Breaking
6 Feb 2025, Thu

පුදනකොටම කාපි යකා -මෛත්‍රීපාල ජනාධිපති අපේක්ෂකයා කිරිමේන් එජාප නායකයා ව්‍යවස්ථාව කඩලා- රනිල්ට නොතීසි

මහින්ද-මෛත්‍රී හමුවත් සමග හත් පොලේ ගා ගත් එක්සත් ජාතික පක්ෂය තව තවත් තමන්ගේ පක්ෂය යනු අසුචි තවරාගත් ඌරෙකුට නොදෙවෙනි බව රට හමුවේ අනාවරණය කරමින් සිටි.පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම මගින් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව පෙන්වා දෙමින් එම පක්ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චිත්‍රා මන්තිලක සහ වයඹ පළාත් සභා මන්ත්‍රී කිංසි ලාල් ප්‍රනාන්දු මහතා නුගේගොඩ දිසා අධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබු අතර එම පෙත්සමට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතාට ලබන 20 වැනි දින නුගේගොඩ දිසා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම මගින් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව එම මන්ත්‍රීවරුන් දෙදෙනා පෙන්වා දෙනවා.ඒ අනුව පක්ෂ ව්‍යවස්ථාවේ නවවැනි පරිච්ඡ්දය උල්ලංඝණය වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්ෂකයා තීරණය කළ යුත්තේ නාම යෝජනා මණ්ඩලයකින්.

එය කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර විශේෂ මහ සභාවකින් පසුව අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹිය යුතු වනවා.කෙසේ නමුත් පක්ෂයේ ජාතික නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉදිරිපත් කළ යුතු බවට කෘත්‍යාධිකාරි මණ්ඩලයට යෝජනා කර තිබෙනවා.

 ඊට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පමණක් අනුමැතිය හිමිව ඇති බවයි පළාත් සභා මන්ත්‍රීවරුන් වන චිත්‍රා මන්තිලක මහත්මිය සහ ලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ.නවවැනි ව්‍යවස්ථාවේ හතරවැනි වගන්තියට අනුව ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව සහ ආචාරධර්ම පිළිගන්නා බවට ප්‍රතිඥාවක් හෝ දිවුරුමක් ලබාදිය යුතුයි.මේ අතර හයවැනි වගන්තියට අනුව ජනාධිපතිවරණයේදී ජනතාව හමුවට යා යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ලෙසයි.ඒ අනුව පක්‍ෂ මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බවයි පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය නොදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පෙත්සම්කරුවන්ට එරෙහිව විනය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.එය අභියෝගයට ලක්කරමින් මෙම පෙත්සම ගොනුකළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.