Breaking
5 Feb 2025, Wed

යහපාලන බොනිකර තරුව මෛත්‍රී ගැන ලාල් කාන්ත කියයි

අගමැතිවරයා විසින් ‘පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය’ නමින් පිහිටුවා ඇති ඒකකය පිළිබඳව ජනාධිපතිවරයා නොදන්නා බව පැවසීම තනිකර බොරුවක් බව ජනතා විමුක්ති පෙරමුණු බස්නාහිර පලාත් සභා මන්ත්‍රී ලාල් කාන්ත මහතා පවසයි. මේ පිළිබඳ තීරණය ගත්තේ ජනතා විමුක්ති පෙරමුණද ඇතුලත් විධායක සභාවේදී බව පවසන ඔහු මේ බව ජනාධිපතිවරයා නොදන්නවා යැයි කීම කිසි සේත්ම පිළිගත නොහැකි අසත්‍යක් බව පෙන්වා දෙයි.

පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග සජීවී දේශපාලන වැඩසටහනකට සහභාගි වෙමින් ඔහු මේ බව තහවුරු කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා “ජනාධිපති තුමා මේ ගැන දන්නේ නැත්නම් ඒක එතුමාගේ ප්‍රශ්නයක්. රටේ ජනාධිපති දන්නේ නැත්නම් රටේ වෙන්නේ මොනවද කියල ඒක එතුමාගෙ ප්‍රශ්නයක්. මේක සාකච්චා කරල කරපු වැඩක්. ජාතික විධායක සභාව තුල සිදුකල සාකච්චාවකින් පසුව වෙච්ච දෙයක්. ඒ නිසා එතුමා නොදන්නවා කියන්න බෑ . එතුමා තමයි ඒකේ සභාපති.ඒ නිසා මේක ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපිත් ඇතුළු විධායක සභාව නියෝජනය කරන සියලු දෙනාම දැනුවත්ව කරපු වැඩක් මේක. “ යනුවෙන් පැවසීය.

ආණ්ඩුවට විරුද්ධ විපක්ෂ දේශපාලන කොටස් දඩයම් කිරීමේ අරමුණෙන් පිහිටුවා ඇති මේ විසේෂ ඒකකය පිළිබඳ පසුගියදා සංධාන මන්ත්‍රීවරුන් හමුවේ ජනාධිපතිවරයා පවසා තිබුනේ “‘තමුන්නාන්සෙලා මේක පිලිගනීද නැද්ද කියන්න මං දන්නෙ නෑ. ඒත් මේ ගැන මං දැනුවත් නෑ” යනුවෙනි. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් විධායක සභාවේ සිටින්නේ අනුර කුමාර දිසානායක මහතායි.

~~අපේ රටේ~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.