Breaking
23 Feb 2025, Sun

අද මෙරට අරාජික ය. පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම තවත් පමා කිරීමට නො හැකි ය. ජනවාරි 8 වැනි දා පැවති ජනාධිපතිවරණයෙන් පසු එසේ කළ යුතුව තිබිණි යැයි මම නො කියමි. එදිනට පසුදින කළ යුතුව තිබුණේ දි මු ජයරත්න අගමැති ලෙසත් අනෙක් ඇමතිවරුන් ඒ ඒ තනතුරුවලත් කටයුතු කරද්දී මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් කැබිනට් මණ්ඩලය පවත්වාගෙන යෑම ය. අවශ්‍ය නම් ඇමති මණ්ඩලය වෙනස් කර සංධානයේ තවත් මන්ත්‍රීන් එකතුකර හෝ අඩුකර හෝ ආණ්ඩුව පවත්වාගෙන යා යුතුව තිබිණි.

ජනවාරි 8 වැනි දා ජනතාව ඡන්දය දුන්නේ ජනාධිපති වෙනස්කිරීමට මිස සංධාන ආණ්ඩුව වෙනස්කිරීමට නො වේ. ජනතාව අගමැති වෙනස් කිරීමට ඡන්දය නොදුන්හ. ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල තමන් ජනාධිපති වුවහොත් රනිල් විධායක අගමැති ධුරයට පත්කරන බව කීවේ ය. එහෙත් එය ඉටුකළ හැකි පොරොන්දුවක් නො වී ය. අදත් ව්‍යවස්ථාව අනුව මෙරට විධායක අගමැතිවරයකු නැත. නැති විධායක අගමැති තනතුරකට රනිල් නොව කිසිවකු පත්කිරීමට නො හැකි ය. අද වන විට ජනාධිපති සතුව තිබූ සොච්චම් බලතල ස්වල්පයක් අගමැතිට පවරා දී ඇති බව සැබෑ ය. එහෙත් සෝභිත හිමියන්ට අවශ්‍ය ප්‍රමාණයට තැටිය රත් වී නො තිබිණි. 

තැටිය රත්කිරීමට ගිනි පිම්බෝ ජාතික ව්‍යාපාරයේ කලක් සෝභිත හිමියන් සමග වැඩ කළ අය නො වූහ. රනිල් ප්‍රමුඛ එ ජා ප, දෙමළ ජාතික සංධානය, අවස්ථාවාදී චම්පක, සුදු කොඩි කතාව කියා ඊනියා යුද්ධාපරාධ කතාව ආරම්භ කළ වෙල් විදානේ, කසිකබල් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය කිහිප දෙනකු ආදීන් ගිනි පිම්බේ රටට ගින්දර දීමට පමණ ය. සෝභිත හිමියන්ට කොත්තු රොටියක් වළඳා පින් අනුමෝදන් කිරීමට සිදුවිය. 

රනිල් කිසි විටෙකත් විධායක අගමැති ධුරයට නොව අගමැති ධුරයටවත් නීත්‍යානුකූල ව පත් නො කෙරෙිණි. ඒසේ කිරීමට නම් මෛත්‍රිපාල තමන් ජනාධිපති ලෙස දිවුරුම් දුන් වහා ම කළ යුතුව තිබුණේ දි මු අගමැති ධුරයෙන් අස්කිරීම ය. එහෙත් ඔහු එසේ නො කෙළේ ය. අස්කිරීමේ ලිපිය අත්සන් කර ලිපිගොනුවකට දැම්මේ යැයි කියන කතාව අපි නො පිළිගනිමු. පසුව එවැනි ලිපියක් සකස්කර දි මු ජයරත්නට යවන්න ඇත. එහෙත් රනිල් අගමැති ධුරයෙහි දිවුරුම් දෙන විටත් දි මු මෙරට අගමැති ය. 

