Breaking
24 Feb 2025, Mon

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මෙන්ම රටේ වෘත්තීය සමිති රැසකට නායකත්වය දෙන කේ.ඞී. ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන ව්‍යාපාරය සමග එකතු විමට තිරණය කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරයි.

අවස්ථා ගණනාවකදි අනුර කුමාර දිසානයකගේ ඩීල් හේතුවෙන් පක්ෂය අතහැර දමා යැමට ලාල්කාන්ත උත්සහ කලද විවිධ කතා කියමින් තමන්ගේ ගමණ වැලැක්වීමටඅනුර කටයුතු කල බවද ලාල් කාන්ත පවසා තිබේ. 

යහපාලන රජයේ විධායක සභාවේ තවදුරටත් රැදී නොසිටිය යුතු බව සෝමවංශ අමරසිංහ කලක සිටම ප්‍රකාශකර ඇතත් ඊට පක්ෂ නායකත්වය කැමැත්තක් දක්වා නැත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයද තවත් ප්‍රශ්නයක් වී තිබේ.

එහි සංශෝධන කිහිපයකට පමණක් එකඟ විය නොහැකි බව සෝමවංශගේ මතයයි. ජනාධිපති බලතල සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බව ඔහු කියා සිටියි.

එහෙත් අනුර දිසානායක, රනිල් වික්‍රමසිංහගේ මතයම දරාසිටීම සෙසු පිරිස නොරුස්සති. විධායකය ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කොට එම බල තල අගමැතිවරයාට පවරාදිය යුතු බව රනිල්ගේ මතයයි. එහෙත් ඊට සෝමවංශ අමරසිංහ කණ්ඩායම විරුද්ධත්වය පළ කරති.

අනුර දිසානායක ප්‍රකාශ කරන්නේ රනිල්ගේ මතයෙහි කිසුදු අවුලක් නැති බවයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පරමාධිපත්‍යය ජනතාවට හිමිවන හෙයින් එහි වරදක් නැති බව ඔහු කියා සිටියි.

මැතිවරණ ක්‍රමයද මිශ්‍ර ක්‍රමයක් විය යුතුය යන්න සෝමවංශ අමරසිංහ තරයේ විශ්වාස කරයි. ඒ අනුව කේවල ඡන්ද ක්‍රමයෙන් සුළු පක්ෂවලට අවාසියක් විය හැකි බව ඔහුගේ අදහසයි. එහෙත් මේ කිසිවෙකට පක්ෂ නායක අනුර දිසානායකගේ කැමැත්තක් නැත.

විශේෂයෙන් ලාල්කාන්ත, සමන්ත විද්‍යාරත්න, සුනිල් හඳුන්නෙත්ති යන ප්‍රබලයින් තිදෙනාම කියා සිටින්නේ දැනට ජවිපෙ එජාපය සමඟ පවත්නා සබඳතාව අත්හැරිය යුතු බවයි. ටිල්වින් සිල්වාද එම මතයම දරයි. එහෙත් ඔහු නිහඩ පිළිවෙතක පසුවෙයි.

මේ සියලු හේතුවෙන් තවත් බහුතර සමාජිකයන් සංඛ්‍යාවක් පක්ෂය අතහැර දමායනු ඇති බවටද ඉඟි පහලවි තිබේ.

~~ජවිපෙ දෙකඩ වන බවට අපකල අනාවරණයන් ~~

JVP යලි දෙකඩ වේ

මේ අනුරගේ LAST CHANCE එක


ලාල්කාන්ත සීනුව අතහරි!


මෙගා ඩීල් අනුරව පන්නනවා – JVP සගයා LNWට කතා කරයි

අනුරගේ ඔලුව ගලක වැදිලා

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.