Breaking
24 Feb 2025, Mon

කලිසම නැතුව කතා කරන ආචාර්ය සිල්වා..

ආචාර්ය හර්ෂ ඩි සිල්වා පහුගිය දිනවල හිටියේ තෝන්තු වෙලා වගේය. විපක්ෂයේ ඉන්නා කාලේ දන්නා දේටත් නොදන්නා දේටත් යටි ගිරියෙන් කෑ ගැසීමට පුරුදු මුන්නැහේට  ආර්තික සංවර්ධන නියෝජ්‍ය ඇමති කම ලැබූ දා සිට අද වන තුරු පලක් ඇති මෙලෝ දෙයක් කරගන්නට බැරි වීම එයට හේතුවය්. අනුන්ගේ වැරදි හොයන උන්ට තමුන්ගේ කියා කිසිදු හැකියාවක් නැති බව මේ ටය් කෝට් කාරයා දැනටමත්  ඔප්පු කර ඇත.

 එහෙත් යහපාලන කැඳ හැලියේ දින 100 අවසන් වූ පසු හර්ෂ ඩි සිල්වා හදිසියෙම මාධ්‍ය සාකච්චා කීපයකට පෙනී සිටියේය. චන්දයක් ලඟ එනවිට කොය් කොය් දෙශපාලුවාටත් මාධ්‍ය සංදර්ශන අවශ්ය වන බව අපි දනිමු. වැඩක් කරගන්නා හැටි නොදැන දත කට පූට්ටු වී 100 ගෙවූ ඉතින් මේ හාදයාට මාද්‍යවලට කියන්නට ඇත්තේ මොනවාදැය් විමතියට පත්වූ අපි ඔහුට හොදින් ඇහුම්කන් දුන්නෙමු. මෙන්න ඔහු කී දේ හා එහි ඇත්ත තත්වය.

1)  රටේ උද්දමනය ඉතිහාසයේ පලමු වතාවට දශම ගනනකට් බැස අත. එය යහපාලන රජයේ ජයග්‍රහනයකි.-   බොරුවෙන්ම බලයට පැමිනි යහපාලකයෝ බොරුවෙන්ම ජීවත් වෙන්නට දරන උත්සාහය මෙයින් මොනවට පෙනේ. රටේ උද්දමනය මනිනු ලබන්නේ මාස 18ක පමන චක්‍රයක් බාවිතයෙනි. අද අපි දකින්නේ වසර එක හමාරක් තිස්සේ කරගෙන ආ වැඩ පිලිවෙලක ප්‍රතිපලයය්. පසුගිය  වසර 4 පුරා දිගින් දිගටම අඩුවීගෙන ආ උද්දමනය හර්ශ ඩි සිල්වා හිටියත් නැතත් තව මාස 6ක් වත් දිගටම අඩුවනු ඇත. යහපාලන ආන්ඩුවේ නොහැකියාව උද්දමන අගය තුලින් දකින්නට ලැබෙනේ ඊට පසුවය. ඉතින් මේ තක්කඩියා බොරු කියා රවටන්නට හදන්නේ මේ රටේ ජනතාවය.

2) යහපාලන රජය යටතේ ජීවන වියදම අඩුවී ඇත.

ආචාර්ය සිල්වා මේ කතා කරන්නේ මොන රට ගැන දැය් අපි නොදනිමු. ලංකාවේ ජීවත් වන අපිට නම් ජීවන වියදමේ අඩුවක් වී නොමැත. හාල් පිටි පොල් පරිප්පු  එලවලු මස් මාලු කරවල තුනපහ මිරිස් වැනි ජීවත් වෙන්නට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සියල්ලේ මිල දින 100 කට පෙර තිබුනාට වඩා වැඩිය. පාන් ගෙඩියක හෝ බනිස් ගෙඩියක මිල අඩුවී නැත. රුපියල් 10 ට ආප්ප තේ දෙන තැන් අපිනම් නොදනිමු. ආන්ඩුවේ ඉස්පිරිතාලේ එදා නොමිලේ දුන් බෙහෙත් දැන් පාමසියෙන් ගන්න කියන බව නම් දනිමු.

3) රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි වී ඇත-  හැබැය් රාජ්‍ය සේවය මෙන් සිව් ගුනයක් වන පෞද්ගලික අංශයේ පඩි වැඩි වී නැත. රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නට බදු ගෙවන පෞද්ගලික අංශය අද විශාල අර්බූද්යකට මුහුන පා ඇත. යහපාලන රජයේ අග මුල මැද නොදන්නා ආර්ථික ප්‍රතිපත්ති යටතේ දේශීය හා විදෙශීය අයෝජන ඇන හිට ඇත. මාස තුනක යහපාලන රජය යටතේ මේ වන විට  ඍජු හා වක්‍ර හේතු මත රැකියා හා ආදායම් මාර්ග අහිමි වූ පිරිස ලක්ෂ 2 ඉක්මවය්. ගොඩනැගිලි කර්මාන්තය මුලුමනින්ම බිඳ වැටී ඇත. බොහෝ කර්මාන්ත හිමියන් තම සේවකයන්ගේ වැඩ කාලය සීමා කිරීමට පටන් ගෙන ඇත.

