Breaking
23 Feb 2025, Sun

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රැගෙන අර්ජුන,චන්ද්‍රිකා හමුවේ -යහපාලන අධිකරණය බල්ලට යයි

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාද කැටුව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමුවි තිබේන බව අප විශේෂ වාර්තාකරු පවසයි.

රාජපක්ෂලාට අවමන් කිරිම සදහා ගෙනයන කුමන්ත්‍රණයේ මෙහෙයුම භාරව සිටින හිටපු ජනපතිනි හමුවු අර්ජුන සහ ගිහාන්ට උපදෙස් ලබාදි ඇත්තේ රාජපක්ෂලාට ගැවුනු සැම අයෙකුම කුමණ හෝ පදනමකින් වරදකරුවන් කිරිම හෝ ඒ සදහා සාක්ෂි නැතත් රැස්කරන තුරු රිමාන්ඩ් භාරයට පත් කිරිමට කටයුතු කිරිම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

පසුගිය සන්ධාන රජයේ ප්‍රධානින් රැසක් ලගදිම අත් අඩංගුවට ගන්නා බවට පුවත් මැවිම පසුපස ඇත්තේද මෙම සාකච්ඡාවලදි ගත් තිරණ බවද අප වාර්තාකරු අනාවරණය කර සිටියා.

මේ අතර  පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාරට  දුරකථනයෙන් කතාකල චන්ද්‍රිකා කුමාරතුංග රාජපක්ෂලාට එරෙහිව චොදනා ගොනුකිරිම කඩිනම් කිරිමට උපදෙස් ලබාදි තිබේ.

පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා ඉක්මනින්ම් විශ්‍රාම ගන්වන බවත් ඉන්පසු රටේ පොලිස්පතිවරයා  තමන් බව මේ දිනවල  රවි වෛද්‍යලංකාර පිස්සුවෙන් මෙන් තැන…තැන… කියවමින් සිටි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.