LNN SPY

යහපාලකයෝ මාධ්‍ය භීතියෙන්!

“දිනූ නිදහස අනතුරක, ජාතියේ අභියෝගය ජයගැනීමට පෙළගැසෙමු”  මහනුවර පැවති ජනරැළිය පිළිබදව මාධ්‍ය වාර්තා සදහා කෙසේ හෝ නතර කිරිමට වහාම කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකට නියෝග කර තිබේ.ඒ අනුව ඊයේ රාත්‍රියේම ජාතික නාලිකාවේ සභාපති සෝමරත්න දිසානායක,ස්වාධින රූපවාහිනියේ සභාපති ධම්මික ගංගානාත් දුරකතනයෙන් ඇමතු ගයන්ත වහාම රැලිය සම්බන්ධයෙන් වාර්තා නතර කරන ලෙසට දැනුම් දි තිබේ.

මිට අමතරව මෛත්‍රී පාලනයට ගොට්ට අල්ලා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත්වු සිරස මාධ්‍යවේදී ධර්ම ශ‍්‍රී බණ්ඩාර ඒකනායකටද දැනුම් දි ඇත්තේ කෙසේ හෝ වැඩි ප්‍රචාරයන් දිම වහාම නතර කරන ලේසයි.

ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් අප LNW විශේෂ වාර්තාකරුට පවසා ඇත්තේ ස්වර්ණවාහිනීය ඇමතිවරයාට දුරකතන ඇමතුමක් දි රැලිය වාර්තා කල යුතු ප්‍රමාණයන් පිළිබඳව විමසා සිටි බවයි.

මිට අමතරව අමාත්‍යවරයා දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අධ්‍යක්ෂ ශෙහාන් බරණගේටද ඇමතුමක් දි තිබුනද ඔහු එම ඉල්ලිමට හොද ප්‍රතිචාරයක් නොදක්වාම දුරකතනය විසන්ධි කර තිබේන බවද ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් අප වාර්තාකරුට පවසා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top