LNN SPY

නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත්තේ මම විතරක් නෙවේ -රුවන්,සදරුවන්,චන්දිම,අසංග…තව අය ඉන්නවා

මෛත්‍රී බෑණා කප්පම් මෙහෙයුමක – ඇවන්ගාඩ් සභාපතිගෙන් ලක්ෂ 600ක නිවසක් සහ JEEP රථයක් යනුවෙන් පසුගිය 12 වැනිදා  LNW ඔත්තුකරු අනාවරණය කල පුවතට මේ දිනවල චින සංචාරය අවසන් කරමින් සිංගප්පූරුවේ Shangri-La හොටලයේ සැප ගනිමින් සිටින මෛත්‍රීපාල සිරිසේනගේ බෑණා වන මෛත්‍රී දියණීය චතුරිකාගේ සැමියා වන ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී තිලින සුරන්ජිත්(Thilina Suranjith ) ලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකුට තමන් සමග කප්පම් ගත් කිහිප දෙනෙකුගේ නම් ගම් හෙලිකර තිබේ.

ව්‍යාපාරිකයා අදාළ පුවත් සම්බන්ධයෙන් තිළිනගෙන් ප්‍රශ්ණ කර ඇති අතර එහිදි  තිළින සදහන් කර ඇත්තේ තමන් ලබාගත් ප්‍රමාණය අනිත් පිරිස ලබාගත් ප්‍රමාණය සමග සංසදනය කිරිමේදි සොච්චමක් පමණ වන බවයි.ඇවන්ගාඩ්  සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සම්බන්ධයෙන් වෙබ් අඩවි වල පුවත් පලවිම නතර කිරිම සදහා යහපාලන මාධ්‍ය පෙරගමන් කරුවා ලෙස පෙනිසිටිමින් මේ දිනවල කප්පම් පිට කප්පම් ගන්නා මංගලගේ සමිපතමයෙකු වන රුවන් ෆර්නැන්ඩස්ට විශාල මුදල් ප්‍රමාණයක් සහ ලංකා නිවුස් වෙබ්.කොම් නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් පසුගිය කාලසිමාවේ රාජපක්ෂලාට හා ඇමතිවරුන්ට මඩ ගසමින් කප්පම් ගත් චන්දිමටද මුදල් ලබාදුන් අතර ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සදරුවන් සේනාධිරට මුදල් ලබා දුන්නේ විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ හරහා බවත් තිළින හෙලිකර තිබේ.

මධු විතෙන් මත්ව සිටි තිලිණ දිගින් දිගටම සදහන් කර ඇත්තේ මිට අමතරව ආරක්ෂක අමාත්‍යංශයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධනගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන අසංග මහගේදරටද නිශ්ශංක සේනාධිපති මුදල් ලබාදුන් බවයි.

තමන්ට නිශ්ශංක සේනාධිපති යම් යම් දේවල් ලබාදුන්නේ තමන් ඉල්ලු නිසා නොව තමන් සමග කාලයක සිට තිබු මිතුදම නිසා බවද තිළින සදහන් කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com


Top