Breaking
24 Feb 2025, Mon

“ප්‍රා” නායක නිර්මාල් රටේ ජනයා ගොනාට අන්දන්න හදයි -නාමයෝජනා ගන්නටත් කලින් නලුවෙක් වෙලා

රටේ අධ්‍යාපණයට සියයට 6ක් වෙන්කර දිමේ සටන මියගියත් අත් නොහරින බවට මුසා වාදය පතුරවමින් මේ රටේ අහිංසක නිදහස් අධ්‍යාපණය ලබන දරුවන්ගේ කර මතින් දේශපාලනයට පැමිණ යහපාලනය ගොඩ නැගිම වෙනුවෙන් හිටගෙන කඩේ ගියද අන්තිමට සෝභිත හිමියන්ට මෙන් යන එනමං නැතුව සිටින තමන් පොරක් යැයි සිතාගෙන සිටින “ප්‍රා” නායක විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අද මාධ්‍ය සංදර්ශනයක් පවත්වා නැතිවි ගිය අවධාණය යලි ලබා ගැනිමට අසික්කිත උත්සහයක නියැලෙමින් සිටි.

ලග එන මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදිමේ අශාවෙන් පෙලෙන නිර්මාල් අද නොමිලේම ඇඩ් එකක් මාධ්‍යවල දා ගත්තේ අපේ රටේ කිසිවක් නොසොයන මොඩ පහේ ආණ්ඩුවට කඩේ යන මාධ්‍යකාරයන් සිටින නිසාමය.

කිරුළපන පැවති මැයි දින රැළිය නැරඹීමට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට කිසියම් පිරිසක් පහරදුන් බවත් යන්තම් මැරෙන්න ගොස් තම්න් බේරුනු බවත් මාධ්‍ය හමුවේ කිව්වේ මහත් අපහසු බවක් මුහුණේ මවාගෙනය.

ඇත්තටම එම ස්ථානයේ සිදුවුයේ කුමක්ද යන්න අප විශේෂ වාර්තාකරුවෙකු විසින් අනාවරණය කරගෙන තිබේ.නිර්මාල් සමගම් පැමිණි 4 දෙනෙකු ටික වෙලාවක් එම ස්ථානයේ කතාකරමින් සිට පසුව ඔහුන් 4 දෙනා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර ටික වෙලාවකින් නැවත් පැමිණි ඔහුන් එක වරම නිර්මාල්ට පහරදි තිබේ.එම අවස්ථාවේ ඒ අවට සිටි අයටද කිසිවක් සිතා ගැනිමට නොහැකි වි තිබේ.

අත උස්සා ආචාර්යවරයකු නොවුනා නම් නිර්මාල්යා යුත්තේ තමන් ඡන්දය ඉල්ලන්නට සිටින එජාප රැලියට හෝ නැතහොත්හදිසියේ හෝ එජාපය නාමයෝජනා නොදුන්නොත් ජාත්‍යන්තර වහලා වු මෛත්‍රීගේ රැළියටය.නමුත් බත් කන රටේ ජනතාව නිර්මාල් වැනි බත් නොකන එකෙකු කියින කතාවක් පිලිගන්නට සුදානම් නැත.

නිර්මාල් යනු 

“විශ්ව විද්‍යාල  සුද්ද කීරීමේ කාර්ය භාරවූයේ ප්‍රා  සංවිධානය හා අනුබද්ධ වූ  ස්වාධීන ශිෂ්‍ය සංගමය වෙතය.මෙහි ක්‍රියාකාරිකයින් සමහරෙක් ප්ලොට් සංවිධානයේ වව්නියා සන්නද්ධ නායක ටාසන් යටතේ නැගෙනහිරදී අවි පුහුණුවද ලබාගෙන තිබිණි.ස්වාධීන ශිෂ්‍ය සංගමයයේ සාමාජිකයන් අතර  නිර්මාල් රංජිත් දේවසිරි ,උපුල් ශාන්ත  සංනස්ගල,ශීරාල් ලක්තිලක වැන්නවුන්ද විය.කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යයකු වූ කරුනා‍සේන (කරුවා)  සිගරට් වලින් පුච්චා  මරාදැමුවේ සන්නස්ගල සහ  දේවසිරි බවට ඇස දු‍ටු  සාක්ෂි  විය.” වැඩිදුරටත් නිර්මාල් අධ්‍යයනය කරන්න – කියවන්න (වඳුරන්ගෙන් බන අසා ජේතවනයට ගල් ගැසුවෝ – 1)

