Breaking
23 Feb 2025, Sun

ශ්‍රි ලංකාවේ මුල්‍ය පාලනය ඉන්දියව අතට ගනී

මෛත්‍රී ආණ්ඩුවේ සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞරුෂය හීන කම හේතුවෙන් යලිත් චිනය හෝ වෙනත් රටක් ශ්‍රි ලංකාව සමග සබඳතාවයන් ඇති කර ගැනිමේ අවදානමක් ඇති හෙයින් එවැනි තත්ත්වයක් යලි ඇති නොවිමට ශ්‍රීලංකා රජයේ මුල්‍ය පාලනය සියතට ගැනිමට ඉන්දිය රජය මේ වනවිට කටයුතු කරමින් සිටින බව ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan) අනාවරණය කළා. මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකයක් පිහිටුවිම හරහා මෙම පාලනය සියතට ගැනිම ඉන්දිය රජයෙ උපක්‍රමය වි තිබේ.

පසුගිය පාලන සමයේ විදේශ බැංකුවල සඟවා තිබෙන මුදල් පිළිබද සොයා බැලිම මෙම මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකය මඟින් සිදුකරනු ලබන බව පවසමින් ශ්‍රි ලංකාවේ සියලු මුල්‍ය පාලනය සියත්ට ගැනිම උපක්‍රමයක් බවයි ආසෝ ඛාන් සදහන් කළේ.

හොංකොං ,මැකාවෝ ,ශිසල්ස් වැනි බදු නොගෙවන බැංකු තුළ පසුගිය ආණ්ඩුව විසින් මුදල් තැන්පත් කර ඇති බව පවසමින්  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදි සහ අනෙකුත් නිලධාරින්ගෙන් ඉල්ලිමක් කර ඇත්තේ මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකයක් පිහිටුවා ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර දෙන ලෙසය. අතට ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඉන්දිය රජය ශ්‍රීලංකාවේ මුල්‍ය පාලනය ඉන්දිය රජය අතට ගැනිම සදහා මෙහෙයුම දියත් කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.