Breaking
23 Feb 2025, Sun

ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවු අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව තඹ හොරකමේ

කොළඹ ව්‍යාපාරිකයකු බදු රහිතව ඩුබායි සිට ගෙන්වූ තඹ කූරු කන්ටේනරයක් නිදහස් කරගැනීමට අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා මැදිහත්වී තිබෙන බව රේගුව පවසයි.සේනසිංහ මහතා රේගුවට පැමිණ එම තඹ කන්ටේනරය මුදා හරින ලෙස ඉල්ලා සිටි නමුත් රේගුව එය ප්‍රතික්ෂේප කළ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් කියයි.එම ව්‍යාපාරිකයා බදු රහිතව ගෙන්වූ මෙම තඹ කූරු වලින් කන්ටේනර් 18 ක් විකුණා ඇතැයිද එය නීති විරෝධී යයිද එමගින් රජයට රුපියල් දස කෝටියක පාඩුවක් සිදුවූ බවද රේගුව පවසයි.

රුපියල් මිලියන සියයක රේගූ බදු වංචාවක්‌ හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින පුද්ගලික සමාගමකට අයත් තඹ කන්ටේනර් දෙකක්‌ නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් වර්තමාන රජයේ තරුණ නියෝජ්‍ය ඇමැතිවරයකු විසින් ශ්‍රීලංකා රේගුව වෙත බලපෑම් කර තිබේ. තීරු බදු රහිතව මිලිමීටර් අටේ තඹ කොයිල් ඩුබායි සිට මෙරටට ගෙන්වා ඒවා නැවත මිලිමීටර් තුනේ කම්බි බවට සකස්‌ කර ඉන්දියාවට යෑවීම සඳහා සන් ඉන්ටර්නැෂනල් සමාගම සහ ඒෂියා මෙටල් පුද්ගලික සමාගම යන සමාගම් දෙක විසින් තාවකාලික රේගු විශේෂ බලපත්‍ර ලබාගෙන තිබුණි. මෙම සමාගම් දෙකම දෙමළ ජාතිකයන්ට අයත් සමාගම් වන අතර ඒ දෙකේම හිමිකරුවන් වන්නේද එකම පිරිස්‌ය.

මේ සමාගම් දෙක විසින් තීරුබදු රහිතව මෙරටට ගෙන්වන තඹ කම්බි මෙරට සමාගමකට විකුණන බවට ලැබුණු පැමිණිලි මත රේගුව පරීක්‌ෂණ ආරම්භ කළ අතර එහිදී හෙළිවී ඇත්තේ මෙරට එක්‌තරා විදුලි වයර් නිෂ්පාදන සමාගමකට අදාළ තඹ කම්බි කන්ටේනර් 18 ක්‌ විකුණා ඇති බවය. එයින් රටට අහිමිවූ බදු ආදායම රුපියල් මිලියන සියයකට අධික බව ගණන් බලා තිබේ. එහිදී වහාම ක්‍රියාත්මකවූ රේගු නිලධාරීන් අදාළ සමාගමට විකිණීමට උත්සහ කළ තවත් කන්ටේනර් දෙකක්‌ අත්අඩංගුවට ගන්නා ලදී.

කියවන්න –ඇමති සුජී ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවෙයි

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.