Breaking
24 Feb 2025, Mon

එකෙක් මට ගමට යන්න නැති කළා..තමුසේ හදන්නේ මට පාරේ යන්න බැරි කරන්න

වැඩ වර්ජනයේ නිරත ආදේශක අනියම් සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යා රාජිත සේනාරත්න ගත් තිරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අම්බානකට රාජිතට බැන වැදුනු බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

“…රාජිත තමුසේට පිස්සුද…එකෙක් මට ගමට යන්න නැති කළා….තමුසේලා හදන්නේ මට පාරේ බැහැලා යන්න බැරි කරන්නද….? යනුවෙන් කියමින් රාජිතට තදින්ම බැණ වැදි තිබේ.මමත් සෞඛ්‍ය ඇමති වෙලා හිටියා….එත් මම එහෙම කතා කිව්වේ නෑ…

රාජිත සේනාරත්න අමාත්‍යවරයා වචනයක්වත් නොකියා එම ස්ථානයෙන් ඉවත්ව ගිය බව අප වාර්තාකරු සදහන් කළා.

යහපාලනය පිහිටුවිමේ ප්‍රධාන පෙළේ මාෆියාකරුවෙකු වු රාජිතට මේ අකාරයට බැනුම් අසන්නට වුයේ ප්‍රථම වතාවටයි.

රුපියල් 3000ක විශේෂ දීමනාවක් ලබා ගැනීම, 2006 චක්‍රලේඛයට අනුව තමන්ට හිමි දීමනා ලබා ගැනීම, බඳවා ගැනීම්, උසස් කිරීම් සහ මාරු කිරීම් ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් සමස්ත ලංකා සුව සේවා සංගමය වැඩ වර්ජනය ආරම්භ කළා.ඒ අනුව සියලූම රෝහල්වල සෞඛ්‍ය කාර්ය සහායක, උපස්ථායක, වාට්ටු ලිපිකාරිණියන් ඇතුලූ ශ්‍රේණි 30කට අයත් සේවකයන් හතලිස් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම වැඩවර්ජනයට එක්වී සිටින බව එම සංගමයේ සභාපති සමන්ත කෝරලේආරච්චි සදහන් කළේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.