Breaking
24 Jan 2025, Fri

ඊළාම් බිමේ පන්සල් බෑ – මුලතිව් කොක්කුලායි පන්සල ඉදිකිරිම අතරමග නවති

මුලතිව් කොක්කුලායි ප්‍රදේශයේ ඉඩමක විහාරස්ථානයක් ඉදිකිරීමට විරෝධය දක්වා පසුගිය 5වන එම ස්ථානයේ කලබලකාරි තත්ත්වයක් ඇති කර පසුව උපවාසයක නිරතවී සිටි තිදෙනෙකු  මුලතිව් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් කොක්කුලායි රෝහලට අයත් ඉඩමේ කොටසක හමුදාවේ සහයෝගය ඇතිව ස්වාමීන්වහන්සේ නමක් විසින් මෙම විහාරස්ථානය ඉදිකිරිමට කටයුතු ආරම්භ කර ඇති අතර පසුගිය රජය කාලසිමාවේ එහි අත්තිවාරම සියල්ලම දමා තිබුනු අතර ඉතිරි ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරිමට ගිය අවස්ථාවේ මෙම අර්බුදය හටගෙන තිබේ.

අපේ නිජබිම තුල පන්සල් හදන්න දෙන්න බැරි බව පවසමින් ඉදිකිරිම් කටයුතු කිරිමට ගිය කණ්ඩායම් ඉඩමෙන් එලවා ඇති අතර පසුව  ඔහුන් එම ස්ථානයේ උපවාසයක නිරතවී තිබේ.

පසුව පොලිසිය පැමිණ අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ඉදිකරමින් සිටින විහාරස්ථානය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය අත්හැර දමා ඇති අතර, එම ස්ථානයට පොලීසිය යොදවා ඇත. අවසර නොගෙන, උද්ඝෝෂණයක් සහ උපවාසයක් පැවැත්වූ බවට චෝදනා කර, ඔවුන් තිදෙනා අත් අඩංගුවට ගත් බව මුලතිව් පොලීසිය ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට පන්සලේ ඉදිකිරිම් කටයුතු නතරකර දමා තිබෙන අතර පොලිසිය ආරක්ෂාව සදහා යොදවා තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.