Breaking
23 Feb 2025, Sun

ඊළාම බෙදා ගන්න උතුරේ ගැටුම උග්‍ර අතට- රෝ සංවිධානය ඝාතනයන්ට සුදානමින්!

පසුගිය මැයි 24 වැනිදින අප අනාවරණය කල පරිදිම උතුරේ ඊළාම් රාජ්‍ය පිහිටුවීමට ත්‍රස්තවාදී කණ්ඩායම් අතර ගැටුම උග්‍ර අතට පත්වෙමින් තිබේන අතර ඊළාම් බිමේ අයිතිය ද්‍රවිධ සන්ධානයට ලබාදි එහි පාලනය බලය ඉන්දියාව නතුකර ගැනිම සදහා රෝ සංවිධානය උතුරේ සිමිත මෙහෙයුමක යෙදි සිටි.

-උපුටා ගැන්ම අප වෙබ් අඩවිය –

උතුරේ ඊළාම් රාජ්‍ය පිහිටුවිමට කොටි හිතවාදින් අතර තරගයක් ඇතිවි තිබෙන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරයි.දෙමළ ජාතික සංවිධානය සහ දෙමළ ජාතික ජනතා පෙරමුණ අතර බරපත්ල ලෙස මෙම අර්බුදය උත්සන්න වෙමින් තිබේන අතර එම අර්බුදය උග්‍ර අතට හැරෙමින් පවතින අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් ඊයේ රාත්‍රියේ ඝාතනය කිරිමටද උත්සහ දරා තිබේ.

අදාළ පුවත් සම්පුර්ණයෙන් කියවන්න –උතුරේ බල අරගලයක්! සෙල්වරාසා ගජේන්ද්‍රන් ඝාතන සැලැස්මක්!

දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් වන සෙල්වරාසා ගජේන්ද්‍රන්, ඉන්දීය බුද්ධි ඡාලයේ ඝාතන උත්සාහයෙන් බේරී ඇති බව තහවුරු වී තිබෙන බව අද දමිළ මාධ්‍ය වාර්තාකර තිබේ.

යාපනය සහ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල සමග සම්බන්ධ වී ක්‍රියාත්මක කල රහසිගත ක්‍රියාමාර්ගයකින් ගජේන්ද්‍රන්ව ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බව අනාවරණය වී තිබෙන බවද දමිළ පුවත්පත් සහ වෙබ් අඩවි රැසක් වාර්තාකර තිබුනා.

ඉන්දීය දුම්රිය මාර්ග ඉදිකිරීමේ සමාගමට අයත් වාහනයක් යොදාගෙන මෙම ඝාතන උත්සාහය ක්‍රියාත්මක කර ඇත. ගජේන්ද්‍රන්ගේ සැරිසැරීම් හොඳින් නිරීක්‍ෂණය එම වාහනය පදවාගෙන පැමිණි රියදුරාගේ දුරකථනයට ලැබී ඇති අවසන් නියෝගය මගින් මෙය හඳුනාගෙන ඇත. එනමුත් කොළඹ ඉහල පෙලේ නියෝගයක් මත පරීක්‍ෂණ අත්හිටුවා ඇති අතර රියදුරාත් නිදහස් කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.