එසේ පික්පොකට් අගමැති ධුරයට පත්කෙරුණු රනිල් අද මෛත්‍රිපාල සමග විරසකයක පසුවෙයි. ඒ පාරලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙනි. මේ පිලිබඳ අපි කාලය වෙබ් අඩවියෙහි කිහිප වරක් සාකච්ඡා කෙළෙමු. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද කතාවෙන්නේ විස්ස හා විශ්වාසභංගය දඩමීමන් කරගනිමිනි. විස්ස සම්මත කර ගැනීමට නම් විශ්වාසභංග යෝජනාව අස්කරගත යුතු යැයි රනිල් පක්‍ෂ නායක රැස්වීමක දී කියා ඇත. ශ්‍රි ල නි පක්‍ෂය හා සංධානය (මෛත්‍රිපාල කණ්ඩායම හා අුශුද්ධ සන්ධානය නොව) විශ්වාසභංග යෝජනා (එකක් නොව කිහිපයක් ඇත) විස්සට පෙර ම විවාදයට ගැනීමට කටයුතු කළ යුතු ය. ඒ යෝජනා සම්මත කරගත් විගස ඔවුන් මෛත්‍රිපාලට අගමැතිකම නොලැබීමේ පළිය රටෙන් නොගෙන සංධානයේ අගමැති කෙනකු පත්කිරීමට බළ කළ යුතු ය. ඉන්පසු විස්ස සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රට අවුල් කරන මෛත්‍රිපාලට කිව යුතු ය. මේවා කිරීම කියන තරම් පහසු නොවන බවත් විවිධ කල්ලි ක්‍රියාත්මක වන බවත් අපි දනිමු. එහෙත් සංධානයට පැහැදිලි වැඩ පිළිවෙළක් තිබිය යුතු ය. 

සංධානය පිළිවෙළක් ඇතිව වැඩකරන බවක් හෝ රනිල් මෛත්‍රිපාල අශුද්ධ හවුලට එරෙහිව ප්‍රහාරාත්මක ක්‍රියා පිළිවෙළකට අවතීර්ණ වන බවක් හෝ නො පෙනෙයි. අර්ජුන මහේන්ද්‍රන් සිද්ධියේ දී ද ඒ බව පෙනී ගියෙ ය. අර්ජුන් මහේන්ද්‍රන් අඩුම තරමෙන් ද්විත්ව පුරවැසියකුවත් නො වේ. ඔහු ලංකාවේ පුරවැසියකු යැයි රනිල් පාර්ලිමේන්තුවේ දී බොරු කීවේ ය. මහේන්ද්‍රන් මෙරට පුරවැසියකුව සිටින්නට ඇත. (රනිල්ට සිංහල බැරි නිසා වචන පැටලිමක් සිදුවිණි දැයි නො දනිමු) එහෙත් ඔහු අද ලංකාවේ පුරවැසියකු නො වේ. ගෝඨාභය ආරක්‍ෂක ලේකම් වන විට ඇමරිකන් පුරවැසියකු විය. එහෙත් ඔහු සතියක් ඇතුළත ලංකාවේ පුරවැසිකම ලබාගත්තේ ය. අර්ජුන් මහේන්ද්‍රන්ට එසේ කළ නොහැක්කේ ඇයි? එවිට ඔහුගේ සිංගප්පුරු පුරවැසිකම අහෝසි වන බැවින් ද? අද සංධානය කළ යුත්තේ අර්ජුන් මහේන්ද්‍රන්ට සතියක් තුළ මෙරට පුරවැසිකම ලබාගැනීමට බල කිරීම ය. එසේ නොකළහොත් ඔහු අස්කිරීම සඳහා දැඩි උද්ඝෝෂණයක් ආරම්භ කිරීම ය. 

සංධානය ආරක්‍ෂකවාදී ප්‍රතිපත්තියෙන් ඈත් වී ප්‍රහාරාත්මක වැඩ පිළිවෙළකට සේන්දු විය යුතු ය. බටලන්ද, වෝටර්ස් එජ්, ප්රාජිත නැව් ගැලීම, රවි කරුණානායකගේ මගඩි, සිරිසේනලාගේ පමණක් නොව චම්පකලාගේ ද වැඩකිඩ, වෙල්විදානේලාගේ පාවාදීම් ආදිය ගැන දැඩි ප්‍රහාරයක් ඇරඹීය යුතු ය. මෛත්‍රිපාලට තව දුරටත් රට අවුල් කිරීමට ඉඩ දිය නො හැකි ය. 

නලින් ද සිල්වා


2006 ජූනි 04

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.