Breaking
23 Feb 2025, Sun

මෛත්‍රීට-රනිල්ට වෙබ් ෆෝභියාව සැදේ – ආණ්ඩුව් විරෝධී වෙබ් මර්දණයකට සුදානමක්!

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ මහා ඉහලින් මාධ්‍ය නිදහස ගැන කතාකල එක්සත් ජාතික පක්ෂ නායකයන් හා මෛත්‍රී පිළේ අමනයන්ට දැන් වෙබ් භිතීකාව සෑදි ඇති බව වාර්තා වේ.දින 100ක් තුල ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීම පසෙකලා වෙබ් මර්දණයකට සුදානම් වන බව වාර්තා වේ.

මහා මැතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ ඇතුලු ප්‍රගතිශිලි ජනයා මර්දණය කිරිමට පෙර මහින්දට සහය දෙන වෙබ් අඩවි සහ ස්ව කැමැත්තෙන් මහින්ද වෙනුවෙන් පෙනි සිටින සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරින් වහාම මර්දණය කිරිමට කටයුතු කල බව පසුගියදා විපක්ෂයේ දේශපාලුවන් මුණ ගැසුනු වෙබ් මාෆියාවේ පියවරුන් ලෙස පෙනි සිටින අසමජ්ජාති පියවරුන් රැසක් කරුණු පැහැදිලි කර තිබේ.

නමුත් මෙහි යටි අරමුණ වි ඇත්තේ රාජපක්ෂලා ඇතුලු ඇමතිවරුන්ට මඩ ගසමින් සල්ලි ගරාගත් මෙම අසමජ්ජාති පියවරුන් දැන් කූජීත වි සිටින නිසා මේ අකාරයට වෙබ් මර්දණයකට ආණ්ඩුව උසී ගන්වමින් සිටි.

අන්තර්ජාලය භාවිත කරමින් සිදුකරන මඩ ප්‍රචාර නතර කරමින් ඒවා සිදුකරන හොරුන් අල්ලන ලෙස ඉල්ලා ‍මිරිහාන ‍පොලිසියට පැමිණිලි කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු යොදා තිබෙන බවත් එලෙස මඩ ප්‍රචාර ගෙන යන  වෙබ් අඩවි සහ ෆේස් බුක් ගිණුම් කිහිපයක් හඳුනාගෙන ඇති බවත් එජාපය මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබේ.

මහින්ද රාජපක්ෂලාගේ සමයේ සිටිම මඩ ගැසිමේ ක්‍රියාවලියක යෙදි සිටින වෙබ් අධවි සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට අමතක් වි තිබේ.තවමත් එම වෙබ් අඩවි රටතුල ක්‍රියාත්මක වන අතර එවා පවත්වාගෙන යැම සදහා ආණ්ඩුවෙන් මුදල් ලබදෙන බව එම වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් විසින් හෙලිකර තිබේ. මිට අමතරව දිනකට රුපියල් 2000 බැගින් ගෙවමින් සිරිකොත පක්ෂ මුලස්ථානයේ සහ බත්තරමුල්ලේ පවත්වාගෙන යන මඩ බලකායන් පිළිබඳව රටේ ජනතාව හමුවේ අනාවරණය වි අවසන්.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.