LNN SPY

රේනෝගේ පාර්ලිමේන්තු සිහිනය බොඳ වේ-එජාපයේ නාම යොජනා විකුණු මන්ත්‍රින් රනිල්ට මාට්ටු

හිරූ නාලිකා ප්‍රධානි රේනෝ සිල්වා එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවට ඇතුල් කිරිමට රනිල් වික්‍රමසිංහ හා අගමැති මාධ්‍ය ප්‍රධානී සාගල රත්නායක සුදානමින් සිටියද සජිත් ප්‍රේමදාස ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සිය අකමැත්ත පලකර තිබේන බව වාර්තා වේ. 

එම අප්‍රසාදය දැක්විමත් සමග රේනෝ සිල්වාට නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය ඇති අතර එම අර්බුදය විසදා ගැනිම සදහා එජාප මහා ලේකම්  කබීර් හෂීම් සහ සාගල රත්නායක පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු සමග සාකච්චාවක් ද පවත්වා තිබේ.

ජනාධිපතිවරණ සමයේ කොළඹ ප්‍රදේශයේ ජිවත් වන ව්‍යාපාරිකයන් රැසකගෙන් විවිධ ප්‍රමාණයන්ගෙන් මුදල් ලබාගැනිමට එජාපයේ මන්ත්‍රීවරුන් රැසක් කටයුතු කර ඇති අතර ඒ සදහා ඔහුන් ව්‍යාපාරිකයන්ට පවසා ඇත්තේ මැතිවරණයේදි නාම යොජනා ලබා දිමට කටයුතු කරන බව සහ එජාප ජාතික ලැයිස්තුවට නම් ඇතුල් කර දිමට කටයුතු කරන බවයි.මේ වනවිට අදාළ පොරොන්දු ලද ව්‍යාපාරිකයන් රනිල් වික්‍රමසිංහ හමුවි තමන්ට නාමයෝජනා ලබාදෙන ලෙසට ඉල්ලා තිබෙන අතර නාමයෝජනා පෙන්වා මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් සහ ඔහුන්ට ලබාදුන් උදල් ප්‍රමාණයන් ගැන හෙලිකර තිබේ. යම් හෙයකින් නාමයෝජනා ලබාදිමට රනිල් අසමත් වුවහොත් ඒ සම්බන්ධයෙන් රටට හෙලිකිරිමටද එම ව්‍යාපාරිකයන් පිරිස සුදානමින් සිටින බව වාර්තා වේ.

Top