විශේෂාංග

බෞද්ධයා දැවි යයි!

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 19 වන ව්‍යස්ථා සංශෝධනය හරහා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය  “ශ්‍රි ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය.” යන්න සමග ගැටුමක් ඇති කිරිමට උවමනාවෙන්ම සකසා ඇති බව දැන් අනාවරණය වෙමින් තිබේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 19 වන ව්‍යස්ථා සංශෝධනය ජනතා පරිමාධිපත්‍යයට පටහැනි යැයි ආණ්ඩුවේ පාර්ශවකාර ජාතික හෙළ උරුමය කෑ ගසන්නේ මෙම කතාව කෙලින් කියා ගත නොහැකිව බවද රටේ ජනතාව තෙරුම් ගත යුතුය.මන්ද සිංහල බෞද්ධයා කුජීත කළ රාජිත සහ චම්පිකට ඒ බව රටේ ජනතාව ඉදිරියේ කෙලින් කියන්නට බැරිය.

මෛත්‍රීට ලැබුණු ජනපතිකම රනිල් කොල්ලකෑවා,19 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවත්, එය පරාජය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය  පාඨලි චම්පික රණවක පසුගියදා මාධ්‍ය හමුවේ අවධාරණය කළා.

යෝජිත  19 වන ව්‍යවස්ථා සංශෝධනය සකස් කර ඇත්තේ තනි පුද්ගලයෙකුගේ කැමැත්තට අනුව වන බවත් එය පසුපස සිටිනුයේ මේ රට විනාශ කිරිමට එදා සිට මාන බලමින් සිටි අධිරාජ්‍යවාදීන් සහ බෙදුම්වාදීන් පමණක් බවද අප ඉතාමත් වගකිමෙන් යුතුව සදහන් කර සිටිමු.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය “ශ්‍රි ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය.” යන්න වක්‍රව ගැටුමක් ඇතිකර වෙනස් කිරිම හරහා බුද්ධාගමට  ලබාදි තිබෙන ස්ථානය නැතිකිරිමට යහපාලකයන් සුදානම් වන බව මහජන එක්සත් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කරන අනාවරණයෙන් පැහැදිලි වේ.

එම අනාවරණය –යහපාලන කුමන්ත්‍රණය මෙන්න -19 හරහා බුද්ධාගම අත්හරි! (VIDEO)

පහත දැක්වෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය හා ඒ හා සබැදෙන ආගම සම්බන්ධයෙන් කියවෙන මුලික අයිතිවාසිකම්ය.ඒ හරහා බුද්ධාගම රටේ ප්‍රමුඛ ආගම බවත් අනෙකුත් සියලුම ආගම් ඇදහිමට ඇති අයිතියද සපුරා පිලිගෙන තිබේ.

දැන් 2015 රනිල්-මෛත්‍රී කුමන්ත්‍රණ ආණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආගම ගැන කියන ආකාරය නිරික්ෂණය කරන්න

තවදුරටත් ඔබේ දැනුම පුලුල් කර ගැනිම සදහාත් රටේ පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් හදුනා ගැනිමත් තහවුරු කිරිම සදහා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 2015 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අප ඔබ වෙත ඉදිරිපත් කරමු.
ඔබේ අදහස් හා යොජනා අපට ලියන්න – lankanewsweb.today@gmail.com

constitution_1978

var docstoc_docid=’173674544′; var docstoc_title=’constitution_1978′; var docstoc_urltitle=’constitution_1978′;

constitution_2015

var docstoc_docid=’173674549′; var docstoc_title=’constitution_2015′; var docstoc_urltitle=’constitution_2015′;

Top