Breaking
23 Feb 2025, Sun

ෆොන්සේකාට ෆීල්ඩ්මාෂල් දුන්නා වගේ

ලංකාවේ ෆීල්ඩ් මාෂල් සහ ලෝකයේ ෆීල්ඩ් මාෂල්ලා අතර වෙනස් කමක් තිබේ.ඒ අපේ රටේ ෆීල්ඩ් මාෂල් අමතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියාය.

යුධ හමුදාවේ ඇති ඉහලම සහ ජේෂ්ඨතම නිලයක් ලෙස ෆීල්ඩ් මාෂල් තනතුර හඳුන්වන්න පුළුවන්. එහි ඇති සුවිශේෂී බව නිසාම එයට මේවන තෙක්ම පත් වී ඇත්තේ ඉතාම විශිෂ්ට ගණයේ හමුදා නිලධාරින් පමණී.

ෆීල්ඩ් මාෂල් තනතුර සඳහා ඉතිහාසයේ සිටම අත්‍යවශ්‍ය සාධකයක් ලෙසට දක්වා ඇත්තේ යුද බිමෙහි දක්වන ලද අසමසම දක්ෂතාවයයි. උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් වන ශ්‍රීමත් තෝමස් බැලමි වෙත එම දූරය හිමි වූයේ ඔහු දෙවන ලෝක යුද්ධයේදි දැකුවූ අසමසම දක්ෂතාව හේතුවෙනි.එමෙන්ම මෙතෙක් පත් වූ සියළුම ෆීල්ඩ් මාර්ෂල්වරුන්ගේ  දක්ෂතාවයන් අසමසම වේ.

ඉහත කෙටි හැදින්වීම මගින් ප්‍රවේශය ගනු ලැබුවේ හමුදා නිලධූරාවලිය ගැන කතා කිරීමට නොව ලංකාවේ එකම ෆීල්ඩ් මාෂල්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව විවරණයක යෙදීම සඳහාය.
2015 ජනවාරි 08 වෙනිදා පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා යටතේ පත් වූ යහපාලන ආණ්ඩුව මගින් සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් තනතුර පිරිනමනු ලබන්නේ හිටපු ජනපති යටතේ ඔහුට සිදූ වූවා යන මදි පුංචිකම් වලට පිරියමක් ලෙස හදුන්වන්න පුළුවන්. මන්දයත් එල්.ටී ටී ඊ ත්‍රස්තවාදීන් පරාජය කිරීමට ඔහු දැක්වූ දායකත්වය වෙනුවෙන් ලුතිනල් ජනරාල් ලෙසින් සිටි ෆොන්සේකා ජනරාල් ධූරය දක්වා උසස්කර නිසා  ඔහුට හිමි නිසි ඇගයීම ලැබූ බැවිනි. එහෙත් පසුවයුධ හමුදා සේවයේ සිටියදීම දේශපාලනය කිරීම වෙනුවෙන් යුධාධිකරණය මගින්  ඔහුට නිල මට්ටමෙන් දඩුවම් කිරීම මගින් සියලු තනතුරු ඉවත් කළා.

අනතුරුව පත්වන යහපාලන ආණ්ඩුව ෆීල්ඩ්මාෂල් තනතුර ෆොන්සේකා මහත්තයාට ලබා දෙන්න යුධ සමයේ ඔහුගේ වීරත්ව්‍ය වෙනුවෙන් බව මතුපිටින් පෙන්වා දුන්නද සැබෑ තත්ත්වය වන්නේ ජනාධිපතිවරණයට තරග වදින්නට පක්ෂයක් නොමැතිව අර්බුදයට ලක් වී සිටි සිරිසේන අපේක්ෂකයාට තම පක්ෂය ලබා දීමෙන් කළ උපකාරයට ප්‍රතිඋපකාරය වෙනුවෙන් බව  නොරහසකි. එවගේම කවදා හෝ දවසක ෆීල්ඩ් මාෂල් වීමේ ෆොන්සේකාගේ සිහිනය යථාර්ථය බවට පත් කර ගැනීමට ජනපතිවරයා දඩමීමා කර ගැනීමත් එයට සමගාමී උනා. ඒ හේතුව නිසාම මේ තනතුර හිමි වන්නේ හුදෙක් දේශපාලන එකඟතාවයක ප්‍රතිඵලයක් ලෙසින් බව පැහැදිලි වේ.

දැන් තනතුර ප්‍රදානය කර අවසන් ය. නමුත් විවාදාත්මක ගැටළුව බවට පත් වී ඇත්තේ ෆොන්සේකාගේ අසංවර හා අශ්ශීල වාග් මාලාව ෆීල්ඩ් මාෂල්වරයෙකුට තරම් නොවීමයි. සරත් ෆොන්සේකාගේ ඉවක් බවක් නැති කියවීම පිළිබදව උදාහරණ හමුවන්නේ 2010 ජනාධිපතිවරණ සමයේ සිටය. ලංකා ඉතිහාසයේ “පාහරයා, වලත්තයා, කළවැද්දා යනුවෙන් කතාකළ එකම ජනපති අපේක්ෂකයා වීමේ අවස්ථාව ෆොන්සේකා සතුය. මේ වචන මාලාව පසුගිය සමයේ මදක් යටපත් වී තිබුණද යලිත් එම වචන කළ එළි බැස ඇති බව ඔහු විසින් අමතන  රැස්වීම් වලින් පැහැදිළි වේ.

වරක් S.B දිසානායකගේ අදහස් දැක්වීමක් පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වීමෙන් දිසානායකගේ වචන අසංවර බව පැවසු ෆොන්සේකාගෙන් ඇසිය යුත්තේ ඔහුගේ වචන කෙතරම් සීලාචාරද යන්නයි.

කටවහගෙන ඉන්නකම් මෝඩයාද නුවනැත්තෙකි යනුවෙන් පැරැන්නන් පවසා ඇත්තේ කට කහනවට නොව ෆොන්සේකා වැනි අයගේ දැනගැනීම උදෙසා විය යුතුය. මහත්මාගතිය පවතින්නේ තනතුරේ ඇඳුමේ පමණක් නොව වචනයේ ද යනුවෙන් ෆොන්සේකාට මතක් කර දිය යුතුය. මන්දයත් ඔහුගේක්‍රියාකලාපය නිසා හෑල්ලුවට ලක් වන්නේ  ඔහු පමණක් නොවන බැවිනි. නොඑසේනම් මතු අනාගතේ කටුස්සාගේ කරේ රත්තරං බැන්දා වගේ යන්න ෆොන්සේකාට ෆීල්ඩ්මාෂල් දුන්නා වගේ යනුවෙන් වෙනස් විය හැකිය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.