LNN SPY

මහින්දට දෙන්න එපා – මෛත්‍රීට ජාත්‍යන්තර බලපෑම් -මෛත්‍රී දෙකට නැමේ

මහින්ද රාජපක්ෂ මහාතාගේ දේශපාලන ගමනේ ආරම්භය සම්බන්ධයෙන් බොහො දේනේකු අතර පවතින ගැටලු වලට ඉදිරි දින කිහිපය තුල විසදි යනු ඇති බව අප විශේෂ දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.මේ වනවිටත් ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය පියවර සියල්ලම සකස් කර තිබේන අතර නියම වෙලාවට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා තිබේ.

මේ අතර ඉදිරි මහ මැතිවණයට තරඟ වැදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රීලනිපයෙන් හෝ සන්ධානයෙන් නාම යෝජනා ලබා දිමට නම් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට නාමයෝජනා නොදි සිටිමට මහින්ද කටයුතු කල යුතු බවට මෛත්‍රී මහින්දට ඉදිරිපත් කල කොන්දේසිය මහින්ද සම්පූර්ණයෙන් ප්‍රතිකේෂ්ප කර තිබේ.

තමන් කිසිදවසක පාවාදීම් සදහා කටයුතු නොකල අයෙකු බවත් තමන් වෙනුවෙන්,රටවෙනුවෙන් දිවි දේ වැනි කොට කටයුතු කල කිසිවෙකුට තමන් කිසිදිනක ද්‍රෝහි වි නැති බව මහින්ද මෛත්‍රීට දැනුම් දි තිබේ.

තමන්ට මේ වනවිටත් ඇමරිකාව,එංගලන්තය,ඉන්දියාව ඇතුලු ජාත්‍යන්තරයෙන් මහින්දට නාමයෝජනා ලබාදිමට කටයුතු නොකරන ලෙස ඉල්ලා බලපෑම් එල්ල වන බවත් එම නිසා හිටපු ජනපතිට නාමයෝජනා ලබා නොදෙන බව ජනපති සිරිසේන ස්ථිරවම ප්‍රකාශ කර ඇති බව ජනාධිපතිගේ සමීපතමයින් සදහන් කළා.

කෙසේවෙතත් පවතින ව්‍යාකූල තත්ත්වය මගහැර ඉදිරි මහ මැතිවණයට සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ‍්‍රිලනිපය හා සන්ධානය හැර වෙනත් පක්‍ෂයකින් ඉදිරිපත් වීමේ වැඩි ඉඩක් නිර්මාණය වී ඇතියා දැනගන්නට තිබේ.

Top