Breaking
23 Feb 2025, Sun

මෛත්‍රී මාව මගහරිනවා – මෛත්‍රීට මඩ ගහන්න මඩ බලකාය සුදානම් කරයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන ගන්නා තින්දුව අනුව ඔහුට එරෙහිව ක්‍රියාත්මක විම සදහා අවශ්‍ය කරන මෛත්‍රීට සම්බන්ධ දුෂණ,වංචා සහ විවිධ වැරදි තින්දු මෙන්ම ගෙවිගිය දින 150ක කාලය තුල අත්සන් කල ජාත්‍යන්තර ගිවිසුම් කිහිපයකම තොරතුරු මාධ්‍ය හරහා මුදාහැරිමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,රුවන් විජයවර්ධන,මලික් සමරවික්‍රම,මංගල සමරවිර,සාගල රත්නායක,අකිල විරාජ් කාරියවසම් සහ එජාප මහ ලේකම් කබිර් හෂිම් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාව සදහා සහභාගි වි ඇති අතර රනිල් එහිදි පවසා ඇත්තේ ….යම් හෙයකින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහින්ද යලි තරග කලහොත් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව පිහිටු විම හිනයක් පමණක් බවයි.

එම නිසා චන්ද්‍රිකා කුමාරතුංග සහ තමන් මෛත්‍රීපාල සිරිසේනට දිගින් දිගටම මහින්දට කිසිදු අවස්ථාවක් ලබා නොදේන ලෙසට බලපැම් කල බවද රනිල් එහිදි පවසා තිබේ.නමුත් ගෙවුනු දින කිහිපයේම මෛත්‍රී තමන් මගහැර යමින් සිටින බවද රනිල් එහිදි පවසා තිබේ.
මෛත්‍රීපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව සිටිමේ උත්සහයක්පිළිබදව තමන්ට වාර්තා වි ඇති බවත් එසේ වුවහොත් අනීවාර්‍යන්ම මහින්ද වාදින් සන්ධාන බලය අත්පත් කර ගැනිම කිසිවෙකුට වැලැක්විමට නොහැකි බවද රනිල් පෙන්වා දි තිබේ.
එම නිසා යම් හෙයකින් එවන් තත්ත්වයක් උදාවුවහොත් මෛත්‍රීපාල ඇතුලු යහපාලනයට එකතුවු මන්ත්‍රිවරුන් ඉලක්ක කර මාධ්‍ය හරහා ප්‍රහාරයක් එල්ලකල යුතු බවත් ඒ සදහා අවශ්‍ය තොරතුරු සියල්ල මේ වනවිට සකසා ඇති බවද සදහන් කර තිබේ.
මේ අතර අරලියගහ මන්දිරයේ පැවති රැස්විමකට එක්වෙමින්  පිං අගමැති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ තමා කිසිලෙසකින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් යලි ඇති විමට ඉඩ නොදේන බවයි.
තමා කිසිලෙසකින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ඇති කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
සන්ධාන ආණ්ඩුවක් මෙරට ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බවද ඔහු පවසා තිබේ.නමුත් දින 150ක් යන විට පිං අගමැතිකමේ රස හේතුවෙන් ජනතාව අවස්ථා ගණනාවකදිම  ප්‍රතික්ෂේප කළේ එක්සත් ජාතික පක්ෂය බව ඔහුටම අමතක වි තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.