Breaking
24 Feb 2025, Mon

රනිල්ට එරෙහිව චම්පික කඩුව ගනී-සිංහ වේශයෙන් එන චම්පික රාක්ෂයාගෙන් ප්‍රවේශම් වන්න

මාලිගා කුමන්ත්‍රණකරුවන්ට විරුද්ධව ඕනෑම පරිත්‍යාගයක්‌ කිරීමට තමන් සූදානම් බවත් එක්‌සත් ජාතික පක්‍ෂයට 1995 අත්කර දුන් ඒ ඉරණම 2015දී රටට අත් කර දෙන්න තමන් ඉඩ තබන්නේ නැති බවත් පාඨලී චම්පික රණවක පවසයි.

මේ සතිය රටේ ඉදිරි දශකය සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන අනාගතය තීරණය කරන සතිය විය හැකි යෑයි ඊයේ (06) පස්‌වරුවේ බත්තරමුල්ල ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියා.

මේ තියෙන්නේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ නොවෙයි. කිසි කෙනෙකුට ජනතාවගේ වරමට පිටින් යන්න අයිතියක්‌ නෑ. එක්‌සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පක්‍ෂයට වූ විනාශය මේ රටට කරන්න දෙන්න එපා කියලා යෑයිද ඉල්ලිමක් කළා.

දින සියයකට ඔන්න මෙන්න කිය තිබියදි පාඨලී නටන්නට යන කස්තිරම ගැන රටේ ජනතාව අන්ද මන්ද අ බලා සිටිනු ඇත.නමුත් හදිසියෙම පාඨලී මේ දගලන්නේ රටේ ජනතාවට ආදරය කරන නිසා නම් නොව එහේම ආදරය කළානම් මාලිගා කුමන්ත්‍රණකරුවන්ට පාඨලී යට නොවි  සිටිය යුත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේය.එදා උදය ගම්මන්පිල මෙන් නිවැරදි දේශපාලන තින්දුවක් නොගත් පාඨලී තමන්ගේ ජනාධිපති සිහිනය බිඳ වැටෙන නිසා දැන් රනිල්ට එරෙහිව කැරැල්ල ආරම්භ කර තිබේ.

මේ කැරැල්ල මාධ්‍ය හරහා පමණක් සිදුවන යහපාලන දර්ෂණයක් වනු ඇත.එ නිසා රටේ ජනතාව අවදියෙන් සිටිය යුතුය.චම්පික නිදන -ඇහැරෙන හැම වෙලාවකම ජනතාව අවදියෙන් සිටිය යුතුය.මන්ද සිංහ වෙශයෙන් එන රාක්ෂයන් හඳුනා ගත හැක්කේ එවිට පමණි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.