Breaking
23 Feb 2025, Sun

උපන් බිමට යුතුකම් ඉටුකල ඔහු – ඔබේ අත්සන තබන්න

මාතෘ භූමියේ ස්වෛරීත්වයත්, ඒකීයත්වයත්, දෙකෝටියකට වැඩි වූ අහිංසක සිංහල, දමිළ, මුස්ලිම් රට වැසියන්ගේ ජීවිතත් ඔවුන්ගේ උපන් නූපන් පරපුරේ අනාගතයත් වෙනුවෙන් තාරුණ්‍යය කැප කරමින් මුළු ජීවිතයත් මරණය ඉදිරියේ දෙවෙනි තැන තබා කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමට මහා මෙහෙවරකට උර දී උපන් බිමට ණය ගෙවූ යුධ හමුදා LRRP බලකායේ විශිෂ්ඨතම සෙබළෙකු වූ සුනිල් රත්නායක නම් වූ රණවිරුවා ‘ත‍්‍රස්තවාදීන්ට එරෙහිව යුධවැදීම සාහසික අපරාධයක්’ සේ සලකමින් ‘‘සිවිල් ඇදුමෙන් සිටි අහිංසක දමිළ වැසියන් ඝාතනය කරා’’ යන චෝදනාව මත ශ‍්‍රී ලංකාවේම අධිකරණයක ගොණුකළ සිවිල් නඩුවකින් හිටපු කොටි ත‍්‍රස්තවාදියෙකුගේම සාක්ෂි පාදක කරගෙන අපැහැදිළි, අපක්ෂපාතී නොවූ අරුම පුදුම නඩු තීන්දුවකින් මේ වනවිටත් මරණීය දණ්ඩනයට නියම කර හමාරය.

LRRP (Long Range Recon Patrol) නොහොත් දිගු දුර විහිදුම් බලකාය යනු දක්ෂයන්ගෙනුත් දක්ෂයන්ගෙන් සමන්විත වූ දැඩි පුහුණුවක් හා විනයක් යටතේ හික්මවුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු විශිෂ්ඨතම හමුදා ඒකකයයි. ජීවිත පරදුවට තබමින් කොටින්ගේ බලකොටවලටම ඇතුළු වෙමින් කොටි සංවිධානයේ කොදු නාරටියම විනාශ කර දැමූ මෙන්ම නම ඇසු පමණින් ප්‍රභාකරන් පවා සලිත කළ එකම හමුදා ඒකකය වූයේද දිග දුර විහිදුම් බලකායයි.

වැරදීමකට සුළු ඉඩක්වත් නොතබමින් දින ගණනක් එකම ඉරියව්වෙන් රැක සිටිමින් ත්‍රස්තවාදී ඉලක්ක හඹා ගිය ඔවුන්ට “ත්‍රස්තවාදීන්” හා “සිවිල් වැසියන්” වෙන්කර හදුනා ගැනීමේ හැකියාවක් නොතිබුණේ නැත. ඔවුන් අපමණ වෙහෙසක් දරමින් ජීවිත අවදානමේ දමාගෙන කොටි පාලන ප්‍රදේශවලට රහසේම ඇතුළු වී ත්‍රස්තවාදයට සම්බන්ධ නැති සිවිල් වැසියන් ඝාතනය කිරීම කොටින්ට එරෙහි සටනට කිසිදු ප්‍රයෝජනයක් නොමැති දෙයක් බව නොදන්නා පිරිසක්ද නොවේ. එමෙන්ම කොටි ත්‍රස්ත කාඩරයන් බහුතරය සටන් කළේ නිළඇදුම් ඇදගෙන නොවන බව ලෝකයම දන්නා කාරණයකි. සටන් පැවති සමයේ ‘මක්කල් පඩෙයි – මහජන බලකාය” නමින් දෙමළ වැසියන්ටද අවි පුහුණුව ලබා දී තිබිණි. එමෙන්ම කොටි ත්‍රස්තවාදීන් උතුරු නැගෙනහිර ගම්මානවලට කඩා වැදී අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරේ, රට පුරා බස්වල සහ සිවිල් වැසියන් ගැවසෙන ප්‍රදේශ පුරා බෝම්බ තැබුවේ නිළ ඇදුමෙන් ඇවිත්ද? සිවිල් ඇදුමෙන් සිටි නිසා ඒ ත්‍රස්තවාදීන් අහිංසක වැසියන් වනවාද?

එසේනම් කොටි පාලනය යටතේ පැවති ප්‍රදේශයක දී සිවිල් ඇදුමෙන් සිටි කොටි සාමාජිකයන් ඝාතනය කිරීම ‘සිවිල් වැසියන් මරා දැමීම’ ලෙස හදුන්වමින් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ තීරණාත්මක මෙහෙයක් ඉටුකළ යුධ හමුදාවේ විශ්ෂ්ඨතම බලකායේ විශිෂ්ඨතම රණවිරුවෙකු යුධ හමුදා පණතද උල්ලංඝණය කරමින් සිවිල් උසාවියක සාධාරණ නොවූ පක්ෂපාති නඩු විභාගයක් හරහා ත්‍රස්තවාදියෙකුගේම සාක්ෂිවලින් මිනීමරුවෙකු ලෙස තීන්දු කරන්නේ කුමණ අරමුණකින්ද? මේ ඉටු කරන්නේ කොටි ත්‍රස්තවාදය පැරදවූ රණ විරුවන් මිනීමරුවන් කරවීමේ කොටි හිතවාදී බෙදුම්වාදී විජාතික උවමනාවන්ද?

වෙනත් රටකදී නම්, තම දේශයේ ආරක්ෂාවත්, නිදහසත් වෙනුවෙන් මේසා කැපකිරීම්මක් කළ යුධ නිලධාරීන් ජාතික විරුවන් සේ සලකමින් රැකබලා ගනිමින් ඔවුන්ගේ මරණින් මතුවටත් උපහාර දක්වති. එහෙත් අප රටේ අවාසනාවට පහළ වූ පරගැතියන් විසින් රටේ ජාතියේ සතුරන්ගේත් උවමනා එපාකම් ඉටු කරමින් යුධ සැමරුම් පසෙක ලා යුධ විරුවන් පණ පිටින් දංගෙඩියට දක්වමින් අරුම පුදුම උපහාර දක්වමින් සිටින්නේ ත්‍රස්තවාදයේ විලාපය මේ බිමෙන් තුරන් වන්නටත් මත්තෙන් වීම රටක්,ජාතියක් වශයෙන් අපි අපි ගැනම ලැජ්ජාවිය යුතු නොවන්නේද? අපට ජීවිතය දුන් දේශයේ ජීවමාන විරුවන් සතුරන්ගේ උවමනාවන්වලට එල්ලා මරා දැමීමට ඉඩ දෙනවානම් අප වැනි ගුණමකුවන් පිරිසක් තවත් සිටිය හැකිද? ලෝකයේ අන් කිසිදු රටක සිදු නොවන පරිද්දෙන් රටත් විනාශ කරමින් රටේ අහිංසක වැසියන් අමු අමුවේ ඝාතනය කළ ත්‍රස්තවාදී කල්ලියක නායකයන්ට, ත්‍රස්ත කාඩරයන්ට රටේ ඉහලම නායකයාගේ අනින් නඩුත් ‍නැතිවම නිදිහස ලැබෙත් දී දිවි හිමියෙන් ඒ ත්‍රස්තවාදීන්ට එරෙහිව යුධ වැදී මාතෘ භූමිය බේරා දුන් දේශයේ සැබෑ විරුවන් දංගෙඩියට දක්කමින් සිටිති. මේ කුමණ අරුමයක්ද?

එබැවින් සහෘදයිනි…. ඔබටත් මටත්, ඔබෙත් මගෙත් අනාගත දරුවන්ටත් ජීවිත දානය දුන්, අප වෙනුවෙන් ජීවිතයම කැප කළ වරදට අවාසනාවන්ත මරණයකට නියම වූ ඒ අසහාය රණ විරුවා වෙනුවෙන් අපෙන් ඉටුවිය යුතු යුතුකම ඉටු කරමු. අපට ජීවිතය දුන් ඔහුගේ ජීවිතය බේරාගැනීමේ ජාතික වගකීම වෙනුවෙන් කැපවෙමු. ජනපති තනතුරට පත් වී තුන් මසක් ගතවීමටත් මත්තෙන් මේ රටේ අහිසංක වැසියන් බුරුතු පිටින් ඝාතනය කළ මුහුදු කොටි නායිකා මිනීමරු “මුරුගේසු බහිරතීට” ජනාධිපති සමාව දිය හැකිනම් ඒ මෘගයන්ගෙන් මේ රට බේරාගත් මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක රණවිරුවාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස බලකරමු.

පෙත්සමට අත්සන් කිරිමට මෙතනින් එකතු වන්න 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.