Breaking
24 Feb 2025, Mon

සාක්ෂි නොකැඳවාම රවි කරුණානායකගේ කොටි ගණුදෙනුව අධිකරණය වසා දමයි

ඇමති රවි කරුණානායකට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති කොටි සංවිධානයට අයත් මුදල් හොරෙන් මෙරටට ගෙනඒම පිලිබඳ නඩුව හදිසියේ අවසන් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

අද(12) දා එම නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයාට අමතරව වි‍ශේෂයෙන් පැමිණි නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු අධිකරණයට දන්වා ඇත්තේ මෙම නඩුව තවදුරටත් ගෙනයාමේ අවශ්‍යතාවක් නොමැති බැවින් හෙට දිනයේදී නඩුව අවසන් කරන ලෙසට ඉල්ලා සිටින බවයි.

ඒ අනුව නඩුවේ දැනට කැඳවා ඇති සාක්ෂිකාරියගේ සාක්ෂි අවසාන කිරීම සඳහා හෙට දිනයේදී නඩුව යළි කැඳවීමට නියමිත අතර එම සාක්ෂියෙන් පසු වෙනත් සාක්ෂි නොකැඳවා නඩුව අවසන් කිරීමට නියමිතය.

දැනට කැඳවා ඇති සාක්ෂිකාරිය ද හදිසියේ කැඳවන ලද සාක්ෂිකාරියක වන අතර ඇයට අධිකරණයේ පෙනී සිටීමට නොතීසියක් හෝ භාරදී නොමැති බවද හුදෙක් දුරකථනය මගින් දන්වා ඇය සාක්ෂියට කැඳවා ඇති බවද අධිකරණයේ කතාබහට ලක්වේ. අවසානයේ එම සාක්ෂිකාරිය නියෝජනය කරන මූල්‍ය ආයතනය පිට වරද පටවා ඇමතිවරයා නිදහස්කිරීමේ සූදානමක් මේ හදිසිය පිටුපස ඇති බවට ද රාවයක් පවතී.

මෙම තත්වය අතිශය අසාමාන්‍ය බවත් මේ ආකාරයෙන් හදිසියේ නඩුවේ කටයුතු අවසන් කිරීමෙන් අත්‍යවශය සාක්ෂි මගහැරීමේ අවධානමක් පවතින බවත් ඒ අනුව මෙය ඇමතිවරයා නිදහස් කිරීම සඳහා ගන්නා කූඨ යහපාලන වෑයමක් බවත් නීතීඥවරුන්ගේ මතය වී තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.