Breaking
6 Feb 2025, Thu

ජවිපෙ ගමෙන් හැලේ – මට වෙන්නේ බෙල්ල කපා ගන්න අනුර කියයි

ජනාධිපතිවරණ සමයේ තමන්ට හා තම පක්ෂයට ලබාදුන් පොරොන්දු එකින් එක යහපාලන රජය කඩකරමින් සිටින බවත්..ජාතික විධායක සභාවෙන් නැගිට එලියට ආවොත් සිදුවන්නේ සියතින් ගෙල සිඳ ගැනිමට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ඩිල් කුමාර හේවත් අනුර කුමාර දිසානායක පවසා තිබේ.

අප්‍රේල් 20, 21 දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත 21 වැනිදා පස්‌වරුවේ සම්මත කර ගැනීමට පක්‍ෂ නායකයන් විසින් තීරණය කර තිබුණ ද එය තවත් දින කිහිපයකින් කල් යැමට ඉඩ ඇති බවට ඉඟි පලවිමත් සමග අනුර මේ බව පවසා ඇත්තේ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්විමකදිය.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විම කල්යැමේ තත්ත්වයක් ඇති බවත්,මැතිවරණ ක්‍රමය වෙනස් විමත් සියල්ලන්ටම වඩා මහින්ද රාජපක්ෂ මැතිවරණ සටනට පැමිණිමත් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණට එක ආසනයක් හෝ ලබාගැනිම බරපතල ප්‍රශ්ණයක් බවද අනුර කුමාර අවධාරණය කර තිබේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙහිදී පෙන්වා දි ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පරාජය කිරිම වෙනුවෙන් පක්ෂය කටයුතු කිරිම හේතුවෙන් ග්‍රාමිය ජනතාව ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් කලකිරිමකින් සිටින බවත්‍…ඒ හෙතුවෙන් ගම් මට්ටමේ ජනතාව පක්ෂයේ ක්‍රියාකාරකම් සදහා සහභාගි කරගැනිමට හැකියාවක් නැති බවද ඔහු පෙන්වා දි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.