Breaking
24 Feb 2025, Mon

අගමැති කොමිසමේ පොට්ටයන්ට පෙනුනේ නැති-අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුව කොල්ල කෑ හැටි

තිස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේ ලංසු භාරගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ කිසිදු සෘජු දායකත්වයක්‌ නොමැති බවට රජය පත්කළ විමර්ශන කමිටුව ප්‍රකාශ කළත් එය අසත්‍යයක්‌ බව ද ඒ සඳහා මහ බැංකු අධිපතිවරයා සෘජුවම උපදෙස්‌ ලබා දී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ  ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

මේ අනුව එම චෝදනා එල්ල වූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව සිදු වූ දින මහ බැංකු අධිපතිවරයා අදාළ වෙන්දේසියට පෙර තවත් මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු සමඟ මහ බැංකු මූලස්‌ථාන ගොඩනැඟිල්ලේ 10 වැනි මහලේ පිහිටි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගොස්‌ ඇති අතර ඉන්පසු අදාළ ලංසු ද පරීක්‍ෂා කළ බව එම මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් පැවසේ.

ඉන් අනතුරුව රුපියල් බිලියනයක්‌ වෙනුවට රු. බිලියන 10 ක ලංසු පිළිගන්නා ලෙස උපදෙස්‌ දී ඇත්තේ මහ බැංකු අධිපතිවරයා විසින්ම බව ද වාර්තා වේ. මහ බැංකු අධිපතිවරයා එසේ රු. බිලියන 10 දක්‌වා වන ලංසු පිළිගන්නා ලෙස උපදෙස්‌ දුන් පසු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ එක්‌තරා නිලධාරියෙක්‌ පෙන්වා දී ඇත්තේ රු. බිලියන 10 ක වටිනාකමක්‌ දක්‌වා ලංසු පිළිගතහොත් පොලී අනුපාත ඉහළ යනු ඇති බවයි. ඒ බව නොතකා රු. බිලියන 10 ක ලංසු පිළිගන්නා ලෙස මහ බැංකු අධිපතිවරයා උපදෙස්‌ ලබාදුන් බව ද මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

මේ අවස්‌ථාවේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු ද සිට ඇත. එහෙත් එම දෙදෙනාගෙන් රජයේ නීතිඥ කමිටුව සාක්‍ෂි විමසා නැතැයි ද මේ අනුව මෙම කමිටුව පැහැදිලිවම මහ බැංකු අධිපතිවරයා මෙම අක්‍රමිකතාවට සම්බන්ධ නොමැති බවට තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියා කර ඇති බවට සාධාරණ සැකයක්‌ මතුවන බව ද එම ආරංචි මාර්ගවලින් තවදුරටත් වාර්තා වේ.

මේ අතර භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ ටෙන්ඩර් කමිටුවට සාක්‍ෂි ලබාදීම සම්බන්ධයෙන් යම් යම් බලපෑම් එල්ල වී තිබූ බව ද පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේ සියලු තීන්දු තීරණ ගත්තේ ටෙන්ඩර් කමිටුව විසින් බවටත් ඒ සඳහා මහ බැංකු අධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක්‌ නොමැති බවටත් තහවුරු වන ලෙස සාක්‍ෂි ලබාදෙන ලෙස එම සාමාජිකයන්ට උපදෙස්‌ ලබා දී තිබූ බව ද තවදුරටත් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අතර මහ බැංකුවේ ඉහළ නිළධාරියෙකු අප වාර්තාකරු සමග පවසා ඇත්තේ බැඳුම්කර නිකුතුවේ ලංසු භාරගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ   කිසිදු සෘජු දායකත්වයක්‌ නොමැති බවට රජය පත්කළ විමර්ශන කමිටුව කල ප්‍රකාශය  මහ බැංකු ඉතිහාසයේම තමන් ඇසු පට්ටම සුරංගනා කතාව මෙය බවයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.