Breaking
5 Feb 2025, Wed

අනං…මනං…වානා…දෙකක් දිලා මෛත්‍රී සන්ධානයෙන් දොට්ට දාමු

පසුගිය 16 වැනි දා පදනම් ආයතනයේ දී පැවති ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන්ගේ රැස්වීමෙන් පසු පිටතට පැමිණි ප්රාජිත ජනමාධ්‍යවේදීන්ට ද බැණ වැදී ඇත. එයට හේතුව රැස්වීමේ සිටි අති විශාල බහුතරය මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරාපේක්‍ෂක ලෙස නම් කළ යුතු යැයි ඉල්ලා සිටීම බව පැහැදිලි ය. එහි දී මහින්ද මැතිවරණයට ගෙන එන්නේ කෙසේ දැයි වාර්තා කිරීමට සය පුද්ගල කමිටුවක් ද පත් කෙරී ඇත. එහෙත් පසු දිනම කමිටුවේ වැඩ කටයුතු අවසන් වී ඇත.

මෛත්‍රිපාල අද කියන්නේ මහින්දට අගමැති ධුරාපේක්‍ෂකකම නොව මන්ත්‍රීධුරාපේක්‍ෂක කමක්වත් නො දෙන බව ය. අප ප්රාජිත කියන දේ විශ්වාස කරන්නේ නම් මෛත්‍රිපාල මහින්දට ජාතික ලැයිස්තුවෙන්වත් මන්ත්‍රීකමක් දීමට විරුද්ධ ය. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ අති විශාල බහුතරයට විරුද්ධව කෙතෙක් දුරට එහි සභාපති ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ ද? අද ශ්‍රී ල නි පක්‍ෂය මෙහෙයවනු ලබන්නේ චම්පක හා රතන හිමියන් විසිනි. ඔවුන් සමග අශෝක අභයගුණවර්ධන ද පදනම් ආයතනයේ සභාපති මලිත් ජයතිලක ද වෙති. ඒ සියල්ල පසුපස ඉන්දියාව වෙයි. ඉන්දියාව ද බටහිර ද මහින්දට විරුද්ධ ය.

ඉන්දියාව එක් පැත්තකින් දෙමළ ජාතික සංධානය මෙහෙයවන අතර අනෙක් පැත්තෙන් ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල කණ්ඩායම මෙහෙයවයි. ඒ ඔවුන්ගේ ඊනියා සංහිඳියා වැඩ පිළිවෙළ විය හැකි ය. එහෙත් ඉන්දියාව නොදන්නා දෙයක් වෙයි. ඒ ලංකාව යනු ඉන්දියාව නොවන බව ය. බුදුන් වහන්සේගේ දහම රැක ගැනීමට නොහැකි වූ ඉන්දියාව සිංහල බෞද්ධ සංස්කෘතිය නො හඳුනයි. ලංකාවේ සිංහල බෞදාධයන් අතර උඩ සිට පහළට ක්‍රියාත්මක වන මනු නීතියක් නොමැති බව ඉන්දියාව නො දනියි.

රතන හිමි, ප්රාජිත, චම්පක, අශෝක අභයගුණවර්ධන ආදීන්ට සිංහල ජනමතය හැසිරවිය හැකි නො වේ. අද සිංහල ජනතාවගෙන් බහුතරය විසින් මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස ඉල්ලා සිටිනු ලැබෙයි. එහෙත් මේ අය මහින්ද රාජපක්‍ෂ සමග බද්ධ වෛරයකින් පසුවෙති. ඔවුන්ට අවශ්‍ය රාජපක්‍ෂ කෙනකු නොමැති ව ශ්‍රී ල නි පක්‍ෂයේ වෙනත් අයකු අගමැති කර ආණ්ඩුවක් පිහිටුවා ලබන වසරේ අප්‍රේල් වන තෙක් බලයේ රැඳී සිටීම ය. 

එහෙත් මෛත්‍රිපාලට එය කළ හැකි ද යන්න ප්‍රශ්නයකි. ඔහු ඊනියා පොදු අපේක්‍ෂකයා වූයේ ම රනිල් අගමැති කිරීමේ පොරොන්දුව දීමෙන් පසුව ය. එය මීළඟ මැතිවරණය තෙක් ම වලංගු වෙයි. මෛත්‍රිපාල කිසි දිනෙක මහින්ද රාජපක්‍ෂට කිසිම අපේක්‍ෂක ධුරයක් නො දෙනු ඇත. එමෙන් ම ඔහුට පොරොන්දුව අනුව නම් රනිල් හැරෙන්නට වෙනත් අයකු අගමැති ධුරයට පත් කිරීමට ද නො හැකි ය. එබැවින් ඔහු රතන හිමියන් කී පමණින් ශ්‍රී ල නි පක්‍ෂයේ වෙනත් අයකු අගමැති ධුරයට පත්කර ලබන අප්‍රේල් වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහැර සිටිය හැකි ද? 

අද මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධව ක්‍රියා කරයි. ඔහු පක්‍ෂයේ සභාපති ධුරයට පත්වූයේ නීති විරෝධි ආකාරයකින් බව ජනවාරි මාසයේ දී නිමල් සිරිපාල ද සිල්වා ද කියා සිටියේ ය. පක්‍ෂයේ මතයට විරුද්ධ ව ක්‍රියා නොකරන මෛත්‍රිපාල තවදුරටත් පක්‍ෂයේ සභාපති ධුරය දැරීම නීති්‍යානුකූල හෝ සදාචාරාත්මක හෝ නො වේ. පසුගිය අප්‍රේල් 12 වැනි දා කාලය ලිපිය අවසන් කළේ පහත සඳහන් අයුරෙනි.  

“ශ්‍රී ල නි පක්‍ෂය කළ යුතුව ඇත්තේ පක්‍ෂයට ද්‍රෝහි වූ ද පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වූ ද මෛත්‍රිපාල පක්‍ෂයෙන් ම නෙරපීම ය. ඒ ගැන අපි පසුව තවදුරටත් කතා කරමු. පක්‍ෂයෙන් එළවිය යුතු මෛත්‍රිපාල පක්‍ෂයට හානියකි. ඔහු හා මහින්ද රාජපක්‍ෂ අතර කිසිම සාම්‍යයක් නැත. එබැවින් ඒ දෙදෙනා එකතු කිරීමේ අවශ්‍යතාවක් නො වේ. මෛත්‍රිපාල පක්‍ෂ ප්‍රතිපත්තිවලට විරුද්ධ ය. මහින්ද පක්‍ෂ ප්‍රතිපත්ති ආරක්‍ෂා කරයි. ඔවුන් එකතු කිරීමේ අවශ්‍යතාව ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂය සිංහල ජාතිකත්වයට විරුද්ධව ක්‍රියාකරනු දැකීමට කැමති අයට ය. ඔවුන්ට ඒ සඳහා කිසිම ඉඩක් දිය යුතු නැත. පක්‍ෂය ශක්තිමත් වනු ඇත්තේ මහින්ද මෛත්‍රිපාල එකතු කිරීමෙන්  නොව පක්‍ෂයෙන් මෛත්‍රිපාල එළවා දැමීමෙනි.”” මහින්ද නැතිව ශ්‍රී ල නි පක්‍ෂයට දිනිය නො හැකි ය. එහෙත්  මෛත්‍රිපාල නැතත් ශ්‍රී ල නි පක්‍ෂයට ජයග්‍රහණය කළ හැකි ය. 

නලින් ද සිල්වා


2015 ජූනි 18

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.