තව දෙයක් ලියා තැබිය යුතුමය …..නිර්මාල්ලා ගුටිකන කොටම එවා ගැන මාධ්‍ය නිවේදන නිකුත් කරන්නටද මාධ්‍ය ගොබිලන් සිටි.ගුරුවරුන්ගේ අයිතින් වෙනුවෙන් පෙනි සිටින බව පවසමින් ගුරුවරියන්ගේ අනියම් පහස ලබන ජෝසප් ස්ටාලින් පසුගිය දින කිහිපයේම ස්වයං වින්දනයට පත්ව සිටි. ඒ ඔහු විසින් නිකුත් කරන ඇතැම් මාධ්‍ය නිවේදන හේතුවෙනි.

ජෝසප් ස්ටාලින් නම් ගැහැණු සොඬයාගේ මාධ්‍ය නිවේදනය පහතින් දක්වනුයේ ඔහු ගැන මැන ගැනිම සදහා පමණී.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට මහින්ද රාජපක්ෂගේ කුලී හේවායන් විසින් පහරදීම දැඩිව හෙළා දකිමු


රටේ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටපිටාව තුළ කිරුළපන පැවති මහින්ද රාජපක්ෂගේ කුලී හේවායන්ගේ මැයි දින රැළිය නැරඹීමට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයාට දැඩි ප‍්‍රහාරයක් එල්ල කිරීම ලංකා ගුරු සංගමය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකී. වාසුදේව නානයක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ වැනි වාමාංශික යයි කියා ගන්නා නායකයින් සමඟ විමල් වීරවංශ වැනි වර්ගවාදීන් විසින් මහින්ද රාජපක්ෂ බල ගැන්වීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස පැවති මෙම මැයි රැළිය නැරඹීමට ගිය ආචාර්ය නිර්මාල් රංජිත්ට ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් පැහැදිලි වන්නේ මහින්ද රාජපක්ෂගේ කුලී හේවායන් ඔහුගේ පාලන සමයේ පැවති ප‍්‍රචණ්ඩත්වය තවමත් අත් නොහැර ඇති බවයි. 


පොලිස් නිලධාරීන් විසින් ආචාර්ය නිර්මාල් රංජිත් මැරයින්ගෙන් මුදවාගෙන ජීප් රථයෙන් ගෙන යන අවස්ථාවේ දී ද ප‍්‍රහාරකයන් වියරු වැටී කටයුතු කොට ඇත. මේ වන විට ආචාර්ය නිර්මාල් රංජිත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර මැරයෝ තවමත් නිදැල්ලේ පසුවෙති. මහින්ද රාජපක්ෂගේ ක‍්‍රෑර ඒකාධිපතිත්වය තුළ බුද්ධිමතුන්, මාධ්‍යවේදීන් ඇතුළු පුරවැසියන්ට සිදු කරන ලද ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරාත්මක පාලනයේ ස්වරූපය ඔහුගේ කුලී හේවායන් තවමත් අමතක කර නැති බව මෙම ප‍්‍රහාරයෙන් තවදුරටත් පෙන්නුම් කරයි. 


ප‍්‍රහාරකයන් අත් අඩංගුවට ගැනීමට බල කිරීමටත්, මෙම ප‍්‍රචණ්ඩ සංස්කෘතිය පරාජය කිරීමටත්, විකල්ප මතධාරීන් බාහු බලයෙන් මර්දනය කිරීම පරාජය කිරීමටත් පෙරට පැමිණෙන ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන පුරවැසියන්ගෙන් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.


මෙයට,
        
ජෝසප් ස්ටාලින්        
ප‍්‍රධාන ලේකම්

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.