Breaking
24 Feb 2025, Mon

අද නීතිය බල්ලාට ගිහින්…..නීතිඥවරුන් එක පයින්ම මහින්ද ඉල්ලයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂයා විය යුතු බවට (13) රාත්‍රියේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීතිඥ හමුවේදී ඒකමතිකව යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

මෙම සමුළුව ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංවිධානය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උතුරු-නැගෙනහිර පළාත්වල හා නැගෙනහිර හැරෙන්නට අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල නියෝජිතයන් සහභාගි වී ඇත.

මෙම නීතිඥ හමුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න ජනාධිපති නීතිඥවරුන් වන ජයන්ත වීරසිංහ හා රෆීක් සරුක් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය ඔපියුලන්ට් හෝටලයේදී පැවැත්වුණු අතර මෙම නීතිඥ හමුව සඳහා සෑම දිස්ත්‍රික්කයකම ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ සභාපතිවරු හා ‍ලේකම්වරු ද සහභාගි වූ බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා විය යුතු බවට වන යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට හා එජනිස විධායක සභාවට දැනුම් දෙන ලෙස රැස්ව සිටි නීතිඥවරු සුසිල් ප්‍රේමජයන්ත හා ජෝන් සෙනෙවිරත්න මහත්වරුන්ට දැනුම් දී ඇත.

යම් හෙයකින් ශ්‍රීලනිපයෙන් මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබා නොදුනහොත් සමස්ත නීතිඥ සංවිධානයම හිටපු ජනාධිපතිවරයා ගන්නා ඕනෑම තීරණයක් සමග රැඳී සිටින බවද ඔවුහු මෙහිදී අවධාරණය කළ බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙම තත්ත්වය යටතේ පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් ලෙස කුමන ක්‍රියාමාර්ගයක් ගන්නේදැයි නීතිඥවරු කළ ප්‍රශ්න කිරීමකදී අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර ඇත්තේ මෙම ඉල්ලීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවටත් එජනිසයේ විධායක සභාවත් දැනුම්වත් කර ඔවුන්ගේ එකඟතාව ලබා ගැනීමට කටයුතු කරන බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු හොබවන ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥයින් වන නිමල් සිරිපාල ද සිල්වා, සන්ධාන මහ ‍ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න හා මහ ‍ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එකට එක්වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවක් ඇති කිරීමට උපරිම උත්සාහයක් ගත යුතු බවත් ඒ ඔස්සේ මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු බව නීතිඥයින් කිහිප දෙනකු අදහස් දැක්වූහ.

යම් හෙයකින් මේ දෙදෙනා අතර එකඟතාවක් නොවුවහොත් කුමක් කරන්නේදැයි නීතිඥවරයකු මතු කළ ප්‍රශ්නයකදී පිළිතුරු දුන් ප්‍රේමජයන්ත මහතා එවැනි තත්ත්වයකදී ජනතාව ගන්නා තීන්දුවත් සමග තමන් රැඳී සිටින බව සඳහන් කළ බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

එදින කඩුවෙල ශාඛා සමිති නියෝජිතයන් කැඳවූ අවස්ථාවේදී එම නියෝජිතයන්ගේ ඉල්ලීම වූයේද මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා විය යුතුය යන්න බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී පවසා ඇත.

බදුල්‍ලේ පැවැත්වෙන අත්‍යවශ්‍ය රැස්වීම් කිහිපයකට සහභාගි විය යුතු නිසා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාත් අසනීප තත්ත්වය හේතු කොටගෙන ශ්‍රීලනිප මහ ‍ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාත් මෙම රැස්වීමට සහභාගි විය නොහැකි බව දන්වා එවා තිබූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නීතිඥ හමුවට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ නීතිඥවරුන් 120 දෙනකු පමණ එක්ව සිටි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.