී. ඔහු පැමිණ කළ කී දේ තුළින් අපේ මේ රට ගෙනියන්න හදන දිශාව ඉතාම පැහැදිලියි. ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවී ඊනියා යුද අපරාධ පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කළා පමණක්‌ නොවෙයි මුලතිව් වෙරළට ගොස්‌ මුලතිව් වැල්ලේ දණගසා යුද්ධයෙන් මියගිය සියලු පුද්ගලයන් වෙනුවෙන් මල් වඩමක්‌ තැබුවා. එය දමිළ ජනමාධ්‍යයේ පළවුණා. අන්තර්ජාලයේ එම ඡායාරූප තිබුණත් දකුණේ කිසිම ජනමාධ්‍යයක ඒ ඡායාරූප පළ වුණේ නෑ. මුලතිව් වෙරළේ 2009 දී මියගියේ සෑම ජනවර්ගයකටම අයත් සාමාන්‍ය ජනතාව නෙමෙයි. කොටි නායකයින් ඇතුළු ත්‍රස්‌තවාදීනුයි. ඇමරිකාව දැන් ශ්‍රී ලංකාව දක්‌කාගෙන යන්න හදන දිශාව දැන් පැහැදිලිවම පේනවා.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජැපෑන් ටයිම්ස්‌ පුවත්පතට ලිපියක්‌ සපයමින් පවසා සිටියේ වර්තමාන ආණ්‌ඩුව යටතේ ශ්‍රී ලංකාව ලෝකයේ තමුන්ගේ මූලෝපායික ස්‌ථානගත කිරීම වෙනස්‌ කිරීමට උත්සාහ දරන බවයි. එයින් අදහස්‌ කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ දෙවැනි වාරයේ විදේශ ප්‍රතිපත්තිවල සිදුවූ යම් යම් අඩුලුහු`ඩුකම් හා වැරදි කළමනාකරණය නිවැරදි කරනවාය කියන උපක්‍රමික ප්‍රකාශනය නෙමෙයි. එයින් කියන්නෙ ශ්‍රී ලංකාව මූලෝපායික වශයෙන් ලෝකයේ ස්‌ථානගත වී ඇති තැන සහමුලින්ම වෙනස්‌ කරනවා කියලයි. එනම් බටහිරට ගැති, බටහිර කඳවුර සමග බැඳුණු, චීනයට විරුද්ධ ස්‌ථානයකට ශ්‍රී ලංකාව මාරු කිරීමට මේ ආණ්‌ඩුවේ උත්සාහයක්‌ තිබෙන බවයි. 

ජෝන් කෙරී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මංගල සමරවීර මහතා මුණගැසුණු විට පවසා සිටියේ ශ්‍රී ලංකාව දමිළ ජනතාවට විරුද්ධව අවුරුදු 30 ක්‌ තිස්‌සේ කළ යුද්ධය හමාර කර සාමය හා සෞභාග්‍ය කරා යැමට ඇති කර ඇති සැලැස්‌ම දැනගැනීමට තමා බොහෝ කැමැත්තෙන් සිටින බවයි. ඒ අවස්‌ථාවේ මංගල සමරවීර මහතා කිවයුතුව තිබුණේ ශ්‍රී ලංකාව කිසිදිනක දමිළ ජනතාවට එරෙහිව යුද්ධ නොකළ බවයි. ශ්‍රී ලංකාව යුද්ධ කළේ ත්‍රස්‌තවාදීන් සමග බවයි. නමුත් මංගල සමරවීර මහතා එවැන්නක්‌ ප්‍රකාශ කළේ නෑ. ඇමරිකා එක්‌සත් ජනපදයේ පත්වී ඇති ශ්‍රී ලංකා සම්භවයකින් යුත් ඉහළ වෘත්තීයවේදීන් අට සියයකට වඩා දැන් මංගල සමරවීර මහතාගේ රැකියාව කිරීමට ඉදිරිපත් වූ සිටිනවා. ඔවුන් ජෝන් කෙරීගේ ඒ සාපරාධී ප්‍රකාශයට එරෙහිව පෙත්සමක්‌ අත්සන් කර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. ඒ උත්සාහයට නායකත්වය දී ඇත්තේ ලොස්‌ඇන්ජලීස්‌හි වාසය කරන ශ්‍රී ලාංකික කාන්තාවක්‌. ඇය පුවත්පත් කලාවේදිනියක්‌ වන හසින ලීලාරත්න මහත්මියයි.

ජෝන් කෙරීගේ මේ ප්‍රකාශය තුළින් ඔහු සිංහල ජනතාව පිළිබඳ කොතරම් දරුණු මතයක එල්බගෙන සිටිනවාද යන්න පැහැදිලියි. ඔහුගේ එම වැරදි මතය නව ආණ්‌ඩුවෙන් නිවැරදි කරන්නට හොඳම අවස්‌ථාව එළඹෙන්නේ ඔහුගේ පැමිණීමත් සමගයි. නමුත් මගේ අදහස නම් ජෝන් කෙරීගේ මේ පැමිණීමත් නරේන්ද්‍ර මෝදි අගමැතිතුමාගේ පැමිණීම හා සමාන එකක්‌ වනු ඇති බවයි. නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා අපේ රටට පැමිණ සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයකු නොකරන දෙයක්‌ සිදුකළා. එනම් ඔහු අපේ පාර්ලිමේන්තුව අමතා අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්‌ වන අපේ රාජ්‍ය ව්‍යqහය පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක්‌ කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඔබ්බට යා යුතු බවත් පෙඩ්රල් ක්‍රමය ඊට සුදුසු ක්‍රමයක්‌ බවත්ය. ඒ ප්‍රකාශය පිළිබඳව භාරතීය ජනතා පක්‌ෂය බැංගලෝර්හි සිය වාර්ෂික සමුළුවේදී මෝදි අගමැතිතුමාට ප්‍රශංසා කර යෝජනාවක්‌ද මීට සති දෙකකට පමණ පෙර සම්මත කරගන්නා ලදී. ජෝන් කෙරී මහතාත් ශ්‍රී ලංකාවට පැමිණ අප ගත යුතු මග පිළිබඳව දේශනයක්‌ පවත්වනු ඇත. ඇමරිකාවත් ඉන්දියාවත් එකතු වී දැන් මේ කරන්නේ නාස්‌ ලණුවක්‌ දමා අපේ රට මේ නව ආණ්‌ඩුව හරහා තමුන්ට අවශ්‍ය දිසාවට හරවාගෙන යැමයි. එහි එක්‌ ප්‍රතිඵලයක්‌ වන්නේ ලෝකයේ බටහිර රටවල් පවා චීනය දෙසට හැරී ආර්ථික වාසි ලබාගැනීමට උත්සාහ දරන මොහොතකදී කුඩා ශ්‍රී ලංකාව පමණක්‌ එයින් ඈත් වී අපේ ආර්ථික ශක්‌තිය හා අනාගතය පරදුවට තබන ඉතාමත් අදූරදර්ශී මාවතකට පිවිසීමයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.