4. රජය පෙට්‍රල් මිල අඩු කර ඇත-  පසුගිය රජයේ දූෂන වංචා ගැන කෑ ගසන යහපාලන රජය  හොරකම් කරන්නේ සාමාන්‍ය ජනතාවට නොතේරෙන ඉහල තලයකය. පැයක් ඇතුලත මහ බැංකු ලොක්කා ( කා වෙනුවෙන් දැය් අපි දනිමූ) රුපියල් බිලියන් 10ක්  හොරකම් කල මහ බැංකු බැදුම කර මගඩිය එවන්නකි. උන්ගේ ගාන කපා ගත්තාට පසු මේ මගඩියේ අතුරුපලක් ලෙස රටට වූ බිලියන් 500 පාඩුව ගැන රනිල්ට රවීටවත් හාංකවිස්සියක්වත් නැත. පෙට්‍රල් මිල අඩු කිරීමත් ජනතාවට ආදරයෙන් කල දෙයක් නොව තවත් විශාල මංකොල්ලයක පෙර සැලැස්ම බව අපි අද මේ රටෙ මහජනතාවට කියමු. පසුගිය රජය ක්‍රම් ක්‍රම්යෙන් පෙට්‍රොලියම් සංස්ථාවේ නය බර රුපියල් බිලියන 400 අඩුකර තිබුනි. ඔවුන්ගේ සැලැස්ම වූයේ 2016 වන විට මෙම් නය මුලුමනින්ම ගෙවා අවසන්කොට මහජන්තාවට සැමදා පවතින සහනයක් දෙන්නටය. එහෙත් යහපාලන් අස්බන්දුම නිසා මේ නය ගෙවීම නතර විය. දැන් නයට දිනෙන් දින පොලිය එකතුවෙය්. හෙට අනිද්දා ලෝක වෙළෙඳපොලේ තෙල් මිල වැඩිවූ විට මෙම නය බර අසීමිත ලෙස වැඩිවනු ඇත. බලලා මල්ලෙන් එලියට පන්නින්නේ එවිටය. පාඩු ලබන තෙල් සංස්ථාව ගොඩගන්නට නම් එය පෞද්ගලීකරනය කල් යුතුයැය් යෝජනාව එන්නේ එදාටය. මිලදී ගන්නා අයත් බිලියන් ගනන් කොමිස්  ගහන අයත් දැනටමත් තීරනය වී හමාරය.

5. ජාත්‍යන්තර ශ්‍රේනිගතකිරීම ආයතනයක් වන ෆිච් ආයතනය ලංකාවේ ආර්තිකය ගැන හොඳ වාර්තාවක් දී ඇත –  ආචාර්ය හර්ෂ ඩි සිල්ව කතා කරන්නේ මුඛයෙන්ද නැත්නම්  අධෝ මුඛයෙන්දැය් අසන්නට අපට සිදුවන්නේ මේ කතා අහන විටය. ෆිච් ආයතනය වාර්තාවක් ඉදිරිපත් කරන්නෙ මුලිකවම පසුගිය වසරේ ආර්ථික කලමණාකරන දෙස බලා රජය ඒ ආකාරයටම දක්ෂ ලෙස ආර්තිකය කලමණාකරන කරනු ඇතැය් උපකල්පනය කරමිනි. ඒ නිසා ඔවුන් ලබා දුන්  වාර්ථාවේ සමස්ථ ගෞරවය හිමිවිය යුත්තේ පසුගිය රජයටය්.කිසිදු විලි ලැජ්ජාවක් නොමැතිව අනුන්ගේ වැඩවල ගෞරවය ගන්නා  ( පින්නවල එලිමහන් සත්තු වත්ත හා මහින්දෝදය පසැල් තවත් උදාහරනය) යහපාලන රජයෙ ඇමතිවරයෙකුගෙන් වෙන යමක් බලාපොරොත්තු විය නොහැකි වුවද ෆිච් ආයතනය ගැන කතා කරන්නට පෞද්ගලිකව ආචාර්ය සිල්වාට කිසිදු සදාචාරත්මක අය්තියක් නැත. ඒ වසර ගනනාවක් තිස්සේ ෆිච් ආයතනයපසුගිය රජයේ ආර්තික කලමණාකරනය පස්සද්දී ජාත්‍යන්තර ශ්‍රේනිගතකිරීම ආයතන කියන දෙවල් පිලිගන්නට බෑ යැය් දිගින් දිගටම කෑ මොර ගැසුවේ මේ යෝදයා නිසාය.

~~විශේෂ ලියුම්කරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.