Breaking
5 Feb 2025, Wed

වල් වැදුනු යහපාලන නීතිය පිහිටෙන් කැලේ කපන ඇමති

යහපාලන ජාතික ආණ්ඩුවේ ඇමතිවරයෙක් මඩු රක්ෂිතය එළිපෙහෙලි කර තම ඡන්දදායකයන්ට බෙදාදීමේ ක්‍රියාදාමයක නිරත වෙමින් සිටින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි. වාණිජ්‍ය හා කර්මාන්ත අමාත්‍යවරයා වන රිෂාඩ් බදුර්දීන් විසින්
මේ වනවිට අක්කර 04 ක පමණ ප්‍රමාණයක් එළිපෙහෙළි කර තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව සිදුවන මෙම ක්‍රියාදාමයෙහි ප්‍රතිඵල මේ වනවිට ද ලැබී ඇති අතර රක්ෂිතය අසල ගම්මානවල ජනතාවගේ පානීය ජල මූලාශ්‍ර සිඳී යමින් පවතින බව සඳහන් කළ කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ මේ එළිකිරීම නිසා එම වනාන්තරයේ සිටින අලි ඇතුන් එළුවන්කුලම රක්ෂිතයට ඇතුළුවීමේ අවදානමක් පවතින බවයි. 

මෙම ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ඇති බවත් මේ සිදුවන්නේ එහි මූලික පියවර වශයෙන් ප්‍රදේශය ජනාකීර්ණ තත්ත්වය දක්වා වර්ධනය කිරීම බවත් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. ඉන් පසු මේ හරහා ඉදිවීමට නියමිත ඉන්දියාව දක්වා දිවෙන අධිවේගී මාර්ගය හා සම්බන්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට නියමිත බවත් ඒ හරහා මඩු රක්ෂිතය සම්පූර්ණයෙන් විනාශ වීමේ අවදානමක් ඇති බව ද ඒ මහතා පවසයි. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.