Breaking
5 Feb 2025, Wed

යහපාලන ආණ්ඩුවේ ව්‍යවස්‌ථා හදන ප්‍රශ්ණ පත්‍ර හොරකම් කල හොරු

 ජයම්පති වික්‍රමරත්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධි පාඨමාලාවේ අවසන් වසරේ (1972) විභාගයට පෙනී සිටීයදි විශ්ව විද්‍යාලයෙන් තහනම් කරනු පසුව නෙරපූ අයෙකු බව මෑතකදී අප ඉංග්‍රීසියෙන් පල කල පුවතකින් හෙළි කරන ලදී.

ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාට වඩා වැඩ කරයකුයි සිතා සිටින, ව්‍යවස්ථා කටයුතු පිලිබඳ ජනාධිපති උපදේශක සහ සිරිසේනගේ දූෂණ විමර්ශනය කරන විශේෂ කොමිසමේ සාමාජිකයෙක්ද වන ජයම්පති වික්‍රමරත්න මෙලෙස විශ්ව විද්‍යාලයෙන් නෙරපනු ලැබුවේ කුමන හේතුවක් නිසාදැයි ශ්‍රී ලංකික ජනතාවට පැහැදිලි කිරීම පෙරට වැඩ ඉතාමත් වැදගත්ව ඇත්තේ මෙම පුද්ගලායා අප රටේ අනාගතය තීරණය කරන ක්‍රියාදාමයකට දායකත්වය ලබා දෙන බැවින්ය.

‘අපේ රට’ විසින් සොයාගෙන ඇති කරුණු අනුව ජයම්පති වික්‍රමරත්න නිත්‍යානුකුල නොවන ක්‍රම මගින් අවසාන විභාගය පවත්වන්නට ප්‍රථම ප්‍රශ්න පත්‍ර වංචනික අකාරයෙන් පිටකිරීම බලධරයන්ට අසු වීම නිසා විශ්ව විද්‍යාලයෙන් නෙරපූ බවය. යහපාලන රෙජිමයට අවශ්‍යනම් මේ ගැන වැඩිදුර විස්තර මොහුගේ සමකාලීනයෙක් වන ඇමති රජිත සේනාරත්නගෙන් දැනගත හැකිය.

මොහුගේ ජීව දත්ත (CV ) වාර්තාවේ පේරාදෙණියේ අවුරුදු 4ක කාලයක් අධ්‍යාපනය සදහා යොදවපු කාලය සම්පුර්ණ කාලයම මකා දමා ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් එලියට ඇද දැමුණු පසු ඔහු නීති විද්‍යාලයට ඇතුළු වි ඇත . මොහු ගැන දන්නෝ දැන් අසන්නේ, නීති විද්‍යාලයේදීත් එම වංචනික ක්‍රියා දිගටම සිදු කළාද? විභාගයට පෙර මුදල් දී ප්‍රශ්න පත්‍ර මිලදී ගත්තාද යන්නයි.

වංචනික ක්‍රියා නිසා ජාතියේ ඉහලම අධ්‍යාපන ආයතනයෙන් තහනම් කරන ලද මෙවැනි පුද්ගලයෙකු රටක අනාගතය විසදන කොමිසමක සේවය කිරීමට දීම හෝ අඩු තරමින් රජයේ තනතුරක්වත් ලැබීමට සුදුස්සෙකුද? ඊටත් වඩා ඔහුට නීතිඥයෙකු ලෙස කටයුතු කිරීමට ඉඩ හැරිය හැකිද? මේ පිලිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කර තිබේද? එසේ නැතහොත් සියල්ලම යට ගසා නීතිඥයෙකු ලෙස ලෙස කටයුතු කර නීති ක්ෂේත්‍රයේ ඉහලටම යන්නට ඉඩ හරිනු ලැබුවේ කෙසේද?

රටට ආදරය කරන කාගේත් උත්තරය නම් කොහෙත්ම නැත යන්නය.

දූෂණ විමර්ශනය කරන සිරිසේනගේ විශේෂ කොමිසම, ඔහුගේ අනිකුත් යහපාලන පොරොන්දු සේම පුස්සක් බව හොදින්ම පෙනී ගොස් ඇත. මෙවන් අය සිටින නිසා මහ බැංකුවේ බැඳුමකර මගඩිය වැනි මහා පරිමාණයේ හොරකම් ගැන නිහඩව සිටීම පුදුමයට කරුණක් නොවන බව ශ්‍රී ලංකික ජනතාව ජනතාවට දැන් වැටහී ඇත. තවද යහපලනක් බලාගෙන තම චන්දය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව පාවිච්චි කල අය කරගත් විපතිය ගැන දුක් වෙමින් කාලය ගත කරති.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com






